සාමාන්‍ය දරු ප‍්‍රසූතියකින් පසුව ගුද මාර්ගයේ අවහිරයක් නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න පැවැසුයේ දරු ප‍්‍රසූතියේ දී වැකියුම් කරද්දී ගුද මාර්ගයේ බිත්තියක් දක්වා ඉරීයෑම නිසා යම් වෙනසක් වී ඇති බවයි. එය සුළු සැත්කමකින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද ඇය කීවාය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් දොස්තරලා මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. වෙන රටක උනා නම්, ඕවට නඩු දානවා!
ප‍්‍රනාන්දු මහත්තයෝමේ වගේ දේවල් කොයි රටෙත් වෙනවා ඩොක්ටර්ස්ලා ලෙඩ්ඩු මරන්න හදන්නෙ නැහැ අනික ලෙඩාට යම් අසාධාරණයක් උනානම් වෙන රටක නෙවෙයි මේ රටෙත් උසාවියට යන්න පුලුවන්
මගෙ අදහස් එක නොදාන්න පත්තරේට අයිතියක් තියෙනවා. සීනි බෝල අදහස් වලට විතරක් නම් ඉඩ ලැබෙන්නේ, අපේ කාලය මීට වඩා මිනිසුන් විශ්වාසයෙන් විවෘතව අදහස් බෙදා ගන්න තැනක යොදන්න කාලය වැය කිරීම හොඳ යැයි සිතෙ!
.නොදන්න දේ ගැන නිකම් අසත්‍ය කියන්න යන්න එපා පුවතත් පැහැදිලි නෑ අත් වැරදීමක් බවයි කියනනේ නමුත් සිදු වී ඇත්තේ වෙන දෙයක් දරු ප්‍රසූතියක දී වැකුම් සිදු වනනේ නැත එම දරු ප්‍රසූතිය කළ තැනැත්තියට වැකුම් කිරීමක් වන්නට ඇත්තේ නිස පරිදි ප්‍රසූතිය නොවීම නිසාය අනෙක් කරුණනම් වැකුම් කිරීමක් සිදු වන්නේ දරු ප්‍රසූතිය සිදු වන අවස්ථාවේදීය පසුව නොවේය. එවැනි අවස්ථාවලදී සැත්කම් සිදුවන අවස්ථාද ඇතිවිය හැකියි
.වැකුම් කිරිම ගැන වැඩි විස්තර දැන ගැනීමට පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න http://www.babycenter.ca/pregnancy/labourandbirth/labourcomplications/assisteddelivery/
ඔව් ඔව් ඒක ඇත්ත
කොහොම උනත් වෛද්‍ය වෘත්තිය තමයි මේ ලොකයේ වඩාත් සැලකිලිමත් ලෙස කළයුතු රැකියාවක්. සුළු වැරැද්දකින් හෝ අවධානමට ලක් වෙන්නෙ මනුෂ්‍ය ජීවිතයක්. මම මෙහෙම කියන්නෙ මමත් ලබපු අත්දැකීමක් නිසා. මගේ බිරිඳ අපේ පළමු දරුවා ප්‍රසූත කළේ අගෝස්තු 26 පාන්දර 2.00 ට. 25 වෙනිදා උදේ සිට ඇයට තිබුනේ වරින් වර දැනුන තුනටියෙ වේදනාවක්, හවස් වන විට තුනටිය වේදනාව වැඩිවුන නිසා, ඇය සහභාගීවන ප්‍රදේශයේ වෛද්‍ය සායනයට පැමිණෙන වෛද්‍ය වරයා පෞද්ගලික ප්‍රතිකාර ලබාදෙන ස්ථානයට ගොස් මෙම තුනටියේ වේදනාව පිළිබඳ පැවසුවේය ඔහු ඇසූ ප්‍රශ්න වලට අප පිළිතුරු ලබා දුන්නෙමු. (දරුවා ඉපදීමට දින ලබාදී තිබුනේ තවත් සති දෙකක් ඉදිරියෙනි) ඉන් පසු ඇය පරීක්ෂා කළ වෛද්‍යවරයා පැවසූවේ ''දරුවාගේ හිස පහතට හැරීමේදී තුනටිය අසල හිරවුන විට මෙවැනි වේදනාවක් ඇති විය හැකි බවත්, නමුත් තම පරීක්ෂාවෙන් දරුවාගේ හිස නිසි ලෙස පිහිටා ඇති බව සනාථ වූ බවත්ය" එමෙන්ම "අවශ්‍යනම් රෝහලට යන ලෙසත්, ඔවුන් ඇයව නවත්වා ගනු ඇති බවත් පැවසුවේ එය අනවශ්‍ය දෙයක් බව ඇඟවෙන ස්වරයෙනි". මුත්‍රා පරීක්ෂාවක් කළ ඔහු එහි වෙනසක් නොමැති බව පැවසූ අතර ලබා දුන් වේදනා නාශක ලබාගෙන ඇඳට වී විවේක ගන්නා ලෙසද පැවසීය. නැවත නිවසට පැමිණි නමුත්, දිගින් දිගටම දැඩි තුනටිය වේදනාවක් ඇතිවිය. රජයේ රෝහලට ගියහොත් නවත්වා ගන්නා බැවින් තුනටිය වේදනාව සඳහා ප්‍රතිකාරයක් ගෙන පැමිණීම සඳහා පෞද්ගලික රෝහලකට ඇතුලත් වුනෙමු. නමුත් එහිදී ඇයම මනාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් පැවසූවේ "දරුවාගේ පෙකනිවැළ අවශ්‍ය ප්‍රමාණයට වඩා කොට බවත් එම හේතුවෙන් දරුවාගේ හිස පහතට හැරීමට එම දිග ප්‍රමාණවත් නොවන බවත් වහාම සැත්කමක් මගින් දරුවා එලියට ගත යුතු බවත්ය. එමෙන්ම එම පරීක්ෂණ පැවැත්වුණු කාලයේදී නිරන්තරයෙන් දරුවාගේ හෘදස්පන්ධනය පරීක්ෂා කරන ලදි. එහිදී පැය බාගයක පමණ කාලයක් අතරතුරදී වරක් දරුවාගේ හෘදස්පන්ධන දුර්වල තත්වයකට පත්වී ඔක්සිජන් ලබා දුන් පසු යථා තත්වයට පත් විය, ඔවුන් පැවසුවේ එම තත්වය මෙහි පැමිණීමට පෙරද ඇති වී ඇත්නම් එය කළලයට අහිතකරව තිබිය හැකි බවයි. පාන්දර 1 ට රෝහලට ඇතුලත් කළ ඇය සැත්කමක් මගින් 26 පාන්දර 1.47 දරුවා බිහි කලේය. වාසනාවකට දරුවා නිරෝගී විය. රෝගියා හෝ ඥාතීන් වන අපි වෛද්‍යවරයකු සතු දැනුමින් සන්නද්ධ නොවෙමු. අප දන්නේ රෝග ලක්ෂණ පැවසීමට පමණි. බඩ රිදීමක් නොවූ බැවින්ද, දරුවා ඉපදීමට දින ඉතිරිව තිබුන නිසාද, තුනටිය අමාරුව දරුවා බිහි කිරීම සඳහා ඇතිවූවක් ලෙස අප නොසිතුවෙමු. නමුත් රෝහලට පැමිනීමට පෙර ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරයා, රෝහලේ වෛද්‍යවරුන් තෙරුම් ගත් දෙය තෙරුම් නොගත්තේ ඇයි? අඩුම වශයෙන් බඩ රිදීමක් නොමැතිව තුනටිය වේදනාවක් පමනක් ප්‍රසූත වේදනාව ලෙස ඇතිවිය හැකි බවටවත්, ඔහු අපව දැනුවත් නොකළේය. මුත්‍රා පරීක්ෂාවක් කර වේදනානාශක කිහිපයක් ලබා දී රුපියල් 600 ක් සාක්කුවේ දාගත් ඔහු පැවසූ ලෙස ඇඳට වී විවේක ගත්තේ නම් දරුවා කුස තුළ මිය යනවා පමනක් නොව බිරිඳගේ ජීවිතයට ද අනතුරක් විය හැකිව තිබුණි. වඩාත්ම බරපතළ කාරණය ඔහු ප්‍රාදේශයේ ගැබිණි සායනයට පැමිනෙන වෛද්‍යවරයා වීමයි. මෙය ඔහුගේ අපරික්ෂාකාරී බවද? නොදැනුවත්කමද? මෙම වෛද්‍යවරයා අනතුරෙ හෙලන්නට හැදුවෙ ජීවිත දෙකක් නොවේද? ජීවිත නැතිවූ පසු නීතියෙන් එම ජීවිත නැවත ලබාගත හැකිද? එවැනි දෙයක් සිදුවුනි නම් මාහට කිරීමට ඉතුරුව තිබුන එකම දෙය මෙවැනි අනිකුත් වෛද්‍යවරුන්ටද පාඩමක් ලෙස ඔහුව ප්‍රසිද්ධියේ මරා දැමීම පමණි.
"අපේ කාලය මීට වඩා මිනිසුන් විශ්වාසයෙන් විවෘතව අදහස් බෙදා ගන්න තැනක යොදන්න කාලය වැය කිරීම හොඳ යැයි සිතෙ!"