ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු මහේල ජයවර්ධන දණහිසේ ආබාධයකට ලක්වීම නිසා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පස්වැනි එක්දින තරගයට හා විස්සයි20 තරගයට සහභාගිවීමේ අවස්ථාව අහිමිව ශ්‍රී ලංකාවට පැමිණෙන බව කණ්ඩායම් කළමනාකාරු අනුර තෙන්නකෝන් මහතා පවසයි.
දෙසැම්බර් මස ශ්‍රී ලංකා පිල දකුණු අප‍්‍රිකානු තරග සංචාරයක නිරතවන නිසා මහේලට විවේකය සහ ශාරීරික යෝග්‍යතාව සකසා ගැනීමට මේ පියවර ගෙන තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන අවසන් එක්දින තරගයට සහ විස්සයි20 තරගයේදී මහේලගේ ස්ථානයට 31 හැවිරිදි ප‍්‍රවේගකාරී පිතිකරු චාමර සිල්වා කැඳවා තිබේ.
ආබාධයකට ලක්ව සිටින නායක තිලකරත්න ඩිල්ෂාන් අවසන් තරගය සහභාගිවීමට සුදානමින් සිටින බවද තෙන්නකෝන් මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල නැත්නම් තරග බලල වැඩක් නැහැ.
කවදා ඉදන්ද චාමර සිල්වා ප‍්‍රවේගකාරී පිතිකරු උනේ ?
මහේලට ඉක්මන් සුවය පතනවා..!
අපිටත් දැන් තරග එපාවෙලා
ඔක්කොම ටික ගෙදර එවලා අළුත් කොල්ලෝ ටිකක් දාලා ඉතිරි මැච් ටික ගැහුවානම් හොදයි වගේ ....
ඔක්කොම අය ගෙදර ආවනම් තමයි හොද
මැච් එකක් දෙකක් පැරදුනාට ඔහොම බනින එක වැරැදියි. මහේලට ඉක්මන් සුවය පතනවා