වයස අවුරුදු 27 වැන්දඹුව 52 හැවිරිදි සැමියා මිය ගිය පසු රුපියල් කෝටි ගණනක් වටිනා ඔහුගේ ඉඩ කඩම් මිළ මුදල් ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් හිමි කැර ගන්නට ගත් උත්සාහයේදී පොලිස් අත්අඩංගුවට පත්ව සිටි.
මේ ගනු දෙනුවට ආධාර හා අනුබල දුන්නැයි කොළඹ විහාරස්ථානයක හිමි නමක හා වැන්දඹුවගේ මව අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කූඨ ලේඛණ සකස් කළ බව කියන නොතාරිස්ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
තම සහෝදරයා මිය යාමෙන් පසුව ඔහුගේ දෙවැනි බිරිය ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් දේපල හිමි කැර ගැනීමට උත්සාහ කරතියි මහර කඩවත පදිංචි කරුවෙක් පොලීසියට පැමිණිලි කළේය.
කොළඹ මහල් නිවසක් වේයන්ගොඩ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් ලක්ෂ 50 ක මුල්‍ය ආයෝජනයක් හා කොටස් වෙළෙද පොළේ රුපියල් ලක්ෂ පහක් මෙසේ ව්‍යාජ අන්තිම කැමැති පත්‍රයකින් හිමි කැර ගන්නට උත්සාහ දැරුවැයි පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බලද්දී ඔහු මිය ගියේ කොහොමද කියාත් බලන්න වේවිද?තන්හාය ජායතී සෝකෝ. (නදී)
මෙය මිනී මැරුමක් විය හැකිය.(නදී)
දෙවෙනි බිරියගේ නියම ස්වාමියා වෙන්න ඇති.(නදී)
කී වෙනි බිරිඳ උනත් නීතියෙන් විවාහක නිසා ඇයට නිතැතින්ම උරුම වන කොටසක් තියෙනවා. වයස පරතරයත් ඒ ස්ත්‍රීය සැක කිරීමට හේතුවී තිබෙනවා. මියගිය පුද්ගලයාගේ දේපලවලට අයිතිවාසිකම් කීමට කලින් විවාහයේ බිරිඳ හෝ ඇගේ දරුවන්ට ඉදිරි පත් විය හැකි නමුදු සහෝදරයෙක් ඒ සඳහා ඉදිරිපත් උනේ ඇයිද යන්නත් සලකා බැලිය යුතුයි.(නදී)
අනේ මන්දා දැන් ලංකාවේ වෙන දේවල් දිහා බැලුවම කාව විශ්වාස කරන්නද මන්දා.(නදී)
මේකට සම්බන්ධ හැමෝම ගැන හොයලා බලන්න ඕනා. මිනීමැරුමක් නම් එහෙම ඉතින් කව්රු කව්රුත් මේකට සම්බන්ධ ඇති. වෙන්නප්පුවට හැම එකටම බනින සාන්තුවරයෝ ටිකත් මොකුත් කියමුකෝ බලන්න මේ ගැන.(නදී)
පන්සිල් පද පහෙන් එකකට පටහැනිව ක්‍රියා කරලා, හිමි නමකුත් හවුල් වෙලාද? තන්හාය ජායතී සෝකෝ හැමෝටම අමතකවෙලා.(නදී)