මහවැලි ගඟේ ගැටඹේ වරාතැන්නේ ගඟ මැද හක්කිඳ දූපතක පෞද්ගලික විදුලි බලාගාරයක්, සංචාරක හෝටලයක් ඉදිකිරීමට යතියි ගැටඹේ වරාතැන්න ප්‍රදේශවාසීහු ද, පාරිසරික සංවිධාන ද විරෝධය පළ කරයි.
ගල් දෙබොක්කාවකින් ජලය ගලා යන ස්ථානයක මෙම හෝටලය ඉදිකිරීමට යන බවත්, හක් පිඹින හඬක් එම දෙබොක්කාවෙන් ඇසෙන නිසා හක්කිඳ යනුවෙන් එම ප්‍රදේශය හැඳින්වෙන බව ද කියති.
ලෝකයේ අතිශය දුර්ලභ මාළුවකු වන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික කොළ ගඩයා සිටිනුයේ ද මේ ප්‍රදේශයේය. එහි ගඟ මැද දූපත් සංඛ්‍යාව 20ක් පමණ වේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසනුයේ ගංගා, එහි ජලය, ඉවුරු ඇතුළු පෝෂක ප්‍රදේශ පොදු දේපළ බවයි.
පේරාදෙණිය සරසවියේ සත්ත්ව විද්‍යා අංශයේ ආචාර්ය සුධර්මා යටිගම්මන මහත්මිය පවසනුයේ වසර කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව ගලාගෙන යන ගඟ වසරකින් දෙකකින් විනාශ කළ හැකි නමුත් එය නැවත කිසිදා යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සන් දේශපාලනයට ආවම ඔය වගේ වැඩ සිදු විය හැකියි (නි)
මෙම ස්ථාන වල කසිප්පු පොළවල් සහ තවත් හෝටල් අනවසරයෙන් ගඟ මැද කාලයක සිට පවත්වාගෙන යනවා. ගඟ අයිනේ ගෙවල් තනාගෙන හිටිය දුප්පත් වැසියන්ට දැන් ඒ පලාතෙන් ඉවත් වෙන්න කියලා. නමුත් අර ගඟ මැද හෝටල් පවත්වාගෙන යන අය නම් තාමත් රජ කරනවා. ගඟ සිරි නරඹන්නට ගැටඹේ දෙවියන් රාජසින්හ මාවත දිගේ ගොස් ගම්වැසියන්ගෙන් විමසු විට අසන ලද විස්තරයක් තමා මම මේ ලියලා තියෙන්නේ. මේ පාරේ යන විට ගඟ ලස්සනට අතු බෙදිලා දුපත් රාශියකින් අලංකාර වෙලා. ආදී කාලේ ගත්ත පින්තුර තාමත් මගේ ළඟ තියෙනවා. මේ අපේ ජාතික සම්පත් වනසන්න ඉඩ දෙන්න එපා. (නි)
ජාතිකත්වය, සංස්කෘතිය, ස්වභාව ධර්මයා, මනුස්සකම ලංකාවෙන් තුරන් වෙමින් පවතින බවත් වනසංහාර කරන රටවල් අතරින් ලංකාවද ඉහලම ස්ථානයක සිටින බව තතුදත් ආරංචි වලින් කියැවේ. (නි)
ඕක මොකක්ද? දැනටමත් සිරි ලංකාවේ සියලුම පන්සල් වල නිදන් ටික අපේ කට්ටිය හමුදා ආරක්ෂාව මැද්දෙම අරගෙන ඉවරයි නේද? ඒ අපේ ආශ්චර්ය මත දේශයේ හැටි. (නි)
මේ හරියට මිනිස්සු දික්ගල කියලත් කියනවා. ගල් තලාවලින් අලංකාර වී දුපත් රාශියකින් සමන්විත මහවැලිය අපේ ජාතික සම්පතකි. පැරණි කට කතාවක් තියෙනවා රාජසිංහ රජ දිය නෑමට ආවා කියලා. ඒ වගේම රහසිගත උමගක් තියෙනවලු ඔය කියන පළාතේ.අනේ මගේ මහවැලියට වෙන විනාසේ? (නි)
පරිසර සුන්දරත්වයට බාධා නොවී ඉදිකළාට කමක් නැහැ. රැකියා අවස්ථා උදා වේවි. ප්‍රදේශය දියුණූ වේවි (නි)
හෝටලේ හැදුවට පස්සේ බලාගනිමු (නි)
සිරිපාලට ගතම් එකක් ලැබෙනවා නම් ඕනෑ වැඩක් කරයි වගේ (දී)
ලංකාදීපයට ස්තුතියි මෙම පුවත පල කළාට. ඔය පළාතේ තමයි තියෙන්නේ යුද්ද කාලේ මිය ගිය විදේශික භටයන්ගේ සොහොන්. එතනට පල්ලෙහා තියෙන ගඟ වැටියේ හෝටල් ගහලා පරිසරය දුෂණය කරලා තියෙන්නේ කාගේ අනුමැතියක් අනුවද? ජාතික සම්පත් රකිමු. (නි)
සිගිරිය උඩත් හරිම ලස්සන තැනක් හෝටලයක් හදන්න. සංචාරකයින් ආකර්ෂණය කළහැකියි. මහවැලි ගංගාව මැද කැසිනෝ සහිත හෝටලයකට නියම තැන. හෝර්ටන් තැන්නේ බේකර්ස් දියඇල්ලට ඉහලින් තව එකක් හදන්න හොඳයි. ආදී ලෙසට තව නොබෝ දවසකින් රට බාරගන්න ඉන්න තරුණ පිරිස වගේම මෙහි අදහස් ලියන අයත් කියනවා ඇත. එසේම සිදුවනු ඇත. වාසනාවට අපි මෙලොව නැත. (නි)
බණ්ඩා මල්ලියේ, ඔයාට අතීතය අමතකද?නැත්නම් ඒ කාලේ හිච්චි කොලුවද? කන්ඩලම හෝටලය හදනකොටත් කිව්වේ " පස්සේ බලාගනිමු" කියලා නේද? (නි)
කරන්ඩ තියන එකම දේ ගම්වැසියන් සියලු දෙනම එකතු වී පහර දී හෝ හෝටල් හදන එන අයව පලවා හැරීමයි (නි)
දෙවෙනි රාජසිංහ මාවත දිගේ ටික දුරක් යන විට ගඟ අයිනෙම සල්ලිකාර මුදලාලිලා හෝටල් ගහලා. නමුත් අර දුප්පත් මිනිස්සු ඉඩම් නැති නිසා ගඟ අයිනේ ගෙවල් තනාගෙන ඉන්නවා. ඉතින් ඒ අයව ඉවත් කරන වැඩ සටහනක් යනවා. ඒවා එහෙම නම් අර දුපත් වල හෝටල් හදන්න ඉඩ දෙන්නේ ඇයි? (නි)
හොඳ හෝටලයක් හදන්න නම් කමක් නැහැ. එදා කන්දලම හදද්දී කැගහපු අය අද පවුල් පිටින් යනවා එහි ලගින්න. පරිසරයට අවම හානියක් ඇතුව හෝටල් හදනවට බොරුවට විරුද්ධ වෙන්න එපා. හෝටලය හදමු අහිතකර නම් අම්බලමක් කරමු. ගඟ අයිනේ ඇති මුඩුක්කු වැනි අනවසර ඉදි කිරීම් කෙසේ හෝ අයින් කල යුතුයි. අපි රටට කුහකයෝ නොවෙමු. ඔය පාරිසරික කට්ටියට අර තේ වතුවල ගස්කපන එක,අභය භූමි තුල අධිවේගී මාර්ග ඉදිකරන එක පෙනෙන්නේ නැද්ද? (නි)
නීතිය ක්‍රියා කරන හැටි වැරදි නම් දැන් තියෙන්නේ අතට අහුවෙන එකක් අරන් නීතිය ක්‍රියාත්මක කරන එකයි. මොකද දැන් අපේ රටේ නීතියක් නැහැ. (අ)
