ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාපති ජගත් සමන්ත පෙරේරා ව්‍යාජ ඔප්පුවකිවන් රජයේ දේපළ විකුණා ඇත්නම් පොදු දේපළ පනත යටතේ නඩු නොපැරවීම හාස්‍යයට කරුණකියි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහගා පැමිණිල්ල ඉදිරිපත් කළ රහස් පොලීසියට දැන්වීය.
කල්පිටියේ අක්කර 48 ක රජයේ ඉඩමක් රුපියල් කෝටි පහකට බෙල්ජිම් ජාතිකයකුට විකිණියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනෙක් ලබන 6 වැනිදා තෙක් යළි රිමාන් කරනු ලැබුහ.
රිමාන්ඩ් කළ සෙසු දෙදෙනා වනුයේ කල්පිටියේ ලක්ෂ්මන් ප්‍රනාන්දු හා ඊබ්‍රහිම් ෆයිනස් ය
මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි පනහකියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම පොලිසියකටම දක්ෂ නීතිඥයෙකු බැගින් බදවා ගත යුතුයි යැයි මම යෝජනා කරනවා. ඔහු මගින් නිසි පරිදි කරුණු ගොනුකර උසාවි දැමීම ප්‍රයෝජනවත් වේවි (නි)
නුවන් , මේක මහා පරිමානෙන් සිද්ද වෙනවා. නැගෙනහිර කැලවල් මෙහෙම අල්ලන නිසා තමයි අලි වලස්සු ගම් වලට පනින්නේ. මේක විසදන්න පියවර නොගත්තොත් ත්‍රස්තවාදෙට වඩා විනාසයක් රටට වෙනවා. (අ)
ස්තුතියි. (නදී)
අපේ මිනිස්සුන්ගෙත් වැරදි. ඡන්දයක් දෙන විට බලන්නෙ පොදු ජනතාවට සේවය කරන මනුස්සයෙක් යවන්න නොවෙයි, තමන්ට විතරක් උදව් උපකාර ගන්න පුළුවන් මැර තක්කඩි යවන්නයි.(නදී)
සත්‍යා, ඔබගේ විචිත්‍ර වූ තිළිණයට ප්‍රණාමය!!! (අ)
හත්වලාමේ, රුපියල් කෝටි පනහේ ඉඩම රුපියල් කෝටි පහට අලවි කරලලු, (නදී)
විරුද්ධ පක්ෂයක විත්ති කරුවෙකුට නම් බලන්න තිබුන මේවට රහස් පොලිසිය උනන්දුවෙන්, යුහුසුලුව කරයුතු කරන ආකාරය. මේ තත්වය පවතින නිසා තමයි අද මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ,කුඩු ජාවාරම් කරුවෝ, සහ වෙනත් අපරාධ කරුවෝ හිනාවෙවී පොලිසියට සහ උසාවියට එන්නේ. සහ නිර්භයව මෙවැනි අපරාධ ක්‍රියාවන්ට පෙලබෙන්නේ. (නදී)
විරුද්ධ පක්ෂයක විත්ති කරුවෙකුට නම් බලන්න තිබුන මේවට රහස් පොලිසිය උනන්දුවෙන්,උහුසුලුව කරයුතු කරන ආකාරය.මේ තත්වය පවතින නිසා තමයි අද මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ,කුඩු ජාවාරම් කරුවෝ,සහ වෙනත් අපරාධ කරුවෝ හිනාවෙවී පොලිසියට සහ උසාවියට එන්නේ.සහ නිර්භයව මෙවැනි අපරාධ ක්‍රියාවන්ට පෙලබෙන්නේ. (අ)
දේශප්‍රේමීන්ට මෙහෙම උදව් නොකර බැහැනේ.මේ අය වෙනුවෙන් පොලිසිය මෙලෙස ක්‍රියා කරන බවට විස්වාශයක් අපරාධ කරුවන්ට තියෙනවනේ.නැතිනම් ඔවුන්ට උසස්වීම් නැතුව දුෂ්කර පළාත් වලටනේ යන්න වෙන්නේ.පොලිසිය අසරණයි.මග සිටියොත් තෝ නසී...ගෙදර ගියොත් අඹු නසී...මේ මාතෘ භූමියට ආදරය කරනවා කියන ඊනියා දේශප්‍රේමීන්ගේ දෙබිඩි පිළිවෙත මේක තමා.(අ)
දේශප්‍රේමීන්ට මෙහෙම උදව් නොකර බැහැනේ. මේ අය වෙනුවෙන් පොලිසිය මෙලෙස ක්‍රියා කරන බවට විස්වාශයක් අපරාධ කරුවන්ට තියෙනවනේ. නැති නම් ඔවුන්ට උසස්වීම් නැතුව දුෂ්කර පළාත් වලටනේ යන්න වෙන්නේ. පොලිසිය අසරණයි. මග සිටියොත් තෝ නසී...ගෙදර ගියොත් අඹු නසී...මේ මාතෘ භූමියට ආදරය කරනවා කියන ඊනියා දේශප්‍රේමීන්ගේ දෙබිඩි පිළිවෙත මේක තමා.(නදී)
