ලෝක හෙවිවේට් බොක්සිං පිටියේ හිටපු ලෝක ශූරයකු වන ඇමෙරිකාවේ ජෝ ෆේ‍්‍රසර් ඊයේ (8) අභාවප‍්‍රාප්ත විය. ෆේ‍්‍රසර් බොක්සිං තරුවක් බවට පත්වුයේ හෙවිවේට් බොක්සිං රජු ලෙස සැලකෙන මොහොමඩ් අලි පරාජය කළ පළමු ක‍්‍රීඩකයාට බවට පත්වීමත් සමගය.
ෆේ‍්‍රසර් 1971 වසරේ මාර්තු 8 වැනිදා එම ඵෙතිහාසික තරගයේදී ගැසු මුෂ්ටි පහරින් මොහොමඩ් අලි බොක්සිං වළල්ලේ ඇඳ වැටීමේ අවස්ථාව අදටත් ලෝක බොක්සිං පිටියේ සිහිවටනයක්ව පවතී. එම තරගය වට 15 ක් දක්වා විහිදුණි.
ෆේ‍්‍රසර් 1964 ටෝකියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී හෙවිවේට් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය.
දුම්පානය හේතුවෙන් අක්මාවේ පිළිකාවකින් රෝගාතුරව සිටි ෆේ‍්‍රසර් මිය යන විට 67 වැනි වියේ පසු වූ අතර ඔහු ක‍්‍රීඩාවෙන් සමුගන්නා විට හෙවිවේට් තරග 32 ක් ජය ලබා, තරග හතරක් පරාජය වී තරගයක් විසඳුමකින් තොරව අවසන් කර තිබිණි. ෆේ‍්‍රසර්, හෙවිවේට් ලෝක ශූරයන් වු මොහොමඩ් අලි සහ ජෝර්ජ් පෝමෑන් හමුවේ පමණක් පරාජයට පත්ව තිබේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd