IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහේල . සංගක්කාර දෙදෙනාම ජයසූරියගේ වාර්තාව අබියස

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරගාවලි හයකදී වැඩිම තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වශයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විසින් හිමිකරගනු ලැබ සිටින වාර්තාව අබියසටම තවත් ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පැමිණ සිටිති.

සනත් ජයසූරිය ශූරයන්ගේ කුසලාන තරග 20 කට කී‍්‍රඩා කර ඇති අතර සංගක්කාර සහ මහේල දෙදෙනා මේ වන විටත් ශූරයන්ගේ කුසලාන තරග 18 ක් බැගින් කී‍්‍රඩා කර තිබේ. මෙවර තරගාවලියේ මූලික වටයේ තරග තුනටම කී‍්‍රඩා කරන්නේ නම් මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම සනත් ජයසූරියගේ වාර්තාව අභිබවා යාමේ අවස්ථාව තිබේ.

මෙවර තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් අතුරින් සංගක්කාර සහ මහේල දෙදෙනා හැරුණු විට ශූරයන්ගේ කුසලාන තරග වැඩිම සංඛ්‍යාවකට සහභාගි වී ඇති කී‍්‍රඩකයන් වන්නේ තරග 14 ක් බැගින් කී‍්‍රඩා කර සිටින රැුම්නරේෂ් සර්වාන්, කි‍්‍රස් ගේල්, ඩැනියෙල් විටෝරි සහ ෂේන් වොට්සන් යන සිව්දෙනාය. කොදෙව් පිල,  ඕස්ටේ‍්‍රලියාව හෝ නවසීලන්තය තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද මෙම කී‍්‍රඩකයන්ගේ තරග එකතුව වන්නේ 19 කි.

ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ කී‍්‍රඩකයකු විසින් රැුස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ඇත්තේ තරග 14 කදී ලකුණු 695 ක් ලබා සිටින කි‍්‍රස් ගේල් විසිනි.



අදහස් (0)

මහේල . සංගක්කාර දෙදෙනාම ජයසූරියගේ වාර්තාව අබියස

ගාමිණී Saturday, 01 June 2013 02:24 PM

අරවින්ද වගේ කෙනෙක් අපට කවදා බිහිවේවිද සංඟට මහේලට මගේන් සුබ පැතුම්. ! (ස)

:       0       0

වරුණ Friday, 31 May 2013 03:47 PM

ඔය කවුරු මොන වාර්තා කැඩුවත් සනත් සෙල්ලන් කරපු කාලේ තමා කණ්ඩායම දිනවන්න කණ්ඩායම ඉහලින් ඔසවා තබන්න තමන්ගේ පෞද්ගලික වාර්තා ගැන නොසිතා කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළේ. දැන් ඒකට ඔක්කොමලා රට පස්සට දාලා ඉන්දියන්කාරයන්ගේ සල්ලි පස්සේ දුවනවා.(නදී)

:       0       0

ජයන්ත කුමාර. Friday, 31 May 2013 04:15 PM

ජයසුරිය වීරයකි. මහේලටත් සන්ගටත් සුබ පැතුම් ! ජය වේවා.(ස)

:       0       0

දිසානායක Friday, 31 May 2013 04:39 PM

ක්‍රීඩාවකින් වීරයන් බිහි නොවේ.දක්ෂයන් බිහි වේ. (නි)

:       0       0

සුජීව Friday, 31 May 2013 04:43 PM

මහේල, සංගා, ඔබ දෙපලට උණුසුම් සුබ සුබපැතුම් !(ස)

:       0       0

චමීර Saturday, 01 June 2013 03:23 PM

මහේල නියම ක්‍රීඩකයෙක්. චතුරිකා බිත්තර ගහන්න කලියෙන් ක්‍රිකට් ගහන බෝලෙ බරවත් දන්නවද.(ස)

:       0       0

පුෂ්පකුමාරි Saturday, 01 June 2013 03:27 PM

කළු, අරවින්ද වගේ අය දේශපාලන මඩේ එරුනේ නැහැ. ඒ අය කවමත් නියම මහත්වරු. අ‍පේ වීරයෝ මේ අය තමයි. සංඟටත් මහේලටත් අපේ සුභ පැතුම්. (ස)

