
(නයනජීව බන්ඩාර සහ අයි. ආර් ඉන්දික)
වැල්ලවාය නගරයට ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවක් පොලිස් නිළධාරීන්ට තියුණු ආයුධයකින් පහර දී, පළායාමට තැත්කළ අවස්ථාවේ පොලිසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ,වැල්ලවාය මහවෙළමුල්ල ප්‍රදේශයේ පදිංචි, මහවෙළමුල්ලේ සාන් සුද්දා නොහොත් සමිපත් කුමාර නැමැත්තෙකි.
පොලිසිය පවසන්නේ, සැකකරු ප්‍රදේශයේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවයි.එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු විවිධ අපරාධ සම්බන්ධයෙන් මෙි වනවිට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව නඩු රැසක් විභාග වන බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd