මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ගැඹුරින් පරීක්ෂණ පැවැත්විය යුතුයැයි රාජිත සේනාරත්න ඇමතිවරයා කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවල මතවාද ඇති බවත් නැවත එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා මෙම පරීක්ෂණ යොදා ගත යුතු බවත් ඇමතිවරයා කීවේය.
ඔහු එසේ කීවේ මාධ්‍යවේදීන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවක දී ය.
බැදුම්කර නිකුත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකු ඉහළ නිලධාරීන්ගේ ආචාරධර්ම කඩවීමක් ඇත්දැයි සොයා බැලිය යුතු බව ද මහ බැංකුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද පැවැසේ. මහ බැංකු ආරංචිමාර්ග පවසන අන්දමට බැඳුම්කර නිකුතුව වැනි ඉතා සංවේදී තොරතුරු ජනතාව අතට පත්වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු බවට මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් අගමැතිවරයාට පැමිණිලි කර තිබේ. අගමැතිවරයා මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සමග ද මූල්‍ය මණ්ඩලය සමග ද සාකච්ඡා කර ඇතැයි ද මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරියකු ලංකාදීපයට කීවේය.
ඒ අනුව ඉදිරිකාලයේ දී මහ බැංකුවේ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුවිය හැකි බව ද එම නිලධාරියා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටවත් නැති ආචාර ධර්ම ඇයි මහා බැංකුවට විතරක්. ඔතනින්නේ එය පටන් ගන්න ඕන. ගමේ පවුලෙන් පටන් ගන්න ආධාර ධර්ම පාර්ලිමේන්තුව දක්වා යනව. එකට ඉන්න පාර්ලිමේන්තු නියෝජිතයෝ ගහගෙන උසාවි යනවනම්, වෙන්වෙලා ගියාට පස්සේ එකට උන්න කාලේ කරපු වැඩ ගැන කියනවනම් තව මොන ආචාර ධර්මද.(බ)
පේන විදියට නම් ආණ්ඩුවේ ලොක්කන්ගේ නෑදෑයෝ ටිකක් මහබැංකුවට වැඩට එයි වගේ හෙට අනිද්දා. (බ)
මහබැංකුවේ බැඳුම්කර වංචාවට අදාළ සියල්ල නීතිය ඉදිරියට ගෙනෙන්න.(ම)
බැඳුම්කර වංචාවට වගකිවයුත්තන් නීතිය හමුවට කැඳවීමයි පළමුව සිදුවිය යුත්තේ. ඊට පස්සේ ඔය ප්‍රතිසංස්කරණ යෝජනා කරමු. (බ)
මෙය සමග තොරතුරු දෙන්න බය වෙන්න එපා කියල තියෙන පුවත බලලා අපි සමාජයක් විදියට ඔය වගේ පලවන පුවත් එක්ක වැටිලා කෙටි කාලීන වින්දන ගන්න විදියත් හිතල බලන්න.(බ)