අම්පාර උහන නගර සීමාවේ බුද්ධංගල දහම් මැදුර හා තවත් පන්සල් තුනක් ආසන්නයේ අක්කර පහක ඉඩමක මහ මෙව්නා අසපුවක් ඉදිකිරීමට යෑමට එරෙහිව අම්පාර මහාවාපි විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් ද බුද්ධංගල විහාරාධිකාරී දීඝවාපියේ සුසීම හිමියන් ද, ගල්මඩුකන්ද පුරාණ රජ මහා විහාරාධිපති හෑගොඩ විමල ඥාන හිමියන් ද ඇතුළු 30 නමක් පමණ මහා සංඝරත්නය අද එම භූමියේ දී මිනිත්තු 45ක පමණ විරෝධයක් පළ කළහ.
සෝමරතන හිමියන් හා සුසීම හිමියන් පැවසුවේ පෞරාණික ස්ථාන ඕනෑ තරම් ඇති බවත්, එවැනි ස්ථානයට අසපුවක් පටන් ගත්තාට ගැටලුවක් නැති බවත් ය.
මෙම අසපුව සඳහා කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් ෂමින්ද රාජපක්ෂ මහතා සෙනසුරාදා (20) මුල්ගල තැබීය.
මහමෙව්නාවේ අළුදෙණියේ සුබෝධි හිමියෝ ද ඒ අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුලංජි , මේක නගරයෙන් සැතපුම් 80ක් විතර දුර දුෂ්කර පැත්තකයි දැම්මේ. ගරු පින්වත් ස්වාමින් වහන්සේලා මුදල් පරිහරණය කරන්නේ නැහැ. සියල්ල කරමින් උන්වහන්සේලා රැකබලා ගන්නේ පින්වත් උපාසක උපාසිකාවන් විසිනුයි. ඒ සැමට මගේ හද පිරි ප්‍රණාමය ! පිරිසිදු නිර්මල දහමේ ප්‍රනීත බව පසක් වුනේ මහමෙව්නාවෙනුයි.ඇත්තටමේ මේ නිසා සියල්ලන්ටම වෙන්නේ හොදක්. ලංකාවේ බොදුනුවන්ට මේ සියල්ල වටිනවා (නි)
අසපු බෞද්ධ වත් පිළිවෙත් වලට නොගැලපෙන වදනක් , පන්සල් ,විහාර පනසල්වලට ඇති ගෞරවය හල්ලුකීරීමක් ,අසපු වල ඉන්නේ තාපසයෝ මිසක් හාමුදුරුවරුන් නෙවි (දී)
බුදු සසුන බැබලෙනවට හැමෝම කැමතියි. අපේ බෞද්ධ සැදැහැවතුන් සිල් රකිනවට හැමෝම කැමති වෙන්න ඕනෑ. (දී)
විදෙස රටවල් වල පන්සල් ගොඩක් තියෙනවා ඒ වගේම එක මහමෙව්න අසපුවක් ලන්ඩන් වල තියෙනවා. පින් කැමැත්තෝ කැමති ස්ථාන වලට ගොස් පින් රැස් කර ගන්නවා. නිර්මල සද්ධර්මය සොයා යන නුවනැත්තෝ නුපන් කුසල් රැස් කිරීමටත් උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ............කටයුතු කරනව. එම නිසා කවුරු කවුරුත් සතර බ්‍රහ්ම විහරණ වඩා අවබෝධයෙන් යුතුව කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝධපන' යන බුධූ වචනය සිහි කරමු. අන්‍ය ආගමිකයන් හිනස්සන තැනට බුදු රජාණන් වහන්සේ අනුගමනය කරන අපි කටයුතු නොකරමු. තෙරුවන් සරනයි . මෛත්‍රිය කරුණාව වැඩේවා. අකුසල සිතින් කටයුතු නොකරන්න. මෙයට, ගිහියෙක්. (දී) ගිහියෙක්
මහමෙව්නාව ගැන අපි හොදින්ම දනිමු. (දී)
මහමෙව්නා අසපුව යනු හරියට දේවාලයක් වාගේ ශාන්ත, පිරිසිදු තැනකි (දී)
