ශ්‍රී ලංකාවේ වසරකට ගබ්සා කිරීම් 15,000ක් පමණ සිදුවන බවත්, එමගින් කාන්තාවන් 10 දෙනකු පමණ මියයන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.
සෑම වසරකම කාන්තාවන් ලක්‍ෂ 4ක් ගර්භනීභාවයට පත්වන අතර ඉන් 24,000ක් පමණ අඩු වයස් මව්වරුන් බවද ඇය සඳහන් කළාය.
ගර්භනී මව්වරුන් ගේ සිය දිවි නසාගැනීම් ද ඉහළ ගොස් ඇතැයි කී ඇය 2013 වසරේ දී එවැනි සියදිවි නසාගැනීම් 50ක් වාර්තා වී ඇතැයි කියා සිටියාය.
සෑම වසරකම දරු ප‍්‍රසූතියේදීද කාන්තාවන් 140ක් මරණයට පත්වන බව වෛද්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගබ්සා තහනම ඉවත් කළයුතුයි. මසකට අඩු කළලයක් ගබ්සා කිරීමෙන් වරදක් නැත. ගැහැණියකට තමන්ගේ ශරීරය ගැන තමන්ට තීරණයක් ගැනීමට ඉඩදෙනු මැනවි. (නි)
මේකෙන් පෙන්වන්නේ අපේ සමාජයේ තිබෙන බරපතල වරදක්. දුෂණයකදී, නොදැනුවත්කම නිසා, ආදී අවස්ථා වලදී ගැබ් ගන්නා වින්දිත මවුවරුන් සමාජයෙන් කොන්කරන්න බලන නිසා ඉන් ගැළවීමට ඔවුන් ගබ්සාවන්ට පෙළඹෙනවා. අපිට හරි ලේසියි ඔවුන්ට බනින්න, පවුකාරියෝ කියලා. (නි)
කෝ ඔය ලොකුවට කතාකරන සේනාවල් (නි)
අනේ මන්දා! මේ හැම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා (නි)
කමනි, රට බෞද්ධ වුණාට වැඩක් නැහැ මිනිසුන් බෞද්ධ නෙමෙයි නම්. (නි)
හැම ආගමක්ම බිහිවී තිබෙන්නේ අවුරුදු 2000 පමණ පෙරය. නමුත් අද සමාජය බොහෝ වෙනස්ය. (නි)
අනේ කමනි, ඕවා බලසේනා වලට කියලා හරියන්නෙ නැහැ. තමන්ගේ ස්වාමි පුරුෂයන් එක්ක කතා කරලා සැළසුම් කර කළයුතු දේවල්. එහෙම නැතුව නිකන් තෝතත බබාලා වෙන්නන ගියාම තමයි මේ වගේ දේවල් වලට යොමුවෙන්නේ. (නි)
බලහත්කාරකමක් කළ අවස්ථාවල සහ තමන්ගේ තාත්තා/සහෝදරයො අතින් ගැබ්ගන්න අය ඉන්නවා. බාලවයස්කාරව ගැබ් ගන්නා දරුවො ඉන්නවා. එවැනි තත්වයකදි ගබ්සා කිරිමට නීතියෙන් ඉඩ දියයුතුයි. එහෙම නැතුව හැම එකටම ආගමම ගාවගෙන හරියන්නේ නැහැ. නොදැනුවත්කමින් ගැබ් ගන්න එක වළක්වන්න ඒ පිළිබඳව නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. නිසි පවුල් සැළසුම් ක්‍රම කල්තියාම කියා දියයුතුයි. (නි)
නොදන්නා කපුවන්ට ප්‍රශ්න කියන්න ගිහින් තමයි මේවා වැඩිවෙන්නේ. (නි)
ලිංගික අවශ්‍යතාවය මුලික මිනිස් අයිතිවාසිකමකි. නමුත් අනවශ්‍ය පිළිසිඳගැනීම් වැළැක්වීමට විධිමත් ක්‍රම අනුගමනය කළයුතුයි. ජනතාව දැනුවත් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි. (නි)
අනේ කමනි, මෙහෙම අවස්ථාවන්ට පත්වන අය පවු පින් බලන්නේ නැහැ (නි)
මෙම ගබ්සා කිරිම් වැඩිපුරම කරන්නේ විවාහ වි දරුවන් ලබා ඇති මැදිවියේ කාන්තාවන් බව මාගේ හැඟිමයි. ඔවුන්ගේ නොසැළකිලිමත්බාවය සහ නොදැනුවත්බාවය නිසයි මෙය වෙන්නේ. ඒ සඳහා පුළුල් දැනුමක් මාධ්‍ය හරහා ලබාදිය යුතුයි. (නි)
ආර්ථික සමාජ අර්බුදයේ එක පැතිකඩක් පමණි (බ)
මේ වගේ පවක්. දරුවෝ නැති අම්මලා කී දෙනෙක් ළමයි හදා ගන්න බලන් ඉන්නවාද? ඒ ළමයින්ව හදලා හදා ගන්න ඒ දෙමාපියන්ටවත් දෙන්න.(හේ)
ඒඩ්ස් හුළඟින් බෝවෙනවා කියන මිනිස්සු ඉන්න රටේ ලිංගික අධ්‍යාපනයක් කියලා දෙයක් නැහැනේ. අවශ්‍ය ලිංගික අධ්‍යාපනය පාසල් වලින් ලබා දුන්නා නම් මේ කිසි ප්‍රස්නයක් නැහැ (නි)
බෞද්ධ රටක මේ වෙන දේවල් අර බල සේනාවට පේන්නේ නැද්ද?(බ)