මේ පින්තුර වල පහළින්ම තියන පින් තුරය හරියට අර කියන දික් ගල වගේ. සුරකිමු අපි අපේ ජාතික සම්පත්. (අ)
දේශපාලුවන්ගේ කොන්ද කඩන්නට නම් පළමුවෙන් කටු කන බල්ලන් ගේ කොන්ද කඩා දමමු. කටු කන බල්ලෝ නම් දේශපාලුවන්ගේ සහයට යන ආධාරකරුවෝය. ජනතාව නිකන් බලා හිටියා මදිද? දැන් ඩෙංගු, වකුගඩු රෝග. ඒත් මදිද?බී ටී අයි බැක්ටීරියාව කෝ? (නි)
මේ ප්‍රතිචාර බැලුවොත් ලංකාවේ හෝටලයක් හදන්න තැනක් නැතිවෙයි. ගඟ මැද දුපත් අයිති රජයට. එවැනි දුපත් 20 ක් තිබෙනවානම් ඉන් එකක රජයේ නීතිමය අවසර ඇතිව හා පරිසර ගැටළු පිලිබඳ පාලනයක් ඇතිව හෝටලයක් ඉදිකිරීම වරදක් නොවෙයි. සත්ව විද්‍යා ආචාර්ය වරිය කියන විදිහට අවුරුදු කෝටි ගානක් එකම තැනින් ගඟක් ගලන්නේ නැහැ. ලංකාවේ කොතනත් එක්කෝ අවේනික ශාක, සතුන් නැතිනම් ආගමික හෝ පුරාවිද්‍යා නටබුන්. ඔය හැමදේම බැලුවොත් රට එකතැන පල්වෙයි. හෝටලයට ගොස් ඕනෑම කෙනෙකුට පරිසරය රසවිඳිය හැකි නිසා පොදු දේපොළ පිලිබඳ ගැටළුවක් ඇතිවන්නේ නැහැ.(අ)
අපේ රටේ දේවල් මෙහෙම නාස්ති වෙන්න දෙන්න බැහැ (දී)
මට කියන්ට අමතක වුණා , ඔය සමහර ගඟ ආශ්‍රිත හෝටල් වල දොරවල් ගම්වැසියන්ට වැහිලා. පිට පළාත් වල මිනිස්සු තම වැඩ කරන්නේ. එත් ගිය අවුරුද්දෙ ඔය හෝටලයක් ගිනි ගත්තම ගම වෙසියෝ හරියට මහන්සි වුණ ගින්න නිවනට. ඉතින් ඔය හෝටල් ගහල පරිසරය විනාශ කරලා ගම වැසියන්ටත් තැනක් නොදී සල්ලිකාර මුදලාලිලා තර වෙනවා.(අ)
නිසල් ගේ කතාව හරියට හරි. බටහිර සංස්කෘතිය ඕන කරන අය එම බටහිර රටවල් වලට ගියාම ඉවරනේ. අපේ බෞද්ධ සංස්කෘතිය අපට වටිනවා. බලන්න මාල දිවයින් සංචාරක ව්‍යාපාරය කරන හැටි තමුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන. (අ)
මේ දුපත් වල කුරුල්ලෝ ආදී සතුන් හරියට ඉන්නවා. මුළු මහනුවරම ගෙවල් වලින් පිරිලා. අද සත්තුන්ට යන්ට තැනක් නැහ. දැන් ඉතින් කුරුල්ලන්ටත් වෙන්නේ මහා නස්පැත්තියක්. ඔය කියන දුපත් අක්කර ගණන් විශාල නැහ. ඒ නිසා නොදන්නා අයගේ ඇස ඇරෙත්ව.(අ)
අනේ රට කාල ඉවර වෙන්නේ කවදද දෙවියනේ. (අ)
පලවෙනි වැරැද්ද ඡන්ද හිමිකම හැම එකටම ලැබීම. දෙක දේශපාලනයට එන්න සුදුසුකමක් නොමැවිම. තුන ඡන්දෙ දෙන උන්ට මොලේ නැතිවීම.
