ගාල්ල මහමෝදර ළදරු දැඩිසත්කාර ඒකකයේ සිවිලිම අද සවස ළමයි රඳවා තිබූ වීදුරු කුටි මතට කඩා වැටීමෙන් එම ඒකකය තාවකාලිකව වසා දමා ඇත. දරුවන් හතරදෙනෙක් එහි සිටියදි අනතුර සිදුව ඇත. හෙදියක තුවාල ලැබූ නමුත් විදුරු කුටි ඇතුලේ සිටි බැවින් දරුවන්ට හානියක් නැත. රෝහල් ප්‍රකාශකයකු කියා සිටියේ ළදරුවන් එම ඒකකයේම වෙනත් කොටසකට මාරු කළ බවයි. පසුගිය වසරේ විෂබීජ ඇතුළුවීම හේතුවෙන් දරුවන් කිහිප දෙනකු මෙම ඒකකයේදී මියයාමෙන් පසු මෙම ඒකකය අළුත්වැඩියා කළේය. එම අවස්ථාවේ සිවිලිම අළුත්වැඩියා කැර නැත.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහමෝදර ළදරු දැඩි සත්කාර ඒකකයේ සිවිලිම කඩා වැටේ
ලුම්බිණි Saturday, 01 June 2013 10:54 PM
රෝහල් බාර ඇමතිතුමා බෙර වාදනය කරමින් ඉන්නවා මම ලඟදි දැක්කා. (නි)
රෙමාකෝ Saturday, 01 June 2013 11:49 PM
කවුද මේක අනුමත කළේ සුදුසුයි කියලා? (නි)
ප්‍රියානි Saturday, 01 June 2013 11:52 PM
දරුවන්ට කරදරයක් නැතිව බේරුන එකට දෙවියන්ට ස්තුති වේවා! (නි)
රත්නසිරි Sunday, 02 June 2013 12:42 AM
අනේ අපොයි! අපේ දරුවත් මීට වසර 06කට පෙර ඔය වීදුරු කුටියකම හිටියා. බළධාරින් නිදි ද? (නි)
ද්ඩ් Sunday, 02 June 2013 02:10 AM
දරුවෙක් කොච්චර වටිනවද කියලා ලොකු ලොක්කන්ට තේරෙනවා නම් ලොකු දෙයක් (නි)
ආරියදාස Sunday, 02 June 2013 06:35 AM
මෙම රෝහල මුහුදට ආසන්නයි. දිරායාමේ හැකියාව ඉක්මන් (නි)
කුමාර Sunday, 02 June 2013 08:54 AM
සුනාමියෙන් පසු මෙම රෝහල කරාපිටිය රෝහල අසල ඉදිකිරීමට යෙදුනි . නමුත් වසර කීපයකින් පසු බලදාරින්ගේ නොසැලකිල්ල නිසා ඉදිකිරීම් කටයුතු නැවතුණි. බලදාරින්ගේ ඇස ඇරුනොත් හොඳයි. (නදී)
ඩී.උපුල් Sunday, 02 June 2013 09:53 AM
මෙහෙම බැලුවොත් අර මහ මූද මැද්දේ තියන තෙල් ළිං මාස හයෙන් මුහුදුබත් වෙන්න එපායැ.(නදී)
ශා Saturday, 01 June 2013 08:12 PM
කොන්ත්‍රාත්කරු නීතිය ඉදිරියට ගෙන දඩුවම් පමණුවන්න. (නි)
චන්ද්‍රා Saturday, 01 June 2013 08:37 PM
බාල වැඩ කරන හොර කොන්ත්‍රාත්කාරයින්ගේත් ,බලධාරීන්ගේත් කල්ල මරේ........ රෝගීන්ට ,සේවකයින්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
චන්ද්‍රසිරි Saturday, 01 June 2013 08:46 PM
පොඩි ළදරුවෝ ඉන්න තැනක්වත් වංචාවක් නැතිව හදන්න බැහැ. (නි)
සනත් Saturday, 01 June 2013 08:58 PM
පුදුමයක් නෙමෙයි. මේක අලුත් ශ්‍රී ලංකාවනේ.මේක අලුත්වැඩියා කරපු කෙනාට නඩු දාන්න ඕනෑ. (නි)
ඩී.උපුල් Saturday, 01 June 2013 08:59 PM
දෙයියෝ නින්දේද? (නි)
අමිල කටුනායක Saturday, 01 June 2013 08:58 PM
චූටි පැටවුන්ට කරදරයක් නොවීම තමයි ලොකුම දේ (නි)
නාමලී Saturday, 01 June 2013 09:00 PM
බාල බඩු දාලා හොඳට ලාබ ලබන්න ඇති. හොඳ වෙලාවට අර කිරි සප්පයන්ට මොකුත් වුණේ නැත්තේ. ඔය අලුතෙන් තරු 3නේ,5හේ ඉස්පිරිතාල හදන්න කලින් මේ තියෙන ඉස්පිරිතාල වල අඩු පාඩු හදලා දුන්නානම් හොඳ නැද්ද....? (නි)
පුබුදු Saturday, 01 June 2013 09:19 PM
අයියෝ හදන්න ගිය සල්ලි
විරාජ් කාලිංග Saturday, 01 June 2013 09:37 PM
ඔය රෝහල මුහුද අයිනේ තියෙන නිසා වටිනා උපකරණ බොහොමයක් ඉක්මනින් දිරාපත් වුණා. මම හිතන්නේ හොදම දේ වෙනම තැනකට ඕක ගෙනියන එකයි. සිවිලිම වුනත් දිරන්න ඇති ඉක්මනටම (නි)
හුසේන් Saturday, 01 June 2013 09:42 PM
සෞඛ්‍ය අංශයේ කොලිටියට සිවිලිම ගහන්න ඇති. ඒ වුනාට පම්පෝරි කොහොමද ? (නි)
චන්දි Saturday, 01 June 2013 09:55 PM
අනේ ඒ බිළින්දන් හතර දෙනා බේරුන එක කොයිතරම් දෙයක්ද? ජීවත් වෙන්න වාසනාව තියෙන දරුවන් සිව් දෙනෙක්. දිර්ඝායුෂ ලැබේවා! කතරගම දෙවි පිහිටයි (නි)
රංජනී Saturday, 01 June 2013 10:29 PM
ඔන්න ලංකාවේ වැඩ... අවුරුද්දකින් කැඩෙන්න සිවිලිම හැදුවේ කාඩ්බෝඩ් වලින් වෙන්න ඇති. (නි)
කෝලිත Saturday, 01 June 2013 10:26 PM
ඔය රෝහල පෞද්ගලික අංශයට දෙන්න කරපු කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන් (නි)
සන්ඩර් Saturday, 01 June 2013 10:38 PM
දෙන් හැමතැනම එකයි. හොර වැඩ කෙළවරක් නැහැ (නි)