මහරගම ජනාධිපති විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය රුපියල් ලක්ෂ තිස් පහක මුදලක් වැය කැර මිලදී ගත් බස් රථය විදුහලේ ආදී ශිෂ්‍ය කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් පාසලට පිරිනැමීය.
ආදී ශීෂ්‍ය සංගමය මෙම සත්කාරයට අමතරව රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වැය කැර විදුහලට නව බුදු මැදුරක් ඉදි කැර දුන්නේය.
පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි,ඉසුරු දේවප්‍රිය,සුලෝචනා ගමගේ,විදුහල්පති වසන්ත කුමාර යන මහත්වරුන් සමඟ ආදී ශිෂ්‍ය සංගමයේ චම්පික මාරසිංහ මහතාද මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් මුදලක් කොහොම ලැබුනද? (නදී)
අන්න හොද වැඩක් . ඒවා නම් කරන්න ඕනේ (ත)
මේකෙන් වෙන්නේ පාසල් වල අඩුපාඩු ටිකෙන් ටික විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයට පැවරීමයි. එතකොට දුප්පත් දෙමාපියන් ඉන්න ශිෂ්‍ය සංගම් වල පාසල් වලට මේ වගේ දේවල් කොහොම කරන්නද? (ස)
බාල පරපුර ගැන හිතන යහපත් වැඩිහිටියෝ සිටින එක නම් හොඳයි. (නදී)
ගොඩක් අමාරුවෙන් තමයි මේ බස් එක ගන්න සල්ලි හොයාගත්තේ. මමත් ඒ පාසැලේ නිසා දන්නවා ඒ බව. ආදී ශිෂ්‍ය සංගමය දිගුකල් වැජබෙවා !(නදී)
තමන්ගේ අනාගතය සාක් ෂාත් කරදුන් පාසැලට කළ ගුණ සැලකීම උතුම් සේවයක්. (නදී)
අගය කළ යුතු දෙයක් (දිල්)
තව තවත් මෙවැනි ආධාර උපකාර සියලු පාසල් වලට ලැබේවා. මේ සදහා දායක උණු හැමට වැඩි වැඩියෙන් ලැබේවා! (නදී)
බාල පරපුර ගැන හිතන යහපත් වැඩිහිටියෝ.(නදී)
අධ්‍යාපන අමාත්‍යංශය නිද්‍රාවේ නිසා ආදී ශිෂ්‍යයන් අතින් හෝ මෙවැනි සේවයක් සිදුවීම යහපත් දෙයක්. (නදී)
මේ වගේ උපකාර රටේ ඇති සේරම පාසැල් වලට ලැබේවා! (නදී)
මේ වගේ උපකාර රටේ ඇති සේරම පාසැල් වලට ලැබේවා! (නදී)