ගංගාවකට ඉවුරු දෙකක් තිබේ. මෙහා ඉව්රේ සිට ගංවතුරෙන් කෙත් වතු යට වෙන විට මිනිසුන්ට උදව් උපකාර කරමින් ඔය ගගටම ඥාතීන් සහ හිත මිතුරන් බිලි උනාම අසරණ වුණ මෙගොඩ වැසි මම දැන් මහලු වීයේ. ඉඩම් ඔප්පු විස්තර වාර්තා කරන්ට මහා ලේකම් කාර්යාලයට යන්ට මට වාරු නැත. දුක්පත් කමට මහවේලි ඉඩම් වල අනවසරයෙන් පදිංචි මිනිසුන්ට යන්ට කියල තිබෙන බව ඒ මිනිස්සු කියනවා. අතීතයේ සිට ඔය කුඩා දුපත් / දික්ගල වතුර නැති කල තරගයට සුළු කාලයක් තුල තරණය කල වයස් ගත අපි ජාතික සම්පත් විනාස වෙනවට විරුද්ධය. ඒ කලේ පොලිස්සිය නිතරම පනිනවා ඔය දුපත් වලට කස්සිප්පු අල්ලන්ට. මම නොදැන කතා කරනවා නොවේ. එක දුපතක හෝටලයක් ගැහ්සුවම අනික් දුපත් ටිකටත් ඒ නීතියම නේද. නිතිය කටත් එකය් නේද. ඕව වෙනුවෙන් මිනිස්සු කලබගැනී කරලා අපි තව ආපස්සට ගමන් කරයි . තරුණ ඔබ ඉදිරියට පැමිණ හෙට වෙනුවෙන් ජාතික සම්පත් රැක ගන්න. මෙගොඩ ඉන්න දුප්පත් මිනිස්සුන්ට අන්තර්ජාතික පහසුකම් නැති නිසා මම මෙය ලියමි. ඔබ සැමට තෙරුවන් සරනය්-දළදා සමිදු පිහිටයි (අ)
මෙවැනි දේ කරන්න ඉස්සෙල්ල හොඳ භූ විද්‍යාත්ත්මක පරීක්ෂණ කරන්න ඕන, ඔය බිබිලේ පැත්තෙන් පොලව මතුපිටට එන වතුර, ගංගා වල දෝන වලින් තමඊ භූ ගත ගංගා ලෙස ගලා යන්නේ, ඉතින් ඔය මහා ගංගාවල් එහෙ මෙහෙ හරස් කරාම භුමි අන්ධරයේ මොනවා වෙනවද දන්නේ නෑ. මෙවැනි නොසොයා බලා කරපු ක්‍රියා නිසා සමහර රටවල ප්‍රදේශ කාන්තාර වෙලා තියෙනවා. (අ)
පළාත් සහ ස්වභාවික සම්පත් වල වටිනාකමක් නොදැන අදහස් දමන 'රට එක තැනක පල්වෙය්' කියන ප්‍රතිචාරය මෙහමත් කියනවා. 'හෝටලයට ගොස් ඕනෑම කෙනෙකුට පරිසරය රස විදිය හැකි නිසා පොදු දේපල පිළිබද ගැටළුවක් ඇති වෙන්නේ නැහ' ඉතින් දුප්පත් මිනිසා ඔය හෝටල් වලට යනවද පරිසරයේ රස විදින්ට. ඔය අවට ගම වැසියන්ගේ සහ ඔබගේ ජාතික සම්පත් විනාස වෙන ඔය කාර්යට සහය දෙන ඔබ හෙට ඔබගේ දරුවන් ගැන නොසිතයි (අ)
හොඳ හෝටලයක් හදන්නනම් කමක් නෑ. එදා කන්දලම හදද්දී කැගහපු ය අද පවුල් පිටින් යනවා එහි ලගින්ද. පරිසරයට අවම හානියක් ඇතිව හෝටල් හදනවට බොරුවට විරුද්ද වඳ එපා. හෝටලය හදමු අහිට කර නම් අම්බලමක් කරමු. ගඟ අයිනේ ඇති මුඩුක්කු වැනි අනවසර ඉදි කිරීම් කෙසේ හෝ අයින් කල යුතුයි. අපි රටට කුහකයෝ නොවෙමු. ඔය පාරිසරික කට්ටියට අර තේ වතුවල ගස්කපන එක,. අභය භූමි තුල අදිවේගී මාර්ග ඉදිකරන එක පෙන්නේ නැත්ද ,(අ)
ඔය වැඩේ පිටිපස්සේ කවුරු හරි දේශපාලුවෙක් ඇති. අනේ රටට ගිය කලක්?උඩ ඉන්න දෙවියන්ට තමයි. ( ඔය ලොක්කන්ට මුහුද ගොඩ කරන්න අදහසක් නැති වෙයිද ?) (දී)
