කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගම පමුණුවේ දී බැන වැදුණු බව කියන පොලිස් සැරයන් ජානක අප්‍රේල් 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගම පමුණුවේ දී බැන වැදුණු බව කියන පොලිස් සැරයන් ජානක අප්‍රේල් 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලඥයෙකුට මෙහෙම අපහාස කළා නම් අද පොලිස් නිළධාරියාට මොනවා වෙයිද? (නි)
මේ තීරණය ගැන නැවත හිතන්න කියලයි මම නම් කියන්නේ.මොකද හේතුව පොලිසියේ හැමෝම එකවගේ නැහැ.අනිත් එක මිනිස්සු ගැවසෙන තැනක රාජකාරි කරනකොට කොහොමද මෙයා කුමන තනතුරක් දරන්නෙක්ද කියලා තෝරාගන්නේ.එනිසා නීතිඥ මහත්වරුනි, මේ අහිංසකයාට අවවාද කර නිදහස් කරන්න. ඔහු අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතය කැපකරලා සේවය කරන අපේම රටේ පුරවැසියෙක්. (නි)
මේවා මණ්ඩලේ වැඩ (දී)
පොලිස් නිළධාරියාගේ ක්‍රියාව මම අගය කරමි. වාහන නවතා තැබීමේ නීති කාටත් එකයි.(නි)
අද අපේ පොලිසියේ බහුතරයකගේම විනය පිරිහිලා. තමන් ගනුදෙනු කරන්නේ තවත් මනුස්සයෙක් සමඟ බව මොවුන් සළකන්නේ නැහැ. සමහරු ඉතාම අවිනීත හා පහත් ලෙසයි මිනිසුන්ට කතාකරන්නේ. එනිසා එවැනි අනිත් නිළධාරීන්ටත් මෙය අපුරු පාඩමක්. මහේස්ත්‍රාත්වරයෙකුට විතරක් වෙනම නීතියක් නැහැ. ඔහු කරන්නෙත් රැකියාවක්. හැම පුද්ගලයෙකුටම ආත්ම ගෞරවයක් තිබෙනවා. එනිසා වෙනත් අයෙකුට මෙවැනි පහත් විදියට සැළකුවොත් එවිටත් මෙවැනි දඬුවම් දියයුතුයි. (නි)
හොද වැඩේ තමයි වෙලා තියෙන්නේ. පොලිසියේ සමහරු ජනතාවට කතාකරන්න හැටි දන්නේ නැහැ (නි)
සැරයන්වරයා මහේස්ත්‍රාත්වරයා වරදක් කර තිබුණ නිසා නේද බැන වැදී තිබෙන්නේ. මහේස්ත්‍රාත්වරයාද නීතියට යටය. මහේස්ත්‍රාත් වුවද වරදක් කළොත් ඔහුට සමාව ලැබෙනවාද?අහිංසක සැරයන්වරයා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැද්ද? (නි)
මේ තීරණයගැන නැවත හිතන්න. මෙයා වරදක් කරලා තියෙනවා ද (අ)
ඔහු රාජකාරිය නිවැරදිව කළා නම් සැරයන්වරයාට මානව හිමිකම් හෝ වෙනත් ආයතනයක පිහිට ලබාගැනීමට හැකිවේවි. යුක්තිය ඉටුවේවායි පතමු. (නි)
නීතිය හරියාකාරව ක්‍රියාත්මක කරන අය නීතියට ගරුකළා නම්,වැඩ කළා නම් මේ ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා. නමුත් නීතිය නොසළකා පාරේ යනකොට අහවලා මට ගරු කළේ නැහැ කියලා කියනවා නම් කාටද ඉතින් කියන්න වෙන්නේ? (නි)
පමුණුවේ පාර බ්ලොක් කරලා වාහන නැවත්තුවම පොලිසියට බනිනවා. (අ)
පවු අහිංසකයා. තරාතිරම නොබලා ඔහු රාජකාරිය ඉටු කළා වෙන්න බැරිද? (නි)
බැන්නේ ඇයි? විනිසුරු තුමා වරදක් කළාද? (නදී)
පොලිසියේ අයට අමුතු උණක් තියෙනවා , සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම ගරු සරුවක් නැහැ. ඒගොල්ල හිතන්නේ තම රටේ ලොකුම කෙරුම් කාරයෝ කියල. දැන් කාපන්කෝ (අ)
පොලිසිය වැරදි කරන බව ඇත්ත. එහෙත් මෙහිදී තදින් කතාකළ වරදට දැඩි දඩුවම් දීමට මාගේ විරුද්ධත්වය ප්‍රකාශ කරමි. නීතිය රකින්නට අදාල ආයතන තදින් සිටිනවා නම් සියලුම නීතිඥයන් මිනිසුන්ගෙන් අයකරන මුදලට රිසිට් පතක් දීමටත්, ලැබෙන අදායම නොසඟවා බදු ගෙවන්නටත්, නඩුවක් නොඅසා කල් දමන දිනයට දිනකට අයකරන මුදලින් කොටසක් හෝ ආපසු දෙන්නටත් නොහැකි මන්ද යන්න මා හට ගැටළුවකි. (නි)
වාහනයක් නතර කලාම සමහර දෙනා මම අහවලා, හරි අහවලාගේ අහවලා,කියල පොලිසිය බය කරලා මාරු වෙන්න හදනවා. එත කොට කොහොමද රාජකාරියක් කරන්නේ.(නදී)
දන්න කෙනෙක් මේකට පිළිතුරු ලියන්න. අපි උසාවියට ගියහම ඔලුව පාත් කරන්න ඕනේ ඇයි ? ඔලුව පාත්කල යුතුයි කියල ව්‍යවස්ථාවේ හෝ නීති පොතේ සඳහන් කරලා තියෙනවද ? නැතිනම් සම්ප්‍රදායද ? ඇයි සාධාරණත්වය බලාපොරොත්තුවන උසාවියක විතරක් ඔලුව පාත්කරලා විශේෂ ගෞරවයක් පුදකළ යුත්තේ ? (නදී)