IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘මෙහෙමත් පව්කාරයෝ‘

ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සා කිරීම් 15,000ක් පමණ සිදුවන බවත්, එමගින් කාන්තාවන් 10 දෙනකු පමණ මියයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

සෑම වසරකම කාන්තාවන් ලක්‍ෂ 4ක් ගර්භනීභාවයට පත්වන අතර ඉන් 24,000ක් පමණ අඩු වයස් මව්වරුන් බවද ඇය සඳහන් කළාය.

ගර්භනී මව්වරුන් ගේ සිය දිවි නසාගැනීම් ද ඉහළ ගොස් ඇතැයි කී ඇය 2013 වසරේ දී එවැනි සියදිවි නසාගැනීම් 50ක් වාර්තා වී ඇතැයි කියා සිටියාය.

සෑම වසරකම දරු ප‍්‍රසූතියේදීද කාන්තාවන් 140ක් මරණයට පත්වන බව වෛද්‍යවරිය කීවාය.



අදහස් (0)

‘මෙහෙමත් පව්කාරයෝ‘

මිනිපෙ Thursday, 10 March 2016 04:28 PM

ගබ්සා තහනම ඉවත් කළයුතුයි. මසකට අඩු කළලයක් ගබ්සා කිරීමෙන් වරදක් නැත. ගැහැණියකට තමන්ගේ ශරීරය ගැන තමන්ට තීරණයක් ගැනීමට ඉඩදෙනු මැනවි. (නි)

:       0       0

උපාලි Thursday, 10 March 2016 04:40 PM

මේකෙන් පෙන්වන්නේ අපේ සමාජයේ තිබෙන බරපතල වරදක්. දුෂණයකදී, නොදැනුවත්කම නිසා, ආදී අවස්ථා වලදී ගැබ් ගන්නා වින්දිත මවුවරුන් සමාජයෙන් කොන්කරන්න බලන නිසා ඉන් ගැළවීමට ඔවුන් ගබ්සාවන්ට පෙළඹෙනවා. අපිට හරි ලේසියි ඔවුන්ට බනින්න, පවුකාරියෝ කියලා. (නි)

:       0       0

සරත් Friday, 11 March 2016 04:39 AM

කෝ ඔය ලොකුවට කතාකරන සේනාවල් (නි)

:       0       0

නිවන්තක Thursday, 10 March 2016 05:34 PM

අනේ මන්දා! මේ හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා (නි)

:       0       0

අසෝකා Thursday, 10 March 2016 07:40 PM

කමනි, රට බෞද්ධ වුණාට වැඩක් නැහැ මිනිසුන් බෞද්ධ නෙමෙයි නම්. (නි)

:       0       0

මිනිපෙ Saturday, 12 March 2016 08:13 PM

හැම ආගමක්ම බිහිවී තිබෙන්නේ අවුරුදු 2000 පමණ පෙරය. නමුත් අද සමාජය බොහෝ වෙනස්ය. (නි)

:       0       0

කෝනාර Thursday, 10 March 2016 11:40 PM

අනේ කමනි, ඕවා බලසේනා වලට කියලා හරියන්නෙ නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයන් එක්ක කතා කරලා සැළසුම් කර කළයුතු දේවල්. එහෙම නැතුව නිකන් තෝතත බබාලා වෙන්නන ගියාම තමයි මේ වගේ දේවල් වලට යොමුවෙන්නේ. (නි)

:       0       0

කුමුදු Thursday, 10 March 2016 11:44 PM

බලහත්කාරකමක් කළ අවස්ථාවල සහ තමන්ගේ තාත්තා/සහෝදරයො අතින් ගැබ්ගන්න අය ඉන්නවා. බාලවයස්කාරව ගැබ් ගන්නා දරුවො ඉන්නවා. එවැනි තත්වයකදි ගබ්සා කිරිමට නීතියෙන් ඉඩ දියයුතුයි. එහෙම නැතුව හැම එකටම ආගමම ගාවගෙන හරියන්නේ නැහැ. නොදැනුවත්කමින් ගැබ් ගන්න එක වළක්වන්න ඒ පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. නිසි පවුල් සැළසුම් ක්‍රම කල්තියාම කියා දියයුතුයි. (නි)

:       0       0

යසන්ත Thursday, 10 March 2016 11:40 PM

නොදන්නා කපුවන්ට ප්‍රශ්න කියන්න ගිහින් තමයි මේවා වැඩිවෙන්නේ. (නි)

:       0       0

අතුල Friday, 11 March 2016 12:33 AM

ලිංගික අවශ්‍යතාවය මුලික මිනිස් අයිතිවාසිකමකි. නමුත් අනවශ්‍ය පිළිසිඳගැනීම් වැළැක්වීමට විධිමත් ක්‍රම අනුගමනය කළයුතුයි. ජනතාව දැනුවත් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි. (නි)

:       0       0

මෝදිත Friday, 11 March 2016 12:28 AM

අනේ කමනි, මෙහෙම අවස්ථාවන්ට පත්වන අය පවු පින් බලන්නේ නැහැ (නි)

:       0       0

යමුනා Friday, 11 March 2016 02:51 AM

මෙම ගබ්සා කිරිම් වැඩිපුරම කරන්නේ විවාහ වි දරුවන් ලබා ඇති මැදිවියේ කාන්තාවන් බව මාගේ හැඟිමයි. ඔවුන්ගේ නොසැළකිලිමත්බාවය සහ නොදැනුවත්බාවය නිසයි මෙය වෙන්නේ. ඒ සඳහා පුළුල් දැනුමක් මාධ්‍ය හරහා ලබාදිය යුතුයි. (නි)

:       0       0

දුමින්ද Friday, 11 March 2016 07:31 AM

ආර්ථික සමාජ අර්බුදයේ එක පැතිකඩක් පමණි (බ)

:       0       0

අසෝකා Friday, 11 March 2016 08:28 AM

මේ වගේ පවක්. දරුවෝ නැති අම්මලා කී දෙනෙක් ළමයි හදා ගන්න බලන් ඉන්නවාද? ඒ ළමයින්ව හදලා හදා ගන්න ඒ දෙමාපියන්ටවත් දෙන්න.(හේ)

:       0       0

සචිත් Friday, 11 March 2016 03:58 AM

ඒඩ්ස් හුළඟින් බෝවෙනවා කියන මිනිස්සු ඉන්න රටේ ලිංගික අධ්‍යාපනයක් කියලා දෙයක් නැහැනේ. අවශ්‍ය ලිංගික අධ්‍යාපනය පාසල් වලින් ලබා දුන්නා නම් මේ කිසි ප්‍රස්නයක් නැහැ (නි)

:       0       0

කමනි Thursday, 10 March 2016 04:14 PM

බෞද්ධ රටක මේ වෙන දේවල් අර බල සේනාවට පේන්නේ නැද්ද?(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site