මේකත් ලොකු දේශපලුවෙකුගේ වැඩක්. මුන් ඔක්කොම රට කනවා. රටේ මිනිස්සු තවමත් බුදි . නියමඊ , ආසියාවේ අස්චර්යය (අ)
රජයේ අවසරය නියමිත පරිදි ගන්නවා නම් ලංකාවේ සුන්දර තැන අනිවර්යෙන්ම සංචාරක කර්මාන්තයට ප්‍රයෝජනයට ගත්තට කමක් නැහැ. අපි දැන් දූපත් ප්‍රයෝජනයට ගත යුතුයි. හැම දෙටම් බොරුවට විරුද්දවන්නෝ ලංකාවේ වැඩියි. අපි රජයේ ප්‍රති පතින්ට අන්කුලතාවය දක්වමු.(නදී)
නිශ්ශංක කියලා කියෙන දෙයට ඇරෙන්න වෙන දෙයක් කියන්න නැහැ මටත්.බෝඩ් එල්ලගෙන විරෝධය පාලා ආයෙත් මේ ඕලමොට්ටලයන්ව පාර්ලිමේන්තුවට යවන අයනේ ලංකාවේ ඉන්නේ. (අ)
අපිට නම් හෝටල් හදනවා තිය වේලක් හැර වේලක් දරුවන්නට කන්න දන්නෙත් බොහෝම අමාරුවෙන්.(අ)
සෑම්.මිනීමරු ප්‍රභාකරන් මරුන දවසේ ඉදලාම තමා අපේ රටට මේ විනාසය කරන්න පටන් ගත්තේ.දැන් එතින් මරණ බයක් නැති නිසා රටට විකුනම් කනවා.සෙඛ්‍ය පාවා පවා විකුනම් කනවා. (අ)
හොඳ තැනක් නම් වැඩි දියුණු කරලා සාමාන්‍ය ජනතාවට, පාසල් ළමයින්ට නරඹන්න සලසන් එකේ වරදක් පෙන්නේ නැ. කොළඹින් අධ්‍යාපන ගමනක් නුවරට අපුවහම බලන්න වෙලාව තියෙන්නේ සීමාසහිත තැන් ටිකක් විතරයි. (ත)
කොළ ගොඩයා විනාශ වෙන්න කලින් අපේ ජාතිය විනාශ වෙන්න ඉඩ තියෙනවා. මේ පාරිසරික සංවිධාන වලට ඕනේ කීයක් හරි ගන්න. කවදාවත් හොද හෝටල් කලමනාකාරිත්වයකින් පරිසරයට හානියක් කරන්නේ නැහැ. තවත් සංරක්ෂනය වෙනවා ඇරෙන්න.(නදී)
ඩයස් ,නුවන්,ඔබ හා මම එකගයි.කන්ඩලමට එරෙහිව කැම්පස් එකේදී දැඩිව උද්ගෝෂණය කල අයෙක් මම,අද එයට විරුද්ධ වුනු ඇතැමුන් එහිම ප්‍රතිලාභ ලබනවා.එදා සරසවි සිසුන්වූ අපිකල මෝඩකම අද සිහිවෙන්නේ මහා ලැජ්ජාවක් එක්කයි.කන්දලම හෝටලයෙන් පරිසර හානියක් නොවූ බව ලගකදී එහිගිය මං දැක්ක.(අ)
රටක සුන්දර පරිසරය තවත් අලංකාර වත් කරන ඉදිකිරීම් තුලින් දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය මැනවින් ලැබුවහැකි.එය ලෝකයේ බොහෝ රටවල කරලා තියෙනවා.නැතුව හැම දෙකටම" පරිසර දුෂණය "කියල කෑ ගහන්නේ නැතුව පරිසරය සුරැකෙන්න ගතයුතු පරයෝජන ගන්න ඕන.කණ්ඩලම හොද උදාහරණයක්. (අ)
සනත් ඉන්දික ඉතාලිය,ටෙනිසන්,තිසල්.ඔබලාගේ කතාව සහතික ඇත්ත.මිනීමරු ප්‍රභාකරන්ට අවරුදු 35 කදී කරන්න බැරි වුණ විනාසයක් මේ අවරුදු 5 තුල රටට කරලා තියෙනවා.අසරණ මිනිසුන්ගෙන් බදු අය කරමින්,දඩ අය කරමින් වුද්ගූසන කරන අසරණයන් හිරී විලංගුවේ දමනින්,නීතියත් අර්ථ ගෙන චරියා කරමින් සිටිනවා.අසරණ මිනිසුන්ගෙන් පරිප්පු ටිකෙන්,හාල් ටිකෙන් ,පාන් ගෙඩියෙන් අය කර ගන්න බදු මුදල් වලින් සුපිරි පිරිසක් විසින් කාබාසිනියා කරමින් ,සුපිරි පරම්පරාවල් ගොඩ නගමින් සිටිනවා.(අ)
