ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී දැන් පැවැත්වෙන දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයේදී ලකුණු 50 ක් රැස්කළ මහේල ජයවර්ධන එක්දින ලකුණු 10,000 ආසන්නට පැමිණියේය.
මෙය මහේල ජයවර්ධනගේ 61 වැනි එක්දින අර්ධ ශතකයයි. 34 හැවිරිදි මහේල මේ වන විට එක්දින තරග 354 කදී ලකුණු 9,987 ක් රැුස්කරමින් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 ක් රැස්කළ නව වැනි ක‍්‍රීඩකයා වීමට ලකුණු 13 ක් පසු පසින් සිටියි.
සචින් තෙන්ඩුල්කාර් (18,111), රිකි පොන්ටිං (13,686), සනත් ජයසූරිය (13,430), ඉන්සමාම් උල් හක් (11,739), ජැක් කලිස් (11,372), සව්රව් ගංගුලි (11,363), රාහුල් ද්‍රාවිඞ් (10,889) සහ බ‍්‍රයන් ලාරා (10,405) මහේලට ඉදිරියෙන් සිටිති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd