පක්ෂයෙන් නෙරපා හැරීමට විරුද්ධව හිටපු ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 74 දෙනකුට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ දමා තිබූ නඩුව අද (26) ඉල්ලා අස්කරගත්තේය.
2010 වසරේදී එජාප සමාජිකයකුව සිටියදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය පළ කිරීමට කටයුතු කිරීම නිසා ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය.
ඊට එරෙහිව ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා නඩුවක් ගොනු කර තිබිණි. කොළඹ දිසා විනිසුරු අජිත් අනවරත්න මහතා ඉදිරියේ කරුණු දක්වමින් ඔහු අද සිය නඩුව ඉල්ලා අස්කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙතුමාට උන දෙයක්. අන්තිමට මෙයාගේ බල්ලයි මෙයයි දෙන්නම ගෙදර.(නදී)
ඇමැතිකමකට අාස හිතිලා වගේ...(බ)
මෙතුමා හොදම රාජ්‍ය නායකයෙක් නෙවෙයිද? (බ)