පිළිකා රෝගට රටින් තුරන් කිරීමේ අරමුණින් ජනතාව දැනුම්වත් කිරීමේ පුරෝගාමී ස්වේච්ඡා සංවිධානයක් වන ‘වී කැන් සර්වයිව්‘ සංවිධානය විසින් රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා ‘නියුපජින්‘ සහ ‘මෙරෝනිව්‘ දුර්ලභ ඝනයේ එන්නත් තොගයක් මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා අද පැරිනැමිණි.
සංගමයේ සභාපති ප්‍රමෝද් අබේවර්ධන, උප සභාපති කුමුදු අබේවර්ධන, ලේකම් ලසන්ත සංජීව සහ උපදේශක එස් එල් ඒ අබේවර්ධන යන මහත්ම මහත්මීන් මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය නිශාන්ත සිරිවර්ධන මහතාට එම බෙහෙත් තොගය භාරදුන්නේය.
පිළිකා රෝහලේ නේවාසික දරුවන් සඳහා තෑගි භාණ්ඩ, කිරිපිටි ආදිය බෙදා දෙනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහරගමට බෙහෙත් පිරිනමයි
සමන්ත Friday, 30 May 2014 04:22 PM
ගොඩක් පින් වැඩක්. කුරුණෑගල තියන පිළිකා වාට්ටුව තවම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ බලන අය උදව් කරන්න කැමති අය ඉන්නවනම් ගමේ අය මහරගම යාමෙන් ඇති වන අපහසුතාවය මග හරවා ගත හැක. (ස)
තිසර නයනානන්ද Thursday, 29 May 2014 08:39 PM
ගොඩක් පින් සිදු වෙන වැඩක්.සියලු දෙනාටම තෙරුවන් සරනයි (අ)
ශාන්ති Thursday, 29 May 2014 09:11 PM
ඇත්තෙන්ම ඉතාමත් පින් කටයුත්තක් ,(අ)
ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 29 May 2014 09:54 PM
මෙහෙම කරන පින් වාසනාවන්තයි.ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
ජගත් Thursday, 29 May 2014 10:02 PM
මේවා තමයි ඉතා උතුම් පින් කටයුතු වන්නේ. (නි)
ජනක Thursday, 29 May 2014 10:03 PM
ඉතා වටිනා කාර්යයක් (නි)
නෙලුම් Friday, 30 May 2014 02:42 AM
ලොකු පිනක්. මේ දරු පැටව් දැක්කාම හිතට හරිම දුකක් ඇතිවෙනවා . (ස)
තිසර නයනානන්ද Friday, 30 May 2014 07:55 AM
මේ කාර්යයට අපිටත් හැකි අයුරින් දායකවීමට හැකියාවක් තිබෙනවා නම් කරුණාකර දන්වන්න (නි)
සිදත් Friday, 30 May 2014 08:45 AM
මේක ලොකු පිනක්. අපේ රටේ ඉන්න සමහර ක්‍රීඩකයෝ දන්නේ හොස්පිටල් එකේ අත්තිවාරම් දාන්න.ඊට පස්සේ ඒවා පැළ වෙනවා. කොච්චර හම්බ කලත් වැඩක් නෑ. (ස)
ගීත් Friday, 30 May 2014 09:19 AM
ඇස් දෙකට කදුළුත් ආවා.මේවා ඉහළ මිනිසත්කම තිබෙන උතුම් ක්‍රියා.(දිල්)
සංජීව Friday, 30 May 2014 12:13 PM
බොහොම පින් තව තවත් මග පින් කටයුතු කරන්න ලැබේවා (දිල්)
මොහොමඩ් Friday, 30 May 2014 02:21 PM
බොහොම පිං...අපි වගේ රෝගීන්ට මේක හොද ආරංචියක් (අ)