කොළඹ ජනාධිපති මන්දිරයේ හැදූ සිව්මහල් භූගත මන්දිරයේ ජාතික ආරක්ෂක මණ්ඩලය යුද සමයේ කිසිදිනක රැස් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි.
ආරක්ෂක මණ්ඩලය එහි රැස්වූයේ යැයි හිටපු ජනපති පසුගියදා ප්‍රසිද්ධියේ කීවේය. මෙම බංකරය නාවික හමුදාවෙන් හැදූ බව දැන්වූ බවත් දෙණියාය පැත්තේ වත්තක තවත් බංකරයක් ඇති බවත් ෆොන්සේකා පවසයි.
එම බංකර හැදීමට කෙතෙක් මුදල් වියදම් වූයේදැයි හිටපු ජනපති හෙළිකළ යුතු බවත් පැලවත්තේ අකුරුගොඩ ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිකිරීමට වැයවූ මුදලට සමාන මුදලක් වැය වන්නට ඇතැයිද තමා ලැබුණු ආරංචි අනුව ඒ සඳහා ඇමරිකා ඩොලර් බිලියන 33ක් හෙවත් රුපියල් බිලියන 4641.53 ක් එයට වියදම්ව ඇති බවද ඔහු කියයි.
මේ බව සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩදී පැවසීය.
‘මේ විදයට ගියොත් ගාල්ලේ මුතුහෙට්ටිගම තව අවුරුදු 1කදී ලංකාවේ අගමැති වේවි. රත්නපුරයේ චොකා මල්ලි ජනාධිපති වේවි. දේශපාලනඥයන් රැකියාදීම නතර කළ යුතුය. පුත්තලමේ වැඩි ඡන්ද ලැබුණේ කසිප්පු කාරයන්ටයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමහරි මේ කවුරු කවුරුත් එකතුවෙලා පහර දෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට. අර ඇසළගෙ කතාව හරියට හරි. (නි)
එහෙම වුණත් ජයවේවා කියන අයනේ අපේ රටේ ඉන්නේ (නි)
රට පාවා දෙන පුද්ගලයෙක්. (අ)
මේක හදන්න බිලියන 33 ක්? දැන් බලාගෙන ගියාම මහින්ද මහතා විශ්වකර්ම පුද්ගලයෙක්නේ. (නි)
කට කැපුවත් අපිත් තවමත් මහින්දට (නි)
එතකොට අපේ විමල් මහත්තයා? එයා ගැනත් කියන්නකෝ (නි)
බංකරයකයි මාළිගාවකයි වෙනස දන්නේ නැති අයත් මේ රටේ ඉන්නවනේ (නි)
කතා ඇති මහත්තයෝ! (නි)
ජයනාත්, දේශපාලනය දන්නේ නැත්තේ ඔයාලා වගේ අය තමයි. (නි)
මෙහෙම ගියොත් වෙන දේ අපිටත් හිතාගන්න බැහැ (නි)
හිටපු හෝ ඉන්න හෝ එන්නට සිටින ජනපතිගේ ආරක්ෂාව යනු හමුදාවේ ආරක්ෂාවයි. හමුදාවේ ආරක්ෂාව යනු රටේ ආරක්ෂාවයි. ඊට වඩා දෙයක් නම් මහජනතාව වන අපට නොතේරේ. (ර)
රටේ බදු ගෙවන අසරණ මිනිසුන් දැක්කේ නැහැනේ. ඔය කියන අධිසුකොපබෝගී බංකරයේ ෆොටෝස් පෙන්වන්නකෝ. (ර)
රටේ ජාතික ආරක්ෂාව ගැන හිතලා හැමෝම කටයුතු කල යුතුය. (ර)
නිකන් කට තියන පලියට බොරු කියන්න එපා ,අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා. (ස)
අනේ මන්දා රට කොයිබටද කියලා (නි)
මහින්ද මහත්තයාගේ කාලය ඉවරයිනේ. අපි එයාට පාඩුවේ ඉන්න දෙමු (නි)
