සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පිළිරුවක් මහනුවර නගර මධ්‍යයේ සෙනසුරාදා (22) විවෘත කෙරිණි.
ලලී කොබ්බෑකඩුව මහත්මිය හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතා අතින් පිළිරුව විවෘත විය.
පිළිරුව නිර්මාණය කර ඇත්තේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ හිටපු පීඨාධිපති සරත් මල්දෙණිය මහතාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු අමරණීය රණවිරුවෙක් (නි)
කිසිදා අමතක නොවන චරිතයක්. ඔබතුමා සදා අමරණීයයි. (නි)
අපේ කාලයේ රට ජාතිය වෙනුවෙන් පහළ වූ එකම දේශප්‍රේමී සෙන්පතියා ඔබයි මැතිඳුනි. (නි)
මැතිඳුනි, මගේ ප්‍රණාමය! (නි)
ඉතා හොඳ කළගුණ සැළකීමක්. මේ උතුම් මිනිසා අද ජීවතුන් අතර හිටියා නම් රටේ ඉහළම තැනකට එනවා නිසැකයෙන්ම. එම භාග්‍ය නොලැබීම අපේ අවාසනාව. රණවිරුවාණෙනි, ඔබ නිවන් දකිනා ජාති දක්වා අප මවුබිමේ ඉපදේවා! (නි)
සදා අමතක නොවන වීරෝධාර රණවිරුවෙක්. ඔබට නමස්කාරය! (නි)
ඩෙන්සිල් කොබ්බෑකඩුව කියන්නේ ඉතා කලාතුරකින් ලොවට බිහිවෙන අති ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. එතුමා කාකි නිල ඇඳුමක් ඇඳ සිටියත් බොරුවට සිල් රෙදි පොරවාගෙන මල් වට්ටි දෝතින් උසුලාගෙන ගිය තක්කඩි දේශපාලකයින්ට වඩා ඉතාමත් ශීලවන්තයි. අවිහිංසාවාදියි. මට සැමවිටම සිතෙන්නේ කැප්පෙටිපොළ මොනරවිල දිශාව නැවත මේ ලක් දෙරණේ ඉපිද රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් නැවත දිවි පිදුවා කියා. සසර කෙළවර එතුමාණන්ට නිවන් සැප ලැබේවා. (නි)
දේශපාලනයට නොගිය නිසා හැමෝගෙම විරයෙක් (ම)
සරත් මහත්තයාගෙන් පසුව මම ලංකාවේ වැඩියෙන්ම ගරු කරන පුද්ගලයා .(ම)
ගරු සෙන්පතියාණනි ඔබට මාගේ හිස නමා ආචාර කරමි (ම)
කළ ගුණ සමරමු.(හේ)
මගේ ආචාරය!(හේ)
යුද්දේ අතර මගදී රටින් පැන්න අය ගෙන්නලා මේ පිළිමෙට අනිවාර්යයෙන් වැන්දවිය යුතුය.(හේ)
පරක්කු වුනාට හොද වැඩක්.(හේ)
කොබ්බෑකඩුව මැතිඳුනි.. ඔබ නාමය චිරාත් කාළයක් සැමගේම හදේ වැජඹේවා.. මෙවැනි සත් කාර්යයක් කළ සැමට ගෞරවනීය ප්‍රණාමය.. (හේ)
මේ රණවිරුවන් රටට අහිමිවීම වුණු විදිය හොයන්න ඕනේ. (ම)
කොබ්බැකඩුව මැතිඳුනි,ආචාරය හා ගෞරවය ඔබ වෙත පුදමි. අවු.23 කට පසුවත් ඔබ ජනතා හදවත් තුළ ජීවත්වෙනවා. එය සදාකාලික වේවි.නිරහංකාර ඔබට මේ උපහාරය,රට වෙනුවෙන් යූධ බිමේ දහදුක් වින්දාට රණවිරුවන් සමඟින්. (නි)