අසභ්‍ය වීඩීයෝ දර්ශන ඇතුලත් ජංගම දුරකතන මුදා හැරීමට රුපියල් පන්දහසක අල්ලසකින් රුපියල් දහසක් ලබාගෙන ඉතිරිය වන රුපියල් හාරදහස මහියංගණ අධිකරණ භූමීයේදී ගනිද්දී මහියංගණ පොලිසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය.
අසභ්‍ය වීඩීයෝ දර්ශන ඇතුලත් ජංගම දුරකතන මුදා හැරීමට රුපියල් පන්දහසක අල්ලසකින් රුපියල් දහසක් ලබාගෙන ඉතිරිය වන රුපියල් හාරදහස මහියංගණ අධිකරණ භූමීයේදී ගනිද්දී මහියංගණ පොලිසියේ කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ රාළහාමි කරගත්තු දෙයක මහත.(නදී)
කරන තරම් හොර වැඩ කරන්නෙ දැන් පොලිසියේ අයයි. පොලිස්පති තුමනි ඔබට නොතේරේද? (නදී)
නියම වැඩේ. අහිංසකයන්ව බය කරලා අමාරුවේ දමනවට.(නදී)
නැහැ ඉතින් පඩියෙන් කොහොමද ජීවත් වෙන්නේ අද රටේ බඩු මිළ බැළුවම. (නදී)
දය අලහාකෝන් කියන්නේ අමුතුම කතාවක්. (නදී)
ලොකු තැනේ ඉදල පොඩිම තැන දක්වා හැමතැනම අල්ලස, දූෂණය. මේකෙන් තැලෙන්නේ පොඩි වෙන්නේ අහිංසක මිනිස්සු. මේවට කැ ගහන්න දේශප්‍රේමින් නැද්ද ? (නදී)
අපේ රටේ උසස් තනතුරු වලට පත් වෙන්න ඕනේ දැන් දිල්ලි වලට පත් වෙලා ඉන්න මහා ඇමති වගේ අය.(නදී)
දෙයියෝ බුදු වන්න මොකද්ද මේ නිතිය සුරකින මිනිස්සුන්ට වෙලාතියෙන දේ (දී)
මහියංගණ පීසීගේ අල්ලස් කතාව අහන්න වෙලාවක් නැහැ, මේ දවස්වල හැමෝම අවදානෙන් ඉන්නේ කුඩු කන්ටේනරයේ කතාව කොහෙන්ද කෙලවර වෙන්නේ කියල බලාගෙන. (නදී)
අනේ! අපේ රටට ගිය කල.(නදී)
දයා,ඔයාටත් සල්ලි නැති වුනාම හොරකමේ යන පුරුද්දක් තියෙනවද?ඔයා ඉගෙන ගත්ත කෙනෙක් නම් මේ දේ මේ විදියට අනුමත කරන්නේ නැහැ. (දී)
තෝරු මෝරු නිදැල්ලේ ඉද්දි හාල්මැස්සෙක් කොටුවුණු තවත් එක නිදසුනක්. (දී)
ඊයේ කෙසෙල් කැනක් කපපු හොරට අසරණය කියල ගොඩක් අය අදහස් දක්වල තිබුන. ඒ පොඩි හොරකමක් කියල. අද පොඩි පොලිස් නිලධාරික් පොඩි වැරැද්දක් කලාම වෙනස්. වැරැද්ද හොරකම ලොකු උනත් පොඩි උනත් වැරදියි. කවුරු උනත් දඬුවම් විඳින්න ඕන. නමුත් මෙහෙම හම්බ කරන අයගේ දරුවෙක් ලොකු හපන්කමක් කලා කියල වැඩිය අහල නැහැ (දී)