තිලක් ඩුබායි හොඳටම කුලප්පු වෙලා! කලින් කළ දේවල් වලින් මිනිසුන්ට වැඩක් නැහැ. අඩුගානේ පසට විෂ, පිළිකා හදන ග්ලයිකොෆොස්පේට්වත් නැවැත්තුවාද? නැහැ. (නි)
රටේ ප්‍රධානියාට හා රටේ ආරක්ෂාවට බංකරයක් තිබුනාට ප්‍රශ්නයක් නැහැ. ඉස්සර පුරාණ රජවරුන්ගේ කාලේදී බංකර් නෙමෙයි දිග උමං පවා තිබුණා. (නි)
අනේ මන්දා මේවා! (නි)
ඔය කියන "අධිසුඛෝපභෝගී බංකර් මන්දිරය" අන්තර්ජාලයෙන් අපි බැලුවා. එය ඉතාලියෙන් ආනයනය කරන ලද අධික වටිනාකමින් යුක්ත ගෘහ භාණ්ඩ,නාන කාමර කට්ටල,කාය වර්ධනය සදහා ශාලා,නිදන කාමර... සියල්ලකින්ම අංග සම්පුර්ණයි. (නි)
මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරලා අර භාවනා මධ්‍යස්ථානයක් ගම්පහ ඉඹුල්ගොඩ ඉදිකළෙත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිව්වත් මම නම් පුදුම වෙන්නේ නැහැ. (නි)
මේවර ලැබුණු ඡන්ද ටිකවත් ඊළඟ පාර ලැබෙන එකක් නැහැ. අන්තිමට බංකරුත් නැතිවෙනවා හැංගෙන්න. තත්ත්වේ තියාගෙන දැන්වත් පැත්තකට වෙලා ඉන්න ඇහේ පරාලයක් තියාගෙන අනුන්ගේ කබ ගුලි හොයන්නේ නැතුව. කට නිසාලු මළුවත් නහින්නේ.(අ)
ප්‍රියා කියපු දේ පමණයි හරි. (නි)
මෙහෙම ගියොත් නම් ඒකත් වෙන්න බැරි නැහැ (නි)
ලියොන් ගුණවර්ධන,ඔබ හරියටම හරි. රුපියල් 100 ක ටිකට් පතක් ඒ සඳහා අයකළත් කමක් නැහැ. රටේ බදු ගෙවන අසරණ මිනිසුන් මේවා ගැන දැනගත යුතුයි. (නි)
ඇසළ ඔයාගේ කතාව මසුරන්. (අ)
මට නම් තේරෙන්නේ නැහැ මේවා විශ්වාස කරනවද නැද්ද කියලා (නි)
මෙයා මොනවද හත්පොලේ ගාගන්නවා(අ)
තවමත් සමහරු වහල්බාවයෙන් මිදෙන්න කැමති නැහැ. (නි)
ඩොලර් බිලියන 33ක් හෙවත් රුපියල් බිලියන 4641.53 ක් කියන්නේ කජු ඇටවත් කොස් ඇටවත් නෙමෙයි.අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා සහ රටම ණය කරලා ගන්න මුදල්. (නි)
ඇසළ ඔයාගේ අදහසට මාත් එකගයි. (ර)
චොකා මල්ලිලා මුතුහෙට්ටිලාව වුණත් පත්කරන්නේ ඡන්දදායකයොනේ (නි)
කියනදේ කාටහරි තේරෙනවද? (ර)
සමහර රජවරු ,බිසෝවරු,කුමාරවරු හිතුවේ සදාකල් රටේ රජවෙලා ඉන්න පුළුවන් කියලයි. (නි)
කොමිසන් පත් කර කර ඉඳලා වැඩක් නැහැ.ඉක්මනින් නඩු අහලා දැඩි දඬුවම් දෙන්න.රටම බලා ඉන්නවා. (නි)
"දෙණියාය පැත්තේ වත්තක තවත් බංකරයක් ඇති බවත් ෆොන්සේකා පවසයි" කරුණාකරලා ඒ ගැනත් සොයා බලන්න (නි)
දැන්නම් අපි මොනවා වුණත් කතාකරන්නේ නැහැ (නි)
ඒ දෙන්නම හැබැයි හොදයි. (ර)
හරියට තමන්ගේ බුදලයෙන් එන මුදල් වියදම් කරලා වගෙයිනේ වියදම් කරලා තිබෙන්නේ.මේවට ලංකාවේ නීතියෙන් බේරුනාට සොබාදහමින් දැඩි දඬුවම් දෙනවා. (නි)