මෙතරම් හිස් ඉඩ (මුඩු බිම් ඇතුළුව) තියෙද්දී මොකටද ගග මැද බලාගාරේ හදන්නේ? කොහොම කිවුවත් මෙයින් යම් ආකාරයක පරිසර විනාශයක් වෙනවා. මේ මත්ස්‍යය වර්ගයත් දැන් කලකට ඉහත සිට වදවීමට පටන් ගෙන ඇත. (දී)
මම නම් කන්ඩලම දැකලා නැහැ. නමුත් ගූග්ලේ ගිහින් පින්තුර වලින් බලා ගත්තා. ඔය කියන මහවැලි දුපත් ටික හරිම කුඩයි. ගඟේ ඒ පැත්තේ ඉදලා කෑ ගැහුවම අනික් පැත්තට ඇහෙනවා. වතුර හිදුන කාලෙට විනාඩි පහෙන් එගොඩ මෙගොඩ වෙන්ට පුළුවන්. ඉතින් මේ ප්‍රදේශය ගැන නොදැන අදහස් දමන ඔබලට සම්මා සම්බුදු සරනයි. ඔය පිටරට වල ඉන්න මිනිස්සු දොඩම්වල පාර දිගේ හෝ දෙවැනි රාජසිංහ මාවත දිගේ ඇවිදලා බලලා අදහස් පල කරනවා නම් හොදයි කියලා මට හිතෙනවා.(නදී)
හැමදාම එසැනට අදහසක් ලියන්නේ , සහෝදර එසැනේ අදහස් සියල්ලම කියවලයි. ඒත් අද මෙපුවත දැක්කම කියවීම ලිවීම සියල්ලක් එපා වුනා. අපේ රටේ මොනවා විනාශ කලත් අපිට උරුම වුණ අපේ ස්වාභාවික සම්පත් ටික දරුවන්ට හරි බලන්න ඉතුරුකරලා ගියොත් ජාතියක් වශයෙන් අපිට ආඩම්බරයි. හරිම දුකයි හිතට මේවා දකිද්දී (දී)
නොදැන අදහස් පල කරන අය ගැන මට හරි කනගාටුයි. ගැටබෙ පන්සල ඉදිරියෙන් හැරිලා මීටර පනහක් පමණ යනතෙක් ගන් ඉවුරට වෙන්න තියෙන ඉඩම් වලට ඔප්පු තියනවා. එතැන් පටන් ඔය කියන ගල් දෙබොක්කාව පසුකර ටික දුරක් යනකම් ඉඩම් වලට ඔප්පු නැහැ. එතෙක් පටන් උඩ සොහොන් පිටිය පසුකර දොඩම්වල පාරට යනකම් නැවත ඔප්පු තියනවා, ඔප්පු නැති හරියේ හිටියේ අහිංසක දුප්පත් මිනිස්සු හැබයි කසිප්පු පෙරන කිසිවෙක් හිටියේ නැහැ. මින්ස්සුන්ගේ දුප්පත් කමට අන්වර්තයේ නිගා කරන්න එපා. මීට වසර දෙක තුනකට ප්‍රථම ඔතන කුඩා විදුලි බලා ගාරයක් හදන්න 30% පමණ වැඩ අවසන් කලා. එය අදටත් දකින්න පුළුවන්. නමුත් මේ ලෝකයේ ඔතනට පමණක් සීමා වුන අර ලස්සන මලුව නිසා එම වියාපෘතිය නැවැත්තුවා. ගම වැසියෝ කිසිවෙක් එයට විරුද්ධ උනේ නැහැ, හැබැයි අර මම මුලින් කිව්ව දුප්පත් මිනිස්සු හුග දෙනෙක් දැන් ඒ ගන් ඉවුරේ නැහැ. ඒ මින්ස්සුන්ව පන්නලා ඒ දිගටම බිර් ගාඩ්න් දාලා. නාන්නවත් ගගට බහින්න තැනක් දැන් ඉතුරුවෙලා නැහැ. දැන් රෑකට ඒ පාරේ යන්න බැහැ කනමදයෝ වගේ බීගන පාර බදු අරගන තප්පුලන උනුයි ගණිකාවෝ පිරිලා. දේශපාලුවෝ පොලීසියේ ඇස් කන් නැති අයත් ගානට ඉන්නවා. හෝටලයකට මසුරන් තැනක් හැබැයි පරිසරය හා සුන්දරත්වය විනාශ වෙලා. එය වැලක් වන්න බැහැ ඒ නිසා ගම වැසි අපි විරුද්ධයි. නමුත් මුදල් බලය හා මැර බලයට සියල්ල යටයි. තව දෙයක් කියන්න අමතක වුනා ඔතනට මීටර පනහක් පමණ පහලින් උපසම්පදා සීමා මාලකයක් තියනවා.(නදී) .
මේ මිනිස්සුන්ගේ ඇස් අරින්ඩ. පේන්නේ නැද්ද ඔය පින්තුරවලින් ඔය කියන ගැටඹේ වරාතැන්න ඉතා කුඩා ප්‍රදේශයක් බව. මම ගූගල් මගින් කන්නඩම විශාල ප්‍රදේශයක් බව දැන ගත්තා. මම වරාතැන්න ප්‍රදේශය හොදින් දන්නා නිසා ඔබ සැමගෙන් ගෞරවයෙන් ඉල්වා සිටිනවා ජාතික සම්පත් සහ කුරුළු විමන විනාස කරන්ට සහය නොදෙන්ට කියලා. ඔබ සැමට බුදු සරණයි.(නදී)
එදා කන්දලම හෝටලයට විරුද්ධව කටයුතු ක, එදා කන්දලමේදී කුංචනාද කළ පිරිස තවම ඉන්නවද? සද්දයක් නැත්තේ මොකද? (නි)
ගමේ කට්ටිය එකතුවෙලා ඔය පරිසරය විනාස කරන්න එන අයට දෙන්නයි තියෙන්නේ අපිට කියා කියා ඉන්නේ. මොන කෙරුමා ආවත් බය නැතුව ගහන්න. මොකද මුළු ගමක්ම හිර ගෙයට දාන්නේ නැහැ නේ, ඕනෑම නම් අපිත් එන්නම්.(නදී)
පාලකයන්ට ඕනෑම දෙයක් කරනවා. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න. අපි මොනවා කළත් මොනවා කිවුවත් එයාලට ඕනෑ නම් ඒක කරනවා (දී)
අපේ රට, අපේ ජාතිය, අපේ ආගම, අපේ සංස්කෘතිය, අපේ ගොවිතැන, අපේ කර්මාන්ත, සිංහලයෙක් වීමේ වටිනාකම මතක නැති වෙලා නම් "සිරි පැරකුම් " චිත්‍රපටය බලන්න. ලොකු පොඩි කාටත් පෙන්වන්න ඇස් ඇරෙන්න. (දී)
බොදු බලට කියන්න.(නදී)
ඉස්මන් නැමැත්තා මේ සිද්දිය බොදුබලට කියන්න කියල තිබුන මගොල්ලෝ මෙයත් ජතිවදියට හරවන්න හදන පස්සේ කනවා (අ)
මම ඔබල සැමගෙන්ම කාරුණික ඉල්ලීමක් කරන්නට මෙය ලියමි. පසුගිය කාලය පුරාවට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කියමින් ගෘහ ආශ්‍රිතව සංචාරකයන් නවාතැන් ගැනීමට රජය විසින් උනන්දු කරමින් සිටී. සංචාරක ව්‍යාපාරය දියුණුකිරීම ගැන කිසි සේත්ම මගේ විරෝධයක් නැත. එහෙත් ගම මැද හැම තැනම ගෙවල් ගානේ පදිංචිව සිටීමෙන් අපේ ගම, පවුල උඩු යටිකුරු වෙන දිනය අත ලගටම පැමිණ තිබේ. දේශපාලන බේදයෙන් තොරව මෙයට විරුද්ධව හඩ නගන්නට ඔබලාට ඉදිරියට එන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. අපේ ආහාර රටාවන්, පවුල් සංස්කෘතිය, ආගම් සභ්‍යත්වය සියල්ල විනාසය ඉතාම ලගය. මේ ක්‍රමය පිලිපීනය සහ තායිලන්තයට හරි ගියාට අපිට හරියන්නේ නැත. නොදන්නා ගැමියන් මත් ද්‍රව්‍ය, සම ලිංගිකත්වය, බිරිද හුවමාරුකර ගැනීම, නිල් චිත්‍රපට පවුල් පිටින් නැරබීමට පෙලඹීම, ඒඩ්ස් සහ ලිංගික