කසල ප්‍රවාහනයට වාහන මිලට ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුවක් වෙනුවෙන් මහරගම නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු තිදෙනෙක් ඡන්දය දුන්හ.

පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද 10කින් සම්මත වීමෙන් පසුව විපක්ෂ නායක පැවසුවේ තමාට පැටලීමක් සිදුවූ නිසා ආපසු ඡන්දය විමසන ලෙසයි.

සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ දෙවරක් ඡන්ද විමසීම කළ නොහැකි බව කියමිනි.

ඒ අනුව විපක්ෂ නායක මයිකල් පෙරේරා හා සම්පත් රංජිත් හා ගාමිනී මර්තෙස් මහත්වරුන්ගේ ඡන්ද ආණ්ඩු පක්ෂයට ලැබිණි.

විපක්ෂ මන්ත්‍රීන් දෙදෙනා පැවසුවේ තමන් දැනුවත්වම ඡන්දය දුන් බවයි.