ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරගාවලි හයකදී වැඩිම තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කළ කී‍්‍රඩකයා වශයෙන් ශී‍්‍ර ලංකාවේ වත්මන් කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා විසින් හිමිකරගනු ලැබ සිටින වාර්තාව අබියසටම තවත් ශී‍්‍ර ලාංකිකයන් දෙදෙනකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පැමිණ සිටිති.
සනත් ජයසූරිය ශූරයන්ගේ කුසලාන තරග 20 කට කී‍්‍රඩා කර ඇති අතර සංගක්කාර සහ මහේල දෙදෙනා මේ වන විටත් ශූරයන්ගේ කුසලාන තරග 18 ක් බැගින් කී‍්‍රඩා කර තිබේ.
මෙවර තරගාවලියේ මූලික වටයේ තරග තුනටම කී‍්‍රඩා කරන්නේ නම් මෙම කී‍්‍රඩකයන් දෙදෙනාටම සනත් ජයසූරියගේ වාර්තාව අභිබවා යාමේ අවස්ථාව තිබේ.
මෙවර තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් අතුරින් සංගක්කාර සහ මහේල දෙදෙනා හැරුණු විට ශූරයන්ගේ කුසලාන තරග වැඩිම සංඛ්‍යාවකට සහභාගි වී ඇති කී‍්‍රඩකයන් වන්නේ තරග 14 ක් බැගින් කී‍්‍රඩා කර සිටින රැුම්නරේෂ් සර්වාන්, කි‍්‍රස් ගේල්, ඩැනියෙල් විටෝරි සහ ෂේන් වොට්සන් යන සිව්දෙනාය. කොදෙව් පිල, ඕස්ටේ‍්‍රලියාව හෝ නවසීලන්තය තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තද මෙම කී‍්‍රඩකයන්ගේ තරග එකතුව වන්නේ 19 කි.
ශූරයන්ගේ කුසලාන තරග ඉතිහාසයේ කී‍්‍රඩකයකු විසින් රැුස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ඇත්තේ තරග 14 කදී ලකුණු 695 ක් ලබා සිටින කි‍්‍රස් ගේල් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරවින්ද වගේ කෙනෙක් අපට කවදා බිහිවේවිද සංඟට මහේලට මගේන් සුබ පැතුම්. ! (ස)
ඔය කවුරු මොන වාර්තා කැඩුවත් සනත් සෙල්ලන් කරපු කාලේ තමා කණ්ඩායම දිනවන්න කණ්ඩායම ඉහලින් ඔසවා තබන්න තමන්ගේ පෞද්ගලික වාර්තා ගැන නොසිතා කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කළේ. දැන් ඒකට ඔක්කොමලා රට පස්සට දාලා ඉන්දියන්කාරයන්ගේ සල්ලි පස්සේ දුවනවා.(නදී)
ජයසුරිය වීරයකි. මහේලටත් සන්ගටත් සුබ පැතුම් ! ජය වේවා.(ස)
ක්‍රීඩාවකින් වීරයන් බිහි නොවේ.දක්ෂයන් බිහි වේ. (නි)
මහේල, සංගා, ඔබ දෙපලට උණුසුම් සුබ සුබපැතුම් !(ස)
මහේල නියම ක්‍රීඩකයෙක්. චතුරිකා බිත්තර ගහන්න කලියෙන් ක්‍රිකට් ගහන බෝලෙ බරවත් දන්නවද.(ස)
කළු, අරවින්ද වගේ අය දේශපාලන මඩේ එරුනේ නැහැ. ඒ අය කවමත් නියම මහත්වරු. අපේ වීරයෝ මේ අය තමයි. සංඟටත් මහේලටත් අපේ සුභ පැතුම්. (ස)
වරුනගෙ කතාව හරියටම හරි. ජයසුරිය තමයි හොදම ක්‍රිකටර් (නි)
නියමයිනේ (නි)
තරග වැඩිම ගණනකට සහබාගි වුණා කියන එක එතරම් වැදගත් නැහැ නේද? මගෙනම් තවමත් වීරයා අරවින්ද සිල්වා. ගොඩක් දක්ෂයෙක්, හොද පිතිකරුවෙක්. තවමත් ක්‍රිකට් නම රැකගෙන ඉන්න එකම ක්‍රීඩකයා. දේශපාලන මඩ ගොහොරුවේ එරුනේ නැහැ. (නි)
කෙවින්,වරැණ ඔබලාගෙ අදහස් 100% නිවැරදියි. ක්‍රිකට්වලට ඇත්තටම ආදරය කළ අපට අද ක්‍රිකට් ඒපා වී අවසානයි.(ස)
හාමුදුරුවෝ දිවි නසා ගත්තට පසු මේ කට්ටියට බිත්තර ගහන එකත් අපිට අමතක වුණා. සිංහලයා මෝඩයා කියන එක ඇත්ත. ටික දවසින් ඔක්කොම අමතක වෙනවා. (නි)
වරුණ , ඔයාගේ කතාව හරි. ඒ දවස් වල තමයි අපි ආසාවෙන් දිනන තරගයක් බැලුවේ. අද පුද්ගලික දක්ෂතා දැක්කට කණ්ඩායමක් හැටියට අපි ගොඩක් ආපස්සට ගිහින්. ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා කියන දේ ඇත්තක් තියෙනවා (නි)
අපේ රටේ සමහර මිනිස්සු හිතන්නේ හරි අමුතු විදිහට.මහේල. සංගා,සුබ පැතුම්! (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාව කිව්වට සල්ලි වලට දේශපාලනයට යට වුණ ක්‍රිකට් තමයි අද තියෙන්නේ (නි)
මහේල සහ දිල්ෂාන් සහ සංගා අපිට් වටිනවා.(ස)
ඔබ දෙදෙනාටම සුභ පැතුම් (දී)
අපිට ආයෙත් වරක් ලෝක කුසලානය අත් පත් කරගන්නට නම් සනා වාස් මුරලි වගේ තුන් කට්ටුවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සංගත් මහේලත් ඉන්නම ඕනෑ. අපේ වීරයන්ට මගෙන් සුබ පැතුම්! (නි)
නියමයි.(නදී)
ඔබ දෙපළට උණුසුම් සුබ පැතුම්! (නි)
කවුරු කොහොම කිවුවත් සනත්, මුරලි, අර්ජුන, අරවින්දලා තමයි ලංකාවේ අපිට ක්‍රිකට් බලන්න හරි පුරුදු කළේ (නි)
සුබ පැතුම් ! (නි)
මතක හැටියට මේ කුසලානයට තරග කරන්නේ ටෙස්ට් ගහන රටවල් විතරද කොහෙද? (නි)