ඌව පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් මහියංගනය පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා කියයි. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ සහ ඔහුගේ සහෝදරයකු ඇතුළු පිරිසක් මරණීය තර්ජනය කළ යැයි කියන සිද්ධියක් පසුගිය දා මහියංගනයෙන් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු දැම්මත් වැඩක් නෑ. දේශපාලන සදාචාරය වෙනස් කල යුතුමය. (දී)
පුර්ව සුදානම කෝකටත් හොදයි (දී)
ඇත්තටම ලැජ්ජාවක් හිතෙනවා රටට (දී)
හමුදා රැකවරණ දාගෙන චන්ද තියන රටක්. ලැජ්ජාවේ බැහැ. අපේ රට දැන් නොදියුණු ගෝත්‍රික රටක් වගේ. (දී)
අනේ හොදයි (දී)
විපක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරන්නේ මහියංගනයෙන්ලු. මිතුරාට ආරක්ෂාව සලසා දීම හොඳ ගුණාංගයක් ! (දී)
හරියට හරි, අප්‍රිකානු ගෝත්‍රික රටක් වගෙයි. (අ)
මම දැක්ක කොහේද තියෙනවා 600 කට වඩා වැදගත් උදවිය ඉදිරිපත් වෙලාලු ඡන්දෙ ඉල්ලන්න .....බුදු අම්මෝ කට්ටිය හරි උනන්දුයි අපිට සේවය කොරන්න (අ)
ප්‍රශ්නයක් උනාට පස්සේ පොලිසිය හමුදාව කොහෙද හිටියේ කියලා අහලා වැඩක් නැහැනේ (දී)
වැඩේ නම් හොදයි එත් .... මෙහෙම දැඩි ආරක්ෂාව මැද චන්දෙ තියන රටක් දැක්කාමයි (දී)
මේක කොහොම ඡන්දයක්ද කියලා මෙයින්ම හිතාගන්න පුලුවන් (නි)
මේ මුර දාල තියෙන්නේ ජනතාවගෙන් ජනතා නියෝජිතයෝ ආරක්ෂා කරගන්නද නැතිනම් ජනතා නියෝජිතයින්ගෙන් ජනතාව ආරක්ෂා කරගන්නද? මර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක් නේද මෙයා? (දී)
අර විදුහල්පති වරුන්ට හමුදා පුහුණුව දීල දේශපාලකයන් කියන ඕනෙම දෙයක් හිස් මුදුනින්ම පිළිගන්න සැලසුවා වගේ,විශ්වවිද්‍යාල වල උගත් තරුණයන්ට/තරුණියන්ට හමුදා පුහුණුව දීල ඉහලින් එන ඕඩර් වලට "එහෙයි " කියන්න කියල දෙන්න යනවා වගේ ඔය ඡන්ද නිළදාරීන්ටත් එහෙම හමුදා පුහුණුවක් දුන්නනම් මරේ මරු.(අ)
අපිට මැරයෝ එපා, ජනතාවට අවශ්‍ය සාධාරන මැතිවරණයක්. කවුරු දිනුවත් අපිට එකයි. ඒත් හැමදාම එකම අය දිනන්න අවශ්‍ය නෑ.වෙනසක් ඕනා.(අ)
ඔය පක්ෂ දෙකම වැඩක් නැහැ .මම හිතන්නේ එක පාරක් හරි jvp එකට දීල බලන්න ඕනේ මට හිතෙනවා ලොකු වෙනසක් වෙයි කියල .නේද ?(අ)
එස්.ටි.එෆ්. නෙමෙයි කාව දැම්මත් දේශපාලන හස්තයට ඔක්කොම යටයි. (නදී)
විශේෂ කාර්ය බලකාය නෙවෙයි අතිවිශේෂ කාර්ය බලකාය දැම්මත් මුන්ව මට්ටු කරන එක ලේසි වෙන්නේ නැහැ කොටි ත්‍රස්තවාදීන්ව මට්ටු කළහැකි මේගොල්ල වානා!පොරකාලා එන්නේ අපට සේවය කරන්නනේ (අ)
චන්දේ ඉවර වෙනකල්ම කට්ටිය තියා ගන්න (දී)
නිදහස් හා සාධාරණය වෙනුවෙන් කැපවී වැඩ කරන්න (දී)
කවුරු දිනුවත් පැරදුනත් සාදාරන මැතිවරණයක් පවත්වන්න. මැර කම් වලට ඉඩ තියන්ඩ එපා. ඔය කාගෙන්වත් වැඩි වැඩක් මහාජනයාට නෑ.(අ)
වැඩක් වෙන්නේ නැහැ (දී)