පිළිකා රෝගීන් සුවපත් කිරීම සදහා අවශ්‍යකරන ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ‘වී කැන්සර්වයිව්‘ සංවිධානය විසින් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළහ. එම ඖෂධවල වටිනාකම රුපියල් එක්ලක්ෂ තිස් පන් දහසක් පමණ වන බව එහි සාමාජිකයෝ පැවසූහ.
‘වි කැන්සර්වයිව්‘ සංවිධානය කැනඩාව, මැලේසියාව හා ශී‍්‍ර ලංකාව යන රටවල සරසවිවල අධ්‍යාපනය ලබන හා සරසවිවලින් පිටවූ සිසුන් එක්ව පිහිටුවා ගෙන ඇත. පිළිකා රෝගයෙන් පිඩාවිදින මහරගම පිළිකා රෝහලේ නේවාසික ළමා රෝගින්ගේ අවශ්‍යතා සපුරාලීම , රුධිරය අවශ්‍යකරන රෝගීන්ට රුධිරය ලබාදීම සදහා රුධිර පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළු සුබසාධන කටයුතු කිරීම මෙම සංවිධානයේ අරමුණයි. මෙම සංවිධානය පිහිටුවාගෙන වසර දෙකක කාලයක් ගතව ඇත.
කැනඩාවේ හා මැලේසියාවේ සිටින කුමුදු අබේවර්ධන, පමෝද් අබේවර්ධන හා ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ ප‍්‍රමෝද්‍ය යසරත්න හා සචින්ත බණ්ඩාර සිසු සිසුවියන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර එස්. එල්. ඒ. අබේවර්ධන මහතා සංවිධානයේ උපදේශකත්වය දරයි. ඔවුහු අදාළ ඖෂධ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වයි.එම්.කේ.විල්ප්‍රඩ් කුමාරසිරි මහතාට බාරදුන්හ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහරගමට ලක්ෂ එක හමාරක බෙහෙත්
ආලෝකා Saturday, 05 December 2015 07:22 AM
මේ සංවිධානය දේශාපාලකයන්ට ගිල ගැනීමට ඉඩ දෙන්න එපා. (ස)
චන්න බුවනක Friday, 04 December 2015 08:23 AM
මෝටර් රථයක් වෙනුවෙන් රෝගීන්ගේ ජීවිත ගැන නොතකා හරින වුණ් අතරේ මනුෂත්වය පිරි වාසනාවන්ත දරුවන් මේ. (අ)