(යොහාන් භාසුර)
ත්රස්තවාදී ක්රියා සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටී එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයින් යැයි කියන දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනකු ජනාධිපති පොදු සමාව යටතේ පසුගියදා නිදහස් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.
කිලිනොච්චිය මරුදනගර්හි පදිංචිකරුවකු වන 69 හැවිරිදි වෙල්ලයියා නවරත්නම් සහ යාපනය ප්රදේශයේ පදිංචිකරුවෙක් වන 56 හැවිරිදි ෂන්මුගරත්නම් සම්මුඛරාජා නැමැති පුද්ගලයන් දෙදෙනා මෙසේ නිදහස් කර ඇති බවත් වෙල්ලයියා නවරත්නම් නැමැති පුද්ගලයාට වසර 200 ක සිරදඬුවමක් නියම වී සිටිය අතර ෂන්මුගරත්නම් සම්මුඛරාජා නැමැති පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් විඳිමින් සිටි බවත් එම නිලධාරියා සඳහන් කළේය.
වෙල්ලයියා නවරත්නම් නැමැති පුද්ගලයාට 1996 වසරේ මහ බැංකුවට බෝම්බ ප්රහාර එල්ල කිරීමේ චෝදනාවට වරදකරු වී වසර 200 ක සිර දඬුවම නියම වී සිරදඩුව දඩුවම් විදිමින් සිටි බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් හිතපු විදිහ හරි... මේ දෙන්නා ගැහුවේ ගොඩනැගිලි වලට. ඒත් හිරේ ගියා. ඒකෙ තිබුණු සල්ලිවලට ගහපු අය පිටරට සහ රටේ නායකයා. ඉතින් මේ දෙන්නා විතරක් හිරේ තියාගෙන ඉඳලා මොනවා කරන්නද?
ඔයා නිදහස ලබපු එකේ... පාර්ලිමේන්තුව පැත්තට ගිහින් පුරුදු දේ කරන්න... ඔබට පින් අයිති වෙයි.
මෝදි කනට කරලා කිව්වේ ඕක වෙන්න ඇති.
ඔව් ඊට පස්සේ මෙයාලා ආයෙමත්... ඊලම ඉල්ල ඉල්ලා රටපුරා බෝම්බ පුපුරවනකොට, අහින්සක, සිංහල මිනිසුන් මරා දමනකොට, රටේ සම්පත් විනාශ කරනකොට කවුරු හරි නායකයෙක් ඇවිත් නැවත රට බේරගනීනේ... එතකොට මිස්ටර් බීන් ලා ජීවතුන් අතරත් නැතිවෙයි...
සුළු ජාතික ඡන්ද වලට කෙළ හලනවා...
අර්ජුනයි මහේන්ද්රනුයිද?
බෝම්බ ප්රහාරයෙන් මරුන අයගේ පවුල් වල යට මොනවා හිතෙනවා ඇද්ද ?