රාජකාරි කටයුත්තකට ආරක්ෂක පොලිස් නිලධාරියා ද සමග පමුණුවට යමින් සිටින අතර තම වාහනය නවත්වා අපහාසාත්මකව බැන වැදී සැරයන් වරයකු අයුතු අවහිරයක් කළැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිස්පතිට, ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ විනිසුරුවරුන්ගේ සංගමයට පැමිණිලි කළේය.
බදාදා (2) සවස 6ට පමණ මහේස්ත්‍රාත්ගේ වාහනය මහරගමින් පමුණුව දෙසට හරවද්දී රථවාහන සැරයන්වරයකු වාහනය නවත්වා ඇත.
මහේස්ත්‍රාත් වීදුරුව පහත් කර ‘මම මහේස්ත්‍රාත්වරයෙක්‘ යැයි කියද්දී ‘මොකා වුණාත් කමක් නෑ බැහැලා එනවා‘ යැයි කියා ඇති බවත්, පසුව පමුණුවට වාහනය හැරවීමට නොදී වෙනත් පැත්තකට ගමන් කරන ලෙස කී බවත් මහේස්ත්‍රාත් පැමිණිලි කර තිබේ.
මහරගම සහකාර පොලිස් අධිකාරීවරයෙක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරැඹීය.
මේ සිද්ධිය වාර්තා වූ බවත්, ඒ ගැන විමර්ශනයක් කරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මහරගමදී සැරයන් ඇන ගනී
රංග ජී Thursday, 27 March 2014 01:20 PM
මහේස්ත්‍රාත් තුමාට මෙය අලුත් අත්දැකීමක් වුවත් මොවුන් මහජනයා අමතන්නේ මීටත් වඩා අමන අයුරිනි. අපට ඔවුන්ට ඉහලින් යාමට නොහැකි බැවින් නොඇසුණා ලෙස සිටිමු. නැත්නම් දඩ කොලයක් අනිවාර්‍යයි.(නදී)
නෙවිල් Thursday, 27 March 2014 11:43 PM
සමහර පොලිස් නිලධාරින්ට මොළයට පළමුව කටයි ඇඟයි ඉස්සර වෙනවා. තමන්ට වඩා කෙනෙක් නැහැ කියලා හිතනවා. මහේස්ත්‍රාත්තුමා පොලිස් නිළධාරින්ට කරුණාව දක්වන කෙනෙක්. (නි)
ශෂී බිමල් Thursday, 27 March 2014 01:40 PM
කාටත් නීතිය පොදු විය යුතුයි. මහේස්ත්‍රාත් කරත් කවුරු කරත් වැරද්ද වැරද්දමයි. (ස)
සුමිත් Thursday, 27 March 2014 02:16 PM
කාටත් නීතිය පොදු විය යුතුයි. කවුරු කරත් වැරද්ද වැරද්දමයි. (අ)
සිරියලතා කෙන්ය Thursday, 27 March 2014 03:13 PM
අර කොහෙද රටකත් ලොකු කෙනෙක්ව පොලිසියෙන් ඇල්ලුවානේ,ඒවා කොහෙද මේ අපේ ලංකාවේ (අ)
අසෝකා Thursday, 27 March 2014 03:34 PM
ඉස්සර දවසක වෙච්ච දෙයක් හෝමාගම . කෝච්චිය එන්න කලින් රේල්ගේට්ටුව වහන්නේ. එදත් පුරුදු පරිදි ඒ වැඩේ කරනකොට ඉස්සෙල්ලම නතර උනේ නඩුකාරයාගේ වාහනේ. අනේ ගේට්ටුවේ හිටපු මිනිහ බොහොම බයාදුවෙන් හිනාවෙලා කොන්ද නමල ගේට්ටුව ඇරිය. උසාවියට ගිය ගමන් අර මනුස්සයට දඩයක් ගැහුවා. (අ)
රවිජා Friday, 28 March 2014 03:42 AM
මටත් ඔහොමම වුණා. ඔතන ඉන්නවා කතා කරන්න දන්නේ නැති එක සාජන් කෙනෙක්. හොඳ වැඩේ තමයි වෙලා තියෙන්නේ. (නි)
රාජුන් Thursday, 27 March 2014 06:14 PM
ඉතින් තවත් වෙනත් විදිහක් තිබෙනවද පොලිසියේ අය කතාකරන? අනේ මන්දා, මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ටංගා Thursday, 27 March 2014 06:36 PM
බන්දුල, ඔය කතාව පොඩ්ඩක් වෙනස් කරන්න. ඔය කියූ දේම අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. (නි)
ලන්කපුත Thursday, 27 March 2014 11:29 AM
සෑම මනුෂ්‍යයෝම නීතිය ඉදිරියේදී සමානය. (ස)
රණතුංග Thursday, 27 March 2014 11:50 AM
සැරයන් මේ සැරේ කෙහෙල් ගහකට කෙටුවා වගේ.එත් අපි ඔයවගේ පැමිණිල්ලක් කරන්න ගියොත් අපට මොකද වෙන්නේ ? (අ)
රාක් Thursday, 27 March 2014 11:57 AM
ඉතින් ඕක අලුත් දෙයැක් යැ..අපිට පොලිසියෙන් කතා කරන්නෙත් ඔහොමනෙ. (අ)
ලලිත්-එස් එල් Thursday, 27 March 2014 11:59 AM
හරියටම ඇත්ත නැත්ත හොයල බලන්න වෙනවා. (ස)
බන්දුල රත්නායක Thursday, 27 March 2014 12:00 PM
අසරණ මිනිස්සුන්ට දාන පාට් මහේස්ත්‍රාත් ලට දාන්න ගියාම ඔහොම වෙනවා. (ස)
කුමාරි Thursday, 27 March 2014 12:00 PM
දෙයියෝ දනී,,,,, අපි නොදනී..... (ස)
රොහාන් Thursday, 27 March 2014 12:03 PM
මහේස්ත්‍රාත් කරත් කවුරු කරත් වැරද්ද වැරද්දමයි. (ස)
ඩයස් Thursday, 27 March 2014 12:11 PM
නීතිය කාටත් පොදු විය යුතුයි. (ස)
සුරංග Thursday, 27 March 2014 12:22 PM
සෑම කෙනෙක්ටම නීතිය එක සමානය.. (ස)
සුනන්ද Thursday, 27 March 2014 12:32 PM
අපිට මෙහෙම වුණා නම් ඉතින් කාටද කියන්නේ, කවුද අපි කියන ඒවා අහන්නේ. (ස)
සමන් රණවක Thursday, 27 March 2014 12:54 PM
නීතිය සැමට පොදු විය යුතුයි. (ස)