රෝග බෝවීම මේවා සියල්ල අපේ රට වනසන දිනය අප මුව විටට පැමිණ තිබේ. කරුණාකර හඩ නගන්න. මුදල් සෙවීම පමණක් සංවර්ධනය නොවේමය. විදේශිකයන් ගම පුරා පදිංචිය වහා නවතන්න. අනිත් කාරණය එසේ අඩු වියදම් ලෙස ගෙවල් වල පදිංචි වෙන්නේ බොහෝ විට හිපි සංස්කෘතිය වැලදගත් සුද්දන්ය. නැවත තව යමක් කිව යුතුය.මම කිසිවිටක සුද්දන්ට විරුද්ධ නැත. එහෙත් ඔවුන්ගේ සංස්කෘතිය ඔවුන්ටත් අපගේ සංස්කෘතිය අපටත් එකසේ වටිනා බැවින් මේවා කලවම් නොකළ යුතුය.(නදී)
හෝටල් හදනවා කියන එක එම ස්ථානය නගරයක් කරන එක නොවේ කරන්න ඕනේ. පරිසරය ආරක්ෂා කරගෙන තදබල නීති වලට එකඟව යම් දෙයක් කරනවානම් වරදක් නැහැ. අපි හැමෝටම ආශ්වාදයක් ලබා ගැනීමට වරප්‍රශාදයක් ලැබෙනවානම් ඉතාමත් භාග්‍යයක්. නුමුත් පරිසර දූෂණයට ඉඩ නොතබා කටයුතු කරනවානම් අපේ ආශීර්වාදය.(නදී)
කන්ඩලම හෝටලය ඔය විදියට හැදුනේ ඒ කාලේ මිනිසුන් කල උද්ඝෝෂණ වලට පිං සිද්ධ වෙන්න. උද්ඝෝෂණ නොතිබුනා නම් සිදුවන පරිසර හානිය බලන්න තිබුනා. මේ විදියට අනුමැතිය දෙන අය අල්ලස් ගනිමින් මේ වැඩ තව දුරටත් මේ ආකාරයට කලොත් බෙරේ වැවට වෙච්ච දේ තමයි ජල මුලාශ්‍ර වලට වෙන්නේ.(නදී)
නිශ්ශංක හරි, පාර්ලිමේන්තුවට යන්න උපාධියක් වත් තිබිය යුතුයි. ඡන්දය දෙන්න සාමාන්‍ය පෙළ වත් සමත් විය යුතුයි.(නදී).
ටෙනිසන්ගේ කතාවට මාත් එකඟ වෙනවා. මොකද මමත් ලංකාවට නිවාඩුවට ගියාම ඔය පළාතට යනවා. හවසට බලන්න පුදුම ලස්සන තැනක්. අපේ රට දැන් දේශපාලුවන්ගේ පාරාදීසයක් වෙලා. හිතට දුකෙන් වුනත් එක්කක් කියන්න ඕනෑ. දැන් හිතෙනවා යුද්දේ දිගටම තිබුනා නම් හොඳයි කියලා. එහෙනම් මේ දේශපාලුවෝ මෙහෙම පිස්සු නටන්නේ නැහැ. දැන් ගමත් ඔවුන්ගේ, නගරෙත් ඔවුන්ගේ, පළාතත් ඔවුන්ගේ, මුළු රටම ඔවුන්ගේ. අපිට නොදැනී අපිත් ඔවුන්ගේ වහල්ලු වෙලා. ප්‍රබාකරන් 30 අවුරුද්දක් කරපු හෙනේ මොවුන් 5 ස් අවුරුද්දෙන් කළා.හෙට අනිද්දා කට්ටිය ගිහින් අයෙත් ඡන්දෙ දෙන්නේ මොවුන්ටමනේ (නි)
හක්කිඳ ද ? සල්ලිද? (නි)
රටට වෙන දේ බලාගෙන මිනිස්සු හූල්ලනවා, නමුත් වෙන කරන්න දෙයක් නැහැ. මිනිස්සු අද අන්ත අසරණයි (නි)
අපේ පැරණි උරුමයන් රැකගැනීම රට පාලනය කරන අයගේ යුතුකමයි !!! මහවැලි ගග මේ මට වගේ ,ඔබටත් හිමි දෙයකි අපි අපේ දේ රැකගනිමු (නි)