ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 44 වැනි තරගය ලෙස රායිපූර්හිදී අද (01 වැනිදා) පැවැති තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල කඩුලූ 7 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කිරීමට සමත් විය. දිල්ලි පිල මෙවර තරගාවලියේ තරග 10 කට සහභාගි වී ලැබූ තෙවැනි ජය මෙය වේ.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ නායක මහේල ජයවර්ධන පන්දු 8 කදී ලකුණු 5 ක් ලබා සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 136 (යූසුෆ් පතාන් 20, ජැක් කලිස් 12, ඩිබබ්රටා දාස් 18, රජාට් බාටියා නොදැවී 26, සුමිට් නර්වල් 23, බ්‍රෙට් ලී නොදැවී 16, උමේෂ් යාදේව් 36/2)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 17.5 කදී කඩුලූ 3 ට 137 (විරේන්ද්‍ර සෙවැග් 17, උන්මුක්ට් චාන්ද් 37, ඬේවිඞ් වෝනර් නොදැවී 66)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පේ යන්තම් ඇති. (නි)
මහේලට ජයවේවා
අනේ අපොයි අපිට වෙච්ච දෙයක්! (නි)
ජයවේවා මහේල! (නි)