අපවිත්‍ර ජලය පානය නිසා වකුගඩු අක්‍රීය වීමේ රෝගයට ගොදුරු වීමේ අවදානමෙන් පෙළෙන ජනතාවට වස විසෙන් තොර පිරිසිදු පානීය ජලය ලබා දීමේ “පිවිතුරු පැන් පූජා” පිංකම මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා ගුවන් විදුලියේත් නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පනාවකට අනුව සිදුවිය. එහි 10 වැනි දියවර ඔස්සේ සීවලීපුර, පදවි ශ්‍රීපුර ග්‍රාමයට පානීය ජලය පසුගිය 4 වැනිදා සැපයිණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය උදෙසා දායකත්වය විශ්ව පාරමී පදනමෙනි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පල්ලේගම මහතාගේ මෙහෙයවීමෙන් ජල පිරිපහදු ඒකක ඉදිකැරිණි.
(ඡායාරූප - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය අනුග්‍රහයෙනි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන්නාවූ සත් කාර්යය උපන් දේශය වෙනුවෙන් දිගින් දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා. මේ රට ගැන හිතන රටට සෙත සලසන උතුම් බුදු බණ ලොවට පහදා දෙන ශ්‍රද්ධා ගුවන්විදුලියටත් ලොකු ස්වාමින්වහන්සේටත් සුබෝධි හිමි ඇතුළු මහමෙව්නා අසපු වාසි සියලු මහ සඟරුවනට මේ දුක්ඛිත සසරින් එතෙර වීමට මේ පින හේතුවේවා! නමෝ බුද්ධාය ! (බ)
සාදු ! සාදු! යහපතක් තමයි වෙන්න ඕන (බ)
සාදූ... සාදූ... සාදූ.. නමෝ බුද්ධාය. (ස)
මේ පිංකම නම් මිල කළනොහැකි පින්කමක්. බුදුන් වහන්සේ සිහිකර නොයෙකුත් විසුක දස්සන පෙන්වන මේ කාලේ, අසරණ ජනයාට පැන් ලබාදීම මඟින් මහත් කුසලයක් මේ සැමට අත්කර දෙනු ඇත. මෙය උතුම් පුජාවකි. (නි)
ඔබ වහන්සේ නියම බුද්ධ පුත්‍රයෙක් ,අහිංසක මිනිස්සුන්ට බොන්න වතුර දීපු එක මොන තරම පිනක් ද , මතු බුදු වෙන්න ඔය පුණ්‍ය කර්මය හොදටම ප්‍රමාණවත් (හේ)
ජාත්‍යන්තරව පිහිටවා තිබෙන මහමෙව්නා අසපු මඟින්ද වටිනා සේවාවන් රැසක් සිදුවෙනවා. (නි)