මේ ප්‍රාදේශීය දේශපාලන බලාධිකාරය කරන නොපනත් කම් නිසා වෙන්නේ බිම් ගත දේශපාලන ක්‍රියාකාරී කොටස් කලකිරීමට පත්වීමයි. තීරණාත්මක ජාතික මැතිවරණ වලදී අනිවාර්යයෙන්ම වැඩි අවාසියක් පැවැති රජයන්ට අත් වීමේ සම්භාවිතාවක් අතීත මැතිවරණ ප්‍රතිපල වලින් වැඩි වශයෙන් පෙන්නුම් කර ඇත. මෙකී තත්වය විශෝධනයකට ලක් කිරීමකට අවශ්‍ය ක්‍රියා මාර්ග ඉක්මනින් නොගත හොත් පාලක බලධාරීන්ට සහ පාලිතයන්ට ද තම ලාබ අලාබ ගිණුම තුලනය කර ගැනීම අසීරු වන බව නම් පැහැදිලිව පෙනෙන්නකි. (නදී)
කල්පිටියේ අක්කර 48 ක් කෝටි 50 ක් වටිනවා කියන‍්නේ ලොකු ගාණක් නේද? (නි)
ජනතාවට සේවය කිරීම සඳහා ඉදිරිපත්වී ජනතා ඡන්දයෙන් තේරී පත්ව අපරාධ සහ දුෂණ වැරදි වැඩවල යෙදෙන මෙවන් පුද්ගලයින් සඳහා පොදුවේ සාමාන්‍ය දඬුවම වසර 100 ක සිර දඬුවම ලෙස නීති ගත විය යුතුයි. (ස)
එතකොට බෙල්ජියම් ජාතිකයට මොකද වෙන්නේ, ඔහුගේ මුදල් ඔහුට ආපසු ලැබෙනවද? නැතිනම් ඉඩම් ලැබෙනවද ? (නදී)
ස්වාධීන පොලිස් කොමිසම අහෝසි කරලා. පොලිසියට ස්වාධීනව තම රාජකාරිය කිරීමට වාතාවරණයක් රටේ නැහැ. කුඩු ජාවාරම් කරුවෙක් ඇල්ලුවොත් පවුල පිටින්ම කපා කොටා මර මරා දමනවා. සුදු පොලක් වැටලුවොත් ඒ අය මාරුකරනවා. මොකද මේ ක්‍රමය දම්වැලක් පුරුක් මෙන් එකිනෙකට සම්බන්ධව පවතින්නේ. හැමෝටම මේ අකටයුතු කම්වලින් උපයන ප්‍රතිලාභ බෙදී යනවා. (නදී)
සිංහගේ කතාවේ අන්තර්ගතය වගේම භාෂා ශෛලියත් මා ඉතාමත් අගය කරනවා. මේ තරම් ලස්සනට සිංහල භාෂාව හැසිරවූ විට කියවන්නත් ආශා හිතෙනවා. (නි)
දැන් නම් ලංකාවේ තත්ත්වය ක්‍රි.ව.1017 කාලිංග,මාඝ වැනි චෝල ආක්‍රමණිකයන්ගේ කාලයට සමානයි. (නි)
කාටද ආඩම්බර? (නි)
රහස් පොලිස් නිකං හොරා පොලිස් වගේ නේ (නදී)
කතාව ඇත්ත. පොදු දේපල පනත යටතේ අවශ්‍ය ප්‍රතිපාදන තියනවා. (නදී)
රහස් පොලිසියට අවංකව රාජකාරිය කරන්න බැරුව ඇති දේශපාලන බලපෑම් නිසා . අර සුපිරි සුදු ( කැසිනෝ ) එක වටලපු අයට සිදු වන දේ දන්නා නිසා බැනුම් අහන්නේ පොලිසිය . ඔවුන් අසරණයි අද කාලයේ දේශපාලන බලපෑම් නිසා.(නදී)
ලංකාව ජීවත් වීමට සුදුසු රටක්ද? (නදී)
ඔය කියන රජයේ ඉඩම වික්කයි කියල කියමුකෝ. ඒ උනත් ලංකාවේ ඉඩම් විදේශිකයන්ට විකුණන්ට පුලුවන්ද කියලා ඕක ලියපු නොතාරිස් හෝ ඉඩම් ලියාපදිංචි කරන කාර්යාලයේ කට්ටියට තේරුනේ නැද්ද ..? (නදී)
මෙය මොවුන්ගේ ප්‍රථම සහ අවසාන වංචාව නොවන බව පැහැදිලිය .අයියලා මල්ලිලා ගේ හොර වැඩ හරියට හොයනවා නම් දෙන්නම දැන් ඉන්න ඕක ඇතුලේය. (නදී)
ඉඩම අයිතිකරු ලෙස සිටියේ කවුද? (නි)
අද කාලේ පොලිසි වලට දේශපාලන බලපෑම් ඇතුළු වෙලා (නි)
වැරදිකරුවන්ට දඩුවමක් ලබාදී එම දේපල මහජන ප්‍රයෝජනය සදහා ලබාදී නඩුව ඉක්මණින් හමාර කරන්න. (නි)
මේ සියලුම ප්‍රදෙසිය සබැ විසුරුවා හරිය යුතුයි.මේ ඔක්කොම හොර තක්කඩි, කුපාඩි ,මිනීමරු,ස්ත්‍රී දුෂකයින්ට කැළේ නීතියෙන් දඩුවම් දියයුතුයි.භයානක වුනත් එදා දෙශප්‍රේමි ජනතා වියාපාරයේ අගය දැන් ජනතාවට වැටහී ඇත, (අ)
ඔය කියන විදියට ලගදී පිලියන්දල සමාන අංක දෙකකින් ත්‍රීරෝධ දෙකක් ධාවනය කරපු හොර ගරාජ හිමියකුට පොඩි දඩයක් ගස නිදස්කර ඇත. සොයන්න මෙය ගැන (අ)
රහස් පොලිසිය, රහස් වැඩක් වගේ කරලා තියෙන්නේ (නි)