අධ්‍යයන වර්ෂ 2014/2015 සඳහා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ විද්‍යාර්ථීන්ට මෙතෙක් මහපොළ ශිෂ්‍යාධාර ගෙවා නැතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.
එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසුවේ එම විද්‍යාර්ථීන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී වසරකට වඩා වැඩි කාලයක් ගෙවි ඇතත් මහපොළ ශිෂ්‍යාධාර නොගෙවීම නිසා ඔවුන් ගැටලු ගණනාවකට මුහුණ දී සිටින බවය.
මේ සම්බන්ධයෙන් මහපොළ භාරකාර ශිෂ්‍යත්ව අරමුදලේ ප‍්‍රකාශිකාවකගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ මහපොළ ශිෂ්‍යත්වලාභීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් මේ වන තුරු මහපොළ භාරකාර ශිෂ්‍යත්ව අරමුදල වෙත එවා නැති බවත් එම ලැයිස්තුව ලැබුණු පසු මහපොළ දීමනා ගෙවීම ආරම්භ කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහපොළ දෙන්නේ මොකටද?? අඩුගානේ දේශන වලටවත් සහභාගි වෙනවද? පාරේ නිකම් රස්තියාදු ගගහා, ඉන්න මිනිසුන්වත් අමාරුවේ දාලා, මාර්ග තදබද ඇතිකරලා කරන විනාශයට තව මහපොළත් දෙන්න. (නි)