:       0       0

සනත් Friday, 31 May 2013 05:13 PM

වරුනගෙ කතාව හරියටම හරි. ජයසුරිය තමයි හොදම ක්‍රිකටර් (නි)

:       0       0

අසේල Monday, 03 June 2013 01:59 PM

නියමයිනේ (නි)

:       0       0

කෙවින් Saturday, 01 June 2013 08:40 AM

තරග වැඩිම ගණනකට සහබාගි වුණා කියන එක එතරම් වැදගත් නැහැ නේද? මගෙනම් තවමත් වීරයා අරවින්ද සිල්වා. ගොඩක් දක්ෂයෙක්, හොද පිතිකරුවෙක්. තවමත් ක්‍රිකට් නම රැකගෙන ඉන්න එකම ක්‍රීඩකයා. දේශපාලන මඩ ගොහොරුවේ එරුනේ නැහැ. (නි)

:       0       0

මධුරංග Saturday, 01 June 2013 09:11 AM

කෙවින්,වරැණ ඔබලාගෙ අදහස් 100% නිවැරදියි. ක්‍රිකට්වලට ඇත්තටම ආදරය කළ අපට අද ක්‍රිකට් ඒපා වී අවසානයි.(ස)

:       0       0

චතුරිකා Friday, 31 May 2013 06:24 PM

හාමුදුරුවෝ දිවි නසා ගත්තට පසු මේ කට්ටියට බිත්තර ගහන එකත් අපිට අමතක වුණා. සිංහලයා මෝඩයා කියන එක ඇත්ත. ටික දවසින් ඔක්කොම අමතක වෙනවා. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 31 May 2013 06:48 PM

වරුණ , ඔයාගේ කතාව හරි. ඒ දවස් වල තමයි අපි ආසාවෙන් දිනන තරගයක් බැලුවේ. අද පුද්ගලික දක්ෂතා දැක්කට කණ්ඩායමක් හැටියට අපි ගොඩක් ආපස්සට ගිහින්. ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා කියන දේ ඇත්තක් තියෙනවා (නි)

:       0       0

අජිත් Friday, 31 May 2013 06:45 PM

අපේ රටේ සමහර මිනිස්සු හිතන්නේ හරි අමුතු විදිහට.මහේල. සංගා,සුබ පැතුම්! (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 31 May 2013 06:50 PM

මහත්වරුන්ගේ ක්‍රීඩාව කිව්වට සල්ලි වලට දේශපාලනයට යට වුණ ක්‍රිකට් තමයි අද තියෙන්නේ (නි)

:       0       0

සමීර සාලින්ද Saturday, 01 June 2013 10:17 AM

මහේල සහ දිල්ෂාන් සහ සංගා අපිට් වටිනවා.(ස)

:       0       0

මංජුල Saturday, 01 June 2013 10:19 AM

ඔබ දෙදෙනාටම සුභ පැතුම් (දී)

:       0       0

ඇලෙක්ස් Friday, 31 May 2013 07:07 PM

අපිට ආයෙත් වරක් ලෝක කුසලානය අත් පත් කරගන්නට නම් සනා වාස් මුරලි වගේ තුන් කට්ටුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සංගත් මහේලත් ඉන්නම ඕනෑ. අපේ වීරයන්ට මගෙන් සුබ පැතුම්! (නි)

:       0       0

උපුල් Friday, 31 May 2013 07:23 PM

නියමයි.(නදී)

:       0       0

අනුර Friday, 31 May 2013 07:37 PM

ඔබ දෙපළට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

කුරුවිට Friday, 31 May 2013 08:07 PM

කවුරු කොහොම කිවුවත් සනත්, මුරලි, අර්ජුන, අරවින්දලා තමයි ලංකාවේ අපිට ක්‍රිකට් බලන්න හරි පුරුදු කළේ (නි)

:       0       0

නාමල් Friday, 31 May 2013 08:40 PM

සුබ පැතුම් ! (නි)

:       0       0

උදිත් Friday, 31 May 2013 02:52 PM

මතක හැටියට මේ කුසලානයට තරග කරන්නේ ටෙස්ට් ගහන රටවල් විතරද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site