ගාල්ල මහමෝදර ළදරු දැඩිසත්කාර ඒකකයේ සිවිලිම අද සවස ළමයි රඳවා තිබූ වීදුරු කුටි මතට කඩා වැටීමෙන් එම ඒකකය තාවකාලිකව වසා දමා ඇත. දරුවන් හතරදෙනෙක් එහි සිටියදි අනතුර සිදුව ඇත. හෙදියක තුවාල ලැබූ නමුත් විදුරු කුටි ඇතුලේ සිටි බැවින් දරුවන්ට හානියක් නැත. රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ ළදරුවන් එම ඒකකයේම වෙනත් කොටසකට මාරු කළ බවයි. පසුගිය වසරේ විෂබීජ ඇතුළුවීම හේතුවෙන් දරුවන් කිහිප දෙනකු මෙම ඒකකයේදී මියයාමෙන් පසු මෙම ඒකකය අළුත්වැඩියා කළේය. එම අවස්ථාවේ සිවිලිම අළුත්වැඩියා කැර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් බාර ඇමතිතුමා බෙර වාදනය කරමින් ඉන්නවා මම ලඟදි දැක්කා. (නි)
කවුද මේක අනුමත කළේ සුදුසුයි කියලා? (නි)
දරුවන්ට කරදරයක් නැතිව බේරුන එකට දෙවියන්ට ස්තුති වේවා! (නි)
අනේ අපොයි! අපේ දරුවත් මීට වසර 06කට පෙර ඔය වීදුරු කුටියකම හිටියා. බළධාරින් නිදි ද? (නි)
දරුවෙක් කොච්චර වටිනවද කියලා ලොකු ලොක්කන්ට තේරෙනවා නම් ලොකු දෙයක් (නි)
මෙම රෝහල මුහුදට ආසන්නයි. දිරායාමේ හැකියාව ඉක්මන් (නි)
සුනාමියෙන් පසු මෙම රෝහල කරාපිටිය රෝහල අසල ඉදිකිරීමට යෙදුනි . නමුත් වසර කීපයකින් පසු බලදාරින්ගේ නොසැලකිල්ල නිසා ඉදිකිරීම් කටයුතු නැවතුණි. බලදාරින්ගේ ඇස ඇරුනොත් හොඳයි. (නදී)
මෙහෙම බැලුවොත් අර මහ මූද මැද්දේ තියන තෙල් ළිං මාස හයෙන් මුහුදුබත් වෙන්න එපායැ.(නදී)
කොන්ත්‍රාත්කරු නීතිය ඉදිරියට ගෙන දඩුවම් පමණුවන්න. (නි)
බාල වැඩ කරන හොර කොන්ත්‍රාත්කාරයින්ගේත් ,බලධාරීන්ගේත් කල්ල මරේ........ රෝගීන්ට ,සේවකයින්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
පොඩි ළදරුවෝ ඉන්න තැනක්වත් වංචාවක් නැතිව හදන්න බැහැ. (නි)
පුදුමයක් නෙමෙයි. මේක අලුත් ශ්‍රී ලංකාවනේ.මේක අලුත්වැඩියා කරපු කෙනාට නඩු දාන්න ඕනෑ. (නි)
දෙයියෝ නින්දේද? (නි)
චූටි පැටවුන්ට කරදරයක් නොවීම තමයි ලොකුම දේ (නි)
බාල බඩු දාලා හොඳට ලාබ ලබන්න ඇති. හොඳ වෙලාවට අර කිරි සප්පයන්ට මොකුත් වුණේ නැත්තේ. ඔය අලුතෙන් තරු 3නේ,5හේ ඉස්පිරිතාල හදන්න කලින් මේ තියෙන ඉස්පිරිතාල වල අඩු පාඩු හදලා දුන්නානම් හොඳ නැද්ද....? (නි)
අයියෝ හදන්න ගිය සල්ලි
ඔය රෝහල මුහුද අයිනේ තියෙන නිසා වටිනා උපකරණ බොහොමයක් ඉක්මනින් දිරාපත් වුණා. මම හිතන්නේ හොදම දේ වෙනම තැනකට ඕක ගෙනියන එකයි. සිවිලිම වුනත් දිරන්න ඇති ඉක්මනටම (නි)
සෞඛ්‍ය අංශයේ කොලිටියට සිවිලිම ගහන්න ඇති. ඒ වුනාට පම්පෝරි කොහොමද ? (නි)
අනේ ඒ බිළින්දන් හතර දෙනා බේරුන එක කොයිතරම් දෙයක්ද? ජීවත් වෙන්න වාසනාව තියෙන දරුවන් සිව් දෙනෙක්. දිර්ඝායුෂ ලැබේවා! කතරගම දෙවි පිහිටයි (නි)
ඔන්න ලංකාවේ වැඩ... අවුරුද්දකින් කැඩෙන්න සිවිලිම හැදුවේ කාඩ්බෝඩ් වලින් වෙන්න ඇති. (නි)
ඔය රෝහල පෞද්ගලික අංශයට දෙන්න කරපු කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන් (නි)
දෙන් හැමතැනම එකයි. හොර වැඩ කෙළවරක් නැහැ (නි)