පිළිකා රෝගට රටින් තුරන් කිරීමේ අරමුණින් ජනතාව දැනුම්වත් කිරීමේ පුරෝගාමී ස්වේච්ඡා සංවිධානයක් වන ‘වී කැන් සර්වයිව්‘ සංවිධානය විසින් රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා ‘නියුපජින්‘ සහ ‘මෙරෝනිව්‘ දුර්ලභ ඝනයේ එන්නත් තොගයක් මහරගම පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා අද පැරිනැමිණි.
සංගමයේ සභාපති ප්‍රමෝද් අබේවර්ධන, උප සභාපති කුමුදු අබේවර්ධන, ලේකම් ලසන්ත සංජීව සහ උපදේශක එස් එල් ඒ අබේවර්ධන යන මහත්ම මහත්මීන් මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය නිශාන්ත සිරිවර්ධන මහතාට එම බෙහෙත් තොගය භාරදුන්නේය.
පිළිකා රෝහලේ නේවාසික දරුවන් සඳහා තෑගි භාණ්ඩ, කිරිපිටි ආදිය බෙදා දෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින් වැඩක්. කුරුණෑගල තියන පිළිකා වාට්ටුව තවම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ බලන අය උදව් කරන්න කැමති අය ඉන්නවනම් ගමේ අය මහරගම යාමෙන් ඇති වන අපහසුතාවය මග හරවා ගත හැක. (ස)
ගොඩක් පින් සිදු වෙන වැඩක්.සියලු දෙනාටම තෙරුවන් සරනයි (අ)
ඇත්තෙන්ම ඉතාමත් පින් කටයුත්තක් ,(අ)
මෙහෙම කරන පින් වාසනාවන්තයි.ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
මේවා තමයි ඉතා උතුම් පින් කටයුතු වන්නේ. (නි)
ඉතා වටිනා කාර්යයක් (නි)
ලොකු පිනක්. මේ දරු පැටව් දැක්කාම හිතට හරිම දුකක් ඇතිවෙනවා . (ස)
මේ කාර්යයට අපිටත් හැකි අයුරින් දායකවීමට හැකියාවක් තිබෙනවා නම් කරුණාකර දන්වන්න (නි)
මේක ලොකු පිනක්. අපේ රටේ ඉන්න සමහර ක්‍රීඩකයෝ දන්නේ හොස්පිටල් එකේ අත්තිවාරම් දාන්න.ඊට පස්සේ ඒවා පැළ වෙනවා. කොච්චර හම්බ කලත් වැඩක් නෑ. (ස)
ඇස් දෙකට කදුළුත් ආවා.මේවා ඉහළ මිනිසත්කම තිබෙන උතුම් ක්‍රියා.(දිල්)
බොහොම පින් තව තවත් මග පින් කටයුතු කරන්න ලැබේවා (දිල්)
බොහොම පිං...අපි වගේ රෝගීන්ට මේක හොද ආරංචියක් (අ)