IMG-LOGO

මහියංගණයේ-ගිරාදුරුකෝට්ටේ සියලු කඩ සාප්පු වසාදමයි

(රන්ජිත් කරුණාවීර)
 
ඇඳිරි නීතිය ඉවත් කළ ද අද (30) මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ සියලු කඩසාප්පු වසා දැමීමට පියවර ගත්බව මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය. 
 
මහියංගණ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටුවේ තිරණය පරිදි එම තීරණය ගෙන තිබේ.
 
 නගරයෙන් බැහැර ගම්වල වෙළෙඳ සැල් වලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ලේකම්වරයා කීවේය.
 
 ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහියංගණ නගරය හා ගිරාදුරුකෝට්ටේ නගරයේ වෙළෙදසැල් සියල්ල වසා ඇති බව සහ නගරයට නොපැමිණෙන ලෙස නිවේදනය කර ජනතාව දැනුවත් කළ බවද ලේකම්වරයා සඳහන් කළේය.
 
 ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව නගරයට එක් රොක් වීමෙන් ඇතිවන අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බව ඒ මහතා පැවසීය.



අදහස් (1)

මහියංගණයේ-ගිරාදුරුකෝට්ටේ සියලු කඩ සාප්පු වසාදමයි

Mahesh Monday, 30 March 2020 06:59 AM

මේක ප්‍රාදේශීය මට්ටෙමෙන් තීරණ ගන්න දුන්නොත් තව අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙනවා. රජයට වැඩේ කරන්න දීලා ප්‍රාදේශීය මට්ටමේ අය අවශ්‍ය තොරතුරු සහ වෙන්න ඕන දේවල් රජයට දැනුම් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 77 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 287 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site