බුද්ධාගමේ මෙවන් දෙයක් සිද්ධ වෙද්දී අපි සියල්ලෝම ඊට සහයෝගය දැක්විය යුතුයි නේද? (දී)
මහමෙවුනාවක් පිහිවුවීම හොද දෙයක්. අපි එයට සහය දැක්විය යුතුයි (නි)
මහමෙව්නාවට ජයවේවා!(නදී)
මහමෙව්නාව අපේ උරුමයයි.(නදී)
මහමෙව්නාව දිනේවා!(නදී)
එදා ඉන්දියාවේ වෙහෙර විහාර 84000ක් හැදුවා. (දී)
කොච්චර හොඳයිද වැඩිපුර පන්සල් හැදෙන එක? (දී)
මහාමෙවුනා අසපුවක් හදන එක ගැන නම් ඇත්තටම සතුටුයි. (දී)
ශ්‍රී සද්ධර්මය (ත්‍රිපිටක/ අටුවා/ටීකා) පරිශීලනය කර සත්‍යාවබෝධය ලඟා කර ගනිත්වා! ගරු මහා නායක හිමිවරුනි,සම්‍යක් දෘෂ්ටික දේවතාවුනි, සද්ධර්මය සුරක්ෂිත කිරීමට ඔබට ශක්තිය/ ප්‍රඥාව ලැබේවා! තෙරුවන් සරනණයි! (නි)
ඇයි හාමුදුරුවනේ මෙවන් හොද දෙයෙකට විරුද්ධ වෙන්නේ. ඇමරිකාවෙත් පන්සල් තියෙනවා, අසපු තියෙනවා අපි හැමෝම ඒ දෙකටම යනවා. සිල් ගන්නවා භාවනා කරනවා. කොහෙත් කියන්නේ බුදු ගුණ.(නදී)
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනය නගා සිටුවීමට ගත් නොනවතින උත්සාහයක ප්‍රතිපලයක් වශයෙන් අද මහමෙව්නාව දෙව් මිනිසුන්ට සසුන් කෙත අස්වදමින් නොනැවතී ඉදිරියටම ගලා බසියි. කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා! (දී)
තාවකාලික පැවිද්ද ලබාදෙන හොරණ පිහිටි පුජ්‍ය කිරම හාමුදුරුවන් මෙහෙයවන ආයතනය අර්ථවත් සේවයක් කරන ස්ථානයක් ලෙස මම අගය කරමි (නි)
අද මහමෙව්නාව නිසා බුදුන් වහන්සේ කෙරෙහි මහත් ප්‍රබෝදයක් ලෝකයේම ඇතිවී තිබේ. සියලුදෙනාම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝද කර ගැනීමට වීරිය කරන සේක්වා! ශ්‍රද්ධාව ඇතිවේවා! නැවත ශ්‍රී ලංකාව තුල බුද්ධ සාශනය අනුරාධපුර යුගය මෙන් බැබලේවා!(නදී)
ගමේ දුප්පත් පන්සල වලට දානයක් වත් නැහැ. මෙච්චර කල් බුද්දාගම අරගෙන ආවේ අපේ ගම්වල ඉන්න ස්වාමීන්වහන්සේලා. රට ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් හඩක් නගන්නේ අපේ ගම්වල ඉන්න ස්වාමීන්වහන්සේලා. (නදී)
එදා ඉන්දියාවේ වෙහෙර විහාර 84000ක් හැදුවා. එයින් හතරෙන් එකක්වත් අපේ ලංකාවේ ඒ වගේ නැවත ගොඩනගන්න පුළුවන් නම් කොච්චර හොදද? මේවා තමයි ආමිස පුජාව (දී)
මහමෙව්නා අසපුවල ස්වාමින්වහන්සේලා දේශනා කරන ධර්මය බොහෝ මිනිසුන්ට තේරෙන නිසා සියලුම අය මහමෙව්නා වට ගියොත්?(නදී)
ගොඩ දෙනෙක් තම තම නැණ පමණින් මහා මෙවුනා ගුණ වයනවා, ඒ ඔක්කොම හොදයි ලස්සනයි කියන්න වරදකුත් නැහැ. හිතන්න ඉක්මනට පිපෙන මල් ඉක්මනට පරවෙනවා. ඊලග පරපුරට පර මල් තමයි දෙන්න වෙන්නේ. එවැනි ස්වභාවයක් අසපු ක්‍රමයේ අන්තර්ගතයි. අපේ දුවා දරුවන්ටත් මේ උතුම් දහම ආරක්ෂා කර දිය යුතු නිසාවෙනි මෙහෙම කියන්නේ.(නදී)
