‘ඔය ගොල්ලන් මම කියන ඇත්ත ලියන්නේ නැහැ. පුළුවන් තරම් මඩ ගහනවා. ඒ නිසා මම කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. ‘ මහරගම නගර සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය ලංකාදීප වාර්තාකාරිනියට එසේ කීවේ ගින්නෙන් හානි වූ කඩ හිමිකාරියක මතු කළ ප්‍රශ්නයකට ඇගෙන් පිළිතුරු ඉල්ලා සිටි අවස්ථාවේ දී ය.
විජිතා තලගල නම් එම කඩ හිමිකාරිය පැවසුවේ තාවකාලික කඩවලට එහෙන් මෙහෙන් වයර් ඇද විදුලිය ගෙන ඇති බවයි. ඒ නිසා විදුලිය කාන්දු වීමකින් ගින්න හටගන්නට ඇතැයි ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වසරකට වරක් බලපත්‍ර අලුත් කිරීමේදී අනුගමනය කරනු ලබන අන්ධ ක්‍රියා මාර්ග නිසයි. පගාවට, පන්දමට, හිතවත්කමට සහ දේශපාලන හෙන්චයියලාට ඕන විදියට තමයි නගර සභා යාන්ත්‍රනය ක්‍රියාත්මක වෙන්නේ. ගොඩනැගිලිවල තත්ත්ව පරීක්ෂණ විධිමත්ව පරීක්ෂා කර බලා අනුමත කිරීමේ ක්‍රියාවලියකින් පසු බලපත්‍ර නිකුත් කරන්නේ නම් මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇති වීමට ඉඩක් නැත.(නදී)
හොඳ දෙයක් කරන්න එපා යැ හොඳ දෙයක් පත්තරේ වැටෙන්න (නදී)
ප්‍රශ්නයකට උත්තර දෙන්නවත් බැරි අය තමා අද මහජන සේවකයෝ වෙලා තියෙන්නේ. (නදී)
දේශපාලක කාන්තාවෝ ගැන මොනවද පෙනුන හොඳ ? කවුරු හරි එක්ක කෙහෙවලු පටලවා ගෙන හරි පිරිමි පාර්ශවය එක්ක ප්‍රසිද්ධියේ වචන හුවමාරුවක් , එහෙම නැතිනම් තමන්ට ලැබුන තනතුරු මදි කියල කෙඳිරි ගෑමක් මිසක් (නදී)
ඉතින් මෙයා කියන ඇත්ත ඔයා ලියන්නකෝ. එහෙම කලානම් මෙතුමියට ඇගට එන්නේ නැහැ නේද අනේ. මෙතුමියටත් මොනව හරි බොරුවක් ඇති කියන්න. මේ ආයතන වලින් කිසියම් ජනතා සේවයක් නැහැ මුදල් එකතු කිරීම පමණි. (නදී)
ලබන ඡන්දෙන් ගෙදර යවන්න ඕනා (නදී)
අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් පදනම් සාදාගෙන එයින් වැජබෙන අපේ රටේ දේශපාලුවෝ නිසා අපි වගේ දහස් ගණන් මිනිසුන් විදේශ වල දුක් විදිනවා. කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැති නගර සභා නිසා ගම කැතවෙලා (නදී)
දැන් තියෙන්නේ මේ ගොල්ලන්ම එයාලට ඕනා දේවල් ලියලා එයාලම පත්තරයක් පළකරන එක (නදී)
එහෙම ඇඟට ගොඩවෙන එක නම් වැරදියි (නි)
අයියෝ ඕවා මොනවද පොඩි මිනිහටනේ ඕවා (දී)
අනාගතයේදී එයාගෙන් යමක් අහන්න හිතාගන ඉන්නවා නම් දැම්මම මොනවහරි (එයාව මුරුංග ඇත්තට නග්ගල) ලියල තියන්න වෙනවා. සමහර විට ගින්න ගැන තොරතුරක් එයා දන්නවද දන්නෙත් නැහැ ඔයාලට නොකිව්වට. (නදී)
නංගි ඔයා මිට පස්සේ අහන ප්‍රශ්න කොලේක ලියල ඔය ඇත්තන්ට දෙන්න. ඊට පස්සේ නැවතත් එම ප්‍රශ්න අසන්න. එතකොට කට පාඩම් කරපු ඒවා කියයි. නැතිනම් ඒ අයට මොනම ප්‍රශ්නයකට වත් කෙලින් උත්තර දෙන්න බැහැ.(නදී)
අපි මේ පළාතේ ඉන්න නිසා මේ නෝනා ගැන හොඳට දන්නවා. (නදී)
කොහිල වගේ ජාතියක් ඔය නෝනා කාල තියනවනම් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැනේ. (දී)
සභාපතිනිය කේන්තිගන්නේ මොකටද? සභාව මහජනතාවනේ පත්කරගන්නේ. මහජනතාවගේ අදහස් තමයි එතුමිය කියන්නේ. කේන්ති ගියානම් ඒ ජනතාවටම තමයි (නදී)
අසංග, ඔබගේ අදහසට මමත් එක පයින් කැමතියි. (නි)
පත්මසිරි නංගි බොහොම නරකයි දැන් (නදී)
එතුමියට තරහ යන ප්‍රශ්න අැහුවද (නදී)