මහර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනකු ‘ඊෂි කෑෂ්’මගින් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහියංගනය හා කළුතර සිව් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
පුවත්පත් ලුහුඩු දැන්වීම්වල දුරකථන අංකවලට ඇමැතුම් දී මරණ තර්ජනය කැර කප්පම් කෑම් පිළිබඳ පැමිණිලි 10 ක් පොලීසියට ලැබී ඇත.
මෙම ජාවාරම ගැන කිසිත් නොදන්නා මහියංගනයේ තරුණියක ඇගේ සගයකුද ඊට හසු වී ඇත්තේ මහර සිර කරුවකුගේ චාටු බස් නිසා යැයි ද ඔහු ඇයට පෙම් බැඳ ඇතැයිද ඒ වෙනුවෙන් ජංගම දුරකථනයක් හා මුද්දක් ද තෑගී කැර ඇතැයිද පොලීසිය කියයි.
කළුතරදී ‘ඊෂි කෑෂ්’ ලබාගෙන ඇත්තේ සිරකරුගේ බිරිය බවත් ඒ සඳහා ව්‍යාපාරිකයකු ද බිය ගන්වා ඊට හවුල් කැර ගෙන ඇති බවත් කියති.
නාඳුනන අය සමඟ දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයකින් කිසිම ගනු දෙනුවක් නොකරන ලෙසද පොලීසිය මහජනයාට අවවාද කරයි.කප්පම් කෑ රුපියල් තිස්හත්දහස් පන්සීයක් ද සොයගෙන ඇත
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද? ජිවිතයට කව්රුත් ආදරෙයි. මරණ බයට ඉල්ලන දෙයක් දෙනවා. අපේ රටට දළදා හිමි සරණයි! (නි)
පත්තරවල ලුහුඩු දැන්වීම් පමණක් නොවේ, ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ දැන්වීම් පුවරු වලද, තමන්ගේ දුරකථන අංක ප්‍රදර්ශනය කිරීමේදී දෙවරක් සිතා බැලිය යුතු කාලය පැමිණ ඇත.තත්ත්වය ඒ තරම් භයානකයි. (නි)
ලංකාවත් දැන් රඹකැන් (බනානා රිපබ්ලික් ) රාජ්‍යයක් වෙලාද? (නි)
ලංකාවේ මිනිස්සු දැන් දුරකථන ඇමැතුම් වලටත් බයවෙන ජාතියක් වෙලාද ? අනේ අපොයි සිංහයන්ට ගිය කල (ස)
හොරකම, මැරකම සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණයකි. (ස)