අපි කියන්නේ ඇත්ත.(නදී)
මෙම පින්කමට අනුමෝදන් වෙලා පින් කර ගන්න ඕනෑ වෙලාවක් මේ අවස්ථාව. මහමෙව්නාව යනු සත්පුරුෂ කල්‍යාන මිත්‍රයෙක් බුදු සසුනට. සාදු සාදු!! (දී)
මේ අයට වෙන වැඩ නැතිද? (ස)
ඇයි මහමෙවුනාවට අපේ හාමුදුරුවරු විරුද්ධ වෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. හැකිතරම් පන්සල් ඉදිවෙනවා නම් අපිත් කැමතියි (නි)
හැම තැනම මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙනවා.(නදී)
අසපුවක් තියෙන්න ඕන වන අරණකයි. (ස)
වැඩි වැඩියෙන් පන්සල් හදන එක හොදයි. ඒ ලෙසම සැදැහැවතුන්ගේ පැමිණීමත් ඒවාට තිබිය යුතුයි (නි)
උද්ගෝෂණය කරන හාමුදුරුවනේ, අද මහමෙව්නාව නිසා බුදුන් කෙරෙහි මහත් ප්‍රබෝදයක් ලෝකයේම ඇතිවී තිබේ. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝද කර ගැනීමට වීරිය කරන සේක්වා.(නදී)
අසපුවක් තිබිය යුත්තේ නගරයක් මැද නොව නිස්කලංක පරිසර වල බවයි මගේ අදහස වෙන්නේ (නි)
නිර්මල ථෙරවාදී බුදු දහම ත්‍රිපිටකය තුල පදනම් වී ඇත. ඒ සියල්ල යථාවබෝධයෙන් දේශනා කළේ සුගත තථාගතයානන් වහන්සේය (නි)
අපි දන්නවා රටට යම් හොද දෙයක් කරන්නයි යන්නේ කියලා. (නි)
මා දන්නා තරමින් මේ තරම් රටට,රටවැසියන්ට,ගහකොළට, සතා සිවුපාවුන්ට, ආගමට දහමට සේවයක් කළ එකම රජය මෙයයි (නි)
මගේ වයස 50 යි. මම ඉතිපිසෝ ගාථාවේ තේරුමවත් දැනගත්තේ මහමෙව්නාව නිසාවෙනි.(නදී)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
උපේක්ෂා, ඒ පළාතේ හාමුදුරුවරුන්ගෙන්ම තමා වැඩි විස්තර දැනගන්න වෙන්නේ (නි)
අපි ඇත්ත කතාකරමු. හිත රිදුනට කමක් නැහැනේ. (නි)
අම්පාරේ නැතත් පෙරේදා ඇමරිකාවේ රුපියල් කෝටි තුනකට ඉඩමක් ගත්තා මහමෙව්නා අසපුවකට.(නදී)
මහ මෙව්නාව අපේ පිනට පහල උන සංකල්පයක්.(නදී)
ගමේ පන්සල අමතක කරන්න එපා. මෙච්චර කල් බුද්ධාගම අරගෙන ආවේ අපේ ගම්වල ඉන්න ස්වාමීන් වහන්සේලා. ථෙරවාදී බුද්ධාගම සුරැකිය යුතුයි.(නදී)
ධර්මය අවබෝධ කරන්නෝ මහමෙව්නාවට පැමිනෙත්වා.(නදී)
මිනිස්සු බහුතරයක් මහමෙවුනාවට ඇදී ඒවි. මිනිස්සු කැමතියි සිල්වත් භික්ෂූන් වහන්සේලාට. (නි)
මෛත්‍රී බුදුසසුනෙන් චතුරාර්ය සත්‍යය අවබෝද කරගැනීමට බලාපොරොත්තු ව සිටි අසරණ මිනිසුන්ට ගෞතම බුදුසසුනෙන්ම අවබෝධ කිරීමට කියා දුන් කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා (අ)