ඇසළ ඔයාගේ කතාව මසුරන්. (ර)
මේ සඳහා ඩොලර් මිලියන තිහක් ගියාලු. අපිත් අසයි අපේ හිටපු ජනාධිපතිගේ බංකරය බලන්න. අපි ලම්බෝගිනි නම් දැක්කා. (අ)
සත්‍යය වෙනුවෙන් පෙනීසිටින්න ගිහින් දං ගෙඩියට බෙල්ල තිබ්බ මිනිස්සු මේ රටේ හිටියා. (නි)
මේක හෝටලයක් වගේ දෙයක් බවට පත්කරලා ලාබ ලබන්නවත් ක්‍රමයක් හැදුවා නම් හොඳයි (නි)
තිලක්ට නම් හොඳටම තරහා ගිහින් වගෙයි (නි)
ෆොන්සේකා මහත්තයෝ ඔය දන්නවද ලංකාවේ ජාතික ආදායම ? නිකන් කට තියන පලියට බොරු කියන්න එපා. (අ)
මම ජීවත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ රටේ ජීවත්වන මිනිස්සු කොච්චර බුද්ධිමත්ද කියලා තේරෙනවා අදහස් දාන සමහර මිනිස්සු දකිනකොට (නි)
මොනදේ වුණත් සමහරුන්ගේ නම් රාජ ඌෂ්ණය තවම ගිහිල්ලා නැහැ. (නි)
වාසනාවට ගමේ ගොඩේ ඉන්න මිනිස්සු මේවා වැඩිය දන්නේ නැහැ. දන්නවා නම් මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
නැහැ මට දුකයි, රටේ බදු පිට බදු ගහලා දරුවන්ට කන්න අඳින්න දෙන්න නැතුව දරුවන් සමඟ ගඟේ මුහුදේ පැනලා මැරුණු අසරණයන් ගැන. (නි)
යුද්දේ තියෙද්දිත් මෙයාව හොඳටම විශ්වාස කරලා නැහැ වගේ. එකනේ මෙයා මේක දන්නේ නැත්තේ. සමහර ආරක්ෂක රැස්වීම්වලට මෙයාව ගෙන්නලත් නැහැ වගේ. පව් ...(රේ).
අපි නොදන්නා කොච්චර දේවල් වෙනවා ඇද්ද? (නි)
හැම දාම පහුගිය ආණ්ඩුවට හුනු ගාන සෙට් එකක් මෙතන පදිංචි වෙලා ඉන්නවා .කාටත් පෙනවා.(අ)
අපේ රටේ මිනිස්සු නම් ඉතින් මොනවා වුණත් මොකුත් කියන එකක් නැහැ (නි)
අපි නම් ඉතින් වෙන දෙයකට හෝයියා කියාගෙන ඉන්නවා (නි)
නියම කතාව. ජයවේවා! (නි)
ඔබ තුමත් මහින්ද මහත්තයත් අහසට පොලොව වගේ. එතුමා සන්ධානයට ආසන 95ක් දිනවල දෙනකොට ඔබ තුමාට මන්ත්‍රී ආසනයවත් නැති වුනේ මොකද, තමන් හදපු පක්ෂේ කිසි කෙනෙක් වැඩි කාලයක් රැදෙන්නේ නැත්තේ මොකද කියලා හිතලා බලන්න. (ර)
මෙතන කොමෙන්ට් දැක්කම ලියන්න හිතෙන්නේ නෑ. (ර)
මේක මහින්දගේ පුද්ගලික බූදලයක් නෙවේ. මේක රටේ බිහිවෙන සියලුම ජනාධිපති වරුන් වෙනුවෙන් ආරක්ෂාව සඳහා ඒක නිසා ඒකේ වරදක් පේන්න නැහැ (බ)
තිලක් ඩුබායි සුඛෝපබෝගී බංරයක් හැදුවේ රටේ නායකයාට සහ ආරක්ෂක මණ්ඩලයට දැකලම නැද්ද යුද්දේ දවස්වල උතුරේ මිනිස්සු හිටපු බංකර් ඊට වඩා ප්‍රභාකරන්ගේ බංකර් ටිකක් සුව පහසු වැඩී. නිකන් කෑගහන්න එපා දකුණෙත් බංකර් ගහන්න තමා සිද්ධ වෙන්න තිබුණේ. යුද්දේ ඉවරකළේ නැත්නම් අධි ආරක්ෂිත කලාප ඉවරකළා ඊළඟට ආරක්ෂක කපොළු ඉවත් කළා. බුද්ධි අංශය පාවා දුන්නා. රටට ආරක්ෂාවක් ඕනම නැද්ද? (බ)