මහමෙව්නාව අසපු මගින් බුද්ධ සාසනයට කරන දහම් සේවාව මෙරට, පිටරට ජීවත්වන බොහෝ පිරිසක් ඇතුළු මහනායක ස්වාමින් වහන්සේලා දන්නවා. සියලු දෙනාම සමගි සම්පන්න වී සම්බුද්ධ ශාසනයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට කටයුතු කරමු. තෙරුවන් සරණයි! (නි)
උපේක්ෂා, විරෝධතාවයන් මතුවෙන එක දැන් අපේ රටේ හැම ප්‍රදේශයකටම වගේ පැතිරිලා ඉවරයි. (නි)
බුදුන්ටත් දේව දත්තලා හිටියනේ ඉතින් මහමෙව්නාවටත් හිටින එක මහ ලොකු දෙයක් නෙවෙයි.(නදී)
පින් ඇති සියලු දෙනා මහමෙව්නාව සමග එක්ව නිවැරැදි දහම මනාව පුරුදු පුහුණු කරයි. ආටෝප වලට, හසු නොවෙයි.(නදී)
ශ්‍රද්ධා රූපවාහිනි නමින් විකාශනය වන සේවාවෙන් අපට ඉගෙනීමට බොහෝ දේ තිබේ (නි)
මේ ඔක්කොටම බලපාන්නේ සිතයි. උද්ගෝෂණය කරන්නේ නැතුව සිත සන්සුන් කරගන්න උත්සාහ කරමු(නි)
කරුණාකර විරෝධය සදහා සාධාරණ හේතුවක් දැනගන්න පුළුවන්ද? (නි)
මහමෙව්නාවේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් කරන සේවයට අප සදා ණයගැතියි. (නි)
අසපුවේ ඉන්නේ හොද සිල්වත් හාමුදුරුවරු.(නදී)
අපේ නිර්මල ථෙරවාද බුදුදහමට අද නොයෙකුත් ගැටළු ඇතිවෙලා. (නි)
84000ක් වෙහෙර විහාර ඉදිවු බුදු සසුනක බඹයෙන් බඹය සිද්ධස්ථාන ඉදිවුවා කියා ඇති වරද කුමක් ද? දැන්වත් නැගෙනහිර බෞද්ධයින්ව මර නින්දෙන් අවදි කරවමු. අපිට කෝටියක් පන්සල් ආරණ්‍ය අසපු හැදුනත් දන් දෙන්න පුලුවන් හාමුදුරුවනේ.අහෝ බුදු සසුනකට වූ විපතක මහත! තෙරුවන් සරණයි! (නි)
අපි හැමෝම එකමුතු වෙලා වැඩ කරමු. බුදුන් දේශනා කළ ආකාරයට අර ලිච්ඡවීන්ගේ එකමුතු කම ගැන සිතමු. (අ)
පින්වත් ලක්වාසියනි, මහමෙවුනාවෙන් දේශනා කරන්නේ පිරිසිදු නිර්මල බුද්ධ වචනයයි. (නි)
අසපු වල සිටින්නේ සැදැහැවත් හාමුදුරුවන් වහන්සේලා බව අපි පිළිගනිමු (නි)
මේ වෙනකොට සමහරවිට යම් පිළිතුරක් ලැබී තිබෙන්නත් පුළුවන් (නි)
මේවා පිටරට වල ප්‍රචාරය වුනහම වෙනත් ආගමික අන්තවාදීන් මේ දේවලින් අපිට විරුද්ධව අයුතු ප්‍රයෝජන ගන්න වුනත් පුළුවන් නේද? (නි)
ශාසනය විනාශ කරගන්නේ අපි අපිමයි. භාවනාව මගින් තමන්ගේ හිත සන්සුන් කර ගැනීමට අප දැනගත යුතුයි (නි)
අක්කර 5ක් කියන්නේ පොඩි ඉඩක් නේද? අම්පාර පැත්තේ ලොකු ඉඩකඩක් තිබෙන තැනක් බලලා අනෙක් අයටත් ගැටළුවක් ඇති නොවෙන විදියට මේ කාර්යය කරමු. දෙගොල්ලෝම සාකච්ඡා කරලා තීරණයකට එන එක වැදගත් (නි)
මහමෙව්නාව තරම් වටිනා වස්තුවක් අපට තවත් කොයින්ද? මහමෙව්නාව රැක ගැනීමට එක්වන්න. මහමෙව්නාවට ජයවේවා! නමෝ බුද්ධාය ! (නි)
පළමු වෙඩිමුරය අම්පාරෙන්.... අපි බලමු මොකද වෙන්නේ කියලා. (නි)
බෞද්ධ දර්ශනයේ තිබෙන සමානාත්මතාවය ඒ ලෙසින්ම සියල්ලන් ළග තිබේ නම් කොපමණ හොදද? (නි)
ආරම්භයේදීම බාධා.... (නි)
බොහෝ දුෂ්කරතා මැද ත්‍රස්තවාදී කලබල මධ්‍යයේ වුවද වැඩ වෙසෙමින් අම්පාරේ බෞද්ධ සිද්ධස්ථාන රැකගත් ග්‍රාමවාසී සංඝයා වහන්සේලාගෙන් ඉටුවූ සේවය අපි මෙවේලේ සිහිපත් කිරීම වටී (නි)
බොහෝ දුෂ්කරතා මැද ත්‍රස්තවාදී කලබල මධ්‍යයේ වුවද වැඩ වෙසෙමින් අම්පාරේ බෞද්ධ සිද්ධස්ථාන රැකගත් ග්‍රාමවාසී සංඝයා වහන්සේලාගෙන් ඉටුවූ සේවය අපි මෙවේලේ සිහිපත් කිරීම වටී (නි)
මහමෙව්නාව යනු සකල ක්ලේශයන් ප්‍රහීන කරන සිල්වතුන් ගුණවතුන් බිහි කරන තැනක්. එයට අනුග්‍රහය දක්වා සාමුහිකව සත්‍යය අවබෝධ කරගනිමු (නි)
සිංහල බෞද්ධයන් සැම විටම සමගි විය යුතුය. අපේ රට අල්ලන යන හතුරන්ගේ තියෙන සමගිය ලංකාදීපේ ඇතැම් පිටුවලට දාන අදහස් වලින් බලාගන්න පුළුවන්.සිංහලයට දැන් එලබී තියෙන්නේ සතුරාට රට දෙනවද යන්න තීරනයකරන කාලයයි.අපේ අසමගිය නිසා මෙම ස්ථානයේ සතුරන් තවත් පල්ලියක් ඉදිකළ හැකිය.ප්‍රවේශමෙන්.(දී)
අපේ හාමුදුරුවනේ අම්පාරේ පන්සල හදනවට සතුටු වෙන්න.ඔය පළාතේ පෞරාණික ස්ථාන විනාස කරන අන්‍යාගමිකයන්ට එරෙහිව පෙළ ගැසෙන්න.(දී)
මෙය මුල්ගල තියන්න ආපු කෙනා කවිද? (නදී)
මහමෙව්නාව වගේ ස්ථාන වලට සැදැහැවතුන් ගොඩක් දෙනා ආකර්ෂණය වෙන ප්‍රවණතාවය වැඩියි (නි)
බවුද්ධ පන්සලක් නම් කුමකටද තැන තැන ශාඛා පිහිටුවා ගෙන යන්නේ ? ඒ ඒ පළාත් වල ඕන තරම් පන්සල් තියෙනවා නේ . මහමෙව්නා යනු තවත් එක කල්ලියක් . මෙයින් මහා විනාසයක් ඉදිරියේදී සිදුවිය හැකියි . (දී)
අපි හරිම කැමතියි මෙවැනි දේට. බෞද්ධයෝ හැටියට බුදුදහම ලෝකය පුරාම ව්‍යාප්ත වන මෙවැනි මොහොතක මේ අපේ බෞද්ධ රටේ මෙවැනි විරෝධයක් නැගීම ගැන කම්පා වෙනවා. අපේ රටේ හැම බෞද්ධයම එකමුතු වෙලා මේ දහම ව්‍යාප්ත කරමු.(නදී)
මහමෙව්නා අසපුව යනු හොද තැනකි. නමුත් ඕනෑම දෙයක බාහිර පෙනුම ගැන පමණක් නොබලා ඇත්ත ඇති සැටියෙන් විමසා බලා පිළිගැනීම වටී (නි)
සුත්‍ර නැවත ජනතාවට තේරෙන ආකාරයට පරිවර්තනය කිරීම නිසා බුද්ධ වචනය ඉදිරියට ආවා.යමෙක් මහමෙව්නාවට විරුද්ධ වෙනවා නම් විරුද්ධ වන්නෙ බුදු හාමුදුරුවන්ට බවයි මට හිතෙන්නේ.සියලු ලෝකවාසින්ට මහමෙව්නාව සරණ යාමට සිත්දේවා! නැවත බුද්ධ සාශනය අනුරාධපුර යුගය මෙන් බැබලේවා! (නි)
හෑබෑයි පල්ලි හදනවට මේ අය විරුද්ද නෑ (දී)
මේ අසපු ඇත්තටම අපට අවශ්‍යද ? මේවා "සෝ-බණ" කියන, මහායානයට බර පන්සල් බවයි මට හිතෙන්නේ. අනික අසපු තිබිය යුත්තේ නගර මැද නොව නිස්කලංක පරිසර වල නොවෙයිද ?(දී)
පුරාණ රජමහා විහාර ආසන්නයේම හදන්න ඕනද මහමෙව්නා අසපුව? නිදන් එහෙමත් හම්බවෙන්න පුළුවන් ඕක හදද්දී.(නදී)