හිටපු ජනපතිම තමා මුදල් ඇමතිව හිටියෙත් එයා කියනවනම් මේවට ගිය වියදම එයා දන්නේ නැහැ කියල ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (බ)
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා මහත්තයෝ (නි)
යන්තම් හෝ තරගයක් දෙන්න කෙනෙක් ලංකාවේ ඉන්නවානම් ඒ අනුර කුමාර දිසානායක මහත්තයා පමණයි. (ර)
මේවට අදහස් දාන සමහරු ගැන දුක හිතෙනවා (නි)
රන්ජන්, ඔබ හරි (නි)
අත කැපුවත් අපි නම් මහින්දට. (නි)
පිවිතුරු කොහොමත් මහින්දට කඩේ යන බව අපි දන්නවා. (නි)
ප්‍රභාකරන්ගේ බංකර් සහ රහස් මාලිගා කුරිරු යුද්ධයෙන් ජයහත් පසු මහජනයට දැකීමට ඉඩදුන් පරිදි ජනපති හෝ බලවතුන්ගේ ආරක්ෂාව සඳහා කොටි ගණන් වැය කර තනා ඇතැයි කියන මෙම භූගත මාලිගයද මහජනයට දකින්ට සැලැස්සුවොත් නරකද ...(රේ)
මහත්තයෝ, ඔබගේ නිහඩබව ඔබගේ අනාගතයට හොඳයි. (නි)
මනුස්සයෙක් උනහම තමන්ගේ වැරදි හද ගන්න ඕන. අඩුම ගැනේ ආසනයක්වත් නෑ(රේ)
ඔය බංකරය සද ඇත්තේ හිටපු නායකයගේ පවුලේ කට්ටියට සැප විදින්න මිසක වෙන කිසිවකට නොවෙයි .ආරක්ෂක මණ්ඩලය එහි රැස්වූ බවට මහින්ද මහතා කියූ බොරුව දැන් හෙළිවී තිබෙනවා සරත් පොන්සේකා නොමැති ආරක්සක මණ්ඩල ඒ කාලෙ ලංකාවේ තිබෙන්නට බැරි බව පොඩි ළමයෙකුට උනත් තේරෙනවා (රේ)
මෙහෙමත් මුදල් නාස්තියක්? (නි)
කොමිසන් වැඩ කල් අරගෙන පසුව වැඩේ අමතක කරන එක දැන් අපිට හොඳට පුරුදුයි. ඉතිහාසෙත් එහෙමනේ ඉතින් (නි)
පල් හොරුන්ට සුදුහුනු ගාන බත් කන හරක් ඉන්නකන්. අපේ රට කවමදාකවත් දියුණු කරන්න ලැබෙන්නෙ නැහැ.මොනවා කරන්නද. මේ යන විදියට සිංහලයා ඉවරයි? (බ)
ඔබතුමා කෑ ගැහුවාට ඇත්ත ජනතාව ඔප්පුකර හමාරයි. (නි)
මම කියන්නේ මෙය ප්‍රසිද්ද කල සියලු දෙනාම වැරදී.මොකද මෙය රටේ ආරක්ෂාවට ලොකු බලපෑමක් .ඇමෙරිකාව ප්‍රන්ශය වෙනි දියුණු රටවල මෙවැනි දේවල් නැත (රේ)
කොච්චර කෑ ගැහුවත් ඡන්ද 5000කට වඩා ගන්න බැහැ.ඒ කියන්නෙ ජන ප්‍රසාදයක් නැහැ.ඒ බවවත් අවබෝධ නොවෙන ඔබට දේශපාලණය ගැලපෙන්නෙ නැහැ කියල තේරෙන්නෙත් නැහැ.....(රේ)
කඩේ යන කට්ටිය තවම මට්ටු වෙලා නැහැ වගේ.රටේ ධනය තම දනය මෙන් වැය කල ,වග වීමක් හෝ වග කීමක් නැති නායකයෙක් ගැන හිටපු හමුදාපති කියන එකවත් විශ්වාස නැහැ....(රේ)
ඇතමුන් හට පසුගිය කාලයේ ලංකාව තුළ තිබුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ පීඩනය නොතේරීම ගැන අපි පුදුම නොවෙමු. (නි)
අනේ! දැන් ඔබතුමා ඔය දේවල් වලින් ඈත්වෙන්න (නි)
මහින්ද මහත්තයාව බලයට ගෙනඑන්න අපිත් කැමතියි. හැබැයි ගෝලයෝ නම් එළවන්න ඕනෑ. (නි)