IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘

(ෂේන් සෙනෙවිරත්න)

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කියයි.

මහනුවර නගරය මේ වන විට සම්පූර්ණයෙන් සුද්ද පවිත්‍ර කොට හමාර බවත් නගරයට බැහැර කොට තිබූ සියලු අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කර තිබෙන බව පවසන වෛද්‍යවරයා මහනුවර නගරයේ පානීය ජලය පිළිබඳවද කිසිදු ආකාරයක අවදානම් තත්ත්වයක් නොමැති බවද කියයි.

මහනුවර නගරයට පානීය ජලය සපයනු ලබන්නේ දුනුමඩලාව රක්ෂිත වැවෙන් බවත් එම වැව කිසිදු ආකාරයකින් අපවිත්‍රවී නොමැති බව පවසන වෛද්‍යවරයා ගැටඹේ ජල පවිත්‍රාගාරය මගින් මහවැලි ගඟෙන් ලබා ගන්නා ජලයද ක්‍රමවත්ව පිරිසිදු කොට බෙදා හරින බවද කියයි.

විවිධ පුද්ගලයන් වගකීමෙන් තොරව සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවද වෛද්‍යවරයා අවධාරණය කර සිටි.



අදහස් (7)

‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘

කව්ද බෝයි Monday, 28 April 2025 12:43 PM

කිරිඇල්ලගේ ගෙදරට බොන්න වතුර ගන්නෙ කොහෙන්ද දන්නෑ?

:       2       11

Kamal Koyrala Monday, 28 April 2025 12:49 PM

දවසේ කුලියක් හොයා ගන්න මාධ්‍යකාරයෝ සහ යුටියුබ් කාරයෝ මෙවැනි පච කියවන එක වහාම නතර කරන්න පියවර ගත යුතුයි...

:       1       16

Nandalal de Silva - France Monday, 28 April 2025 01:05 PM

මහනුවර ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වගකීමෙන් තොරව මෙහෙම ප්‍රකාශයක් කළා කියා අපට කල්පනා කල නොහැක. දිවා රාත්‍රි තිස්සේ, නගරය පවිත්‍ර කිරිමේ කටයුතු එහි සෙවකයින් විසින් සිදුකල බව වාර්තා වුනා. ඒ අතරේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව, ඉතුරුව තිබුන කුණු කන්දල්ද සොදා හැර, මහනුවර නගරය මුළුමනින්ම පිරිසිදු කර තිබෙනවා... කෙසේ වූවද තව දින, සති කිහිපයකින් මෙවායෙ ප්‍රතිඵල දැක බලාගත හැකිවනු ඇත.

:       3       10

අරවින්ද මොණරවිල Monday, 28 April 2025 01:57 PM

අර බේබදු සාදු රට කළබල කරන්න කියන කතා ඕවා, දැන් ඕවට ඇහුම්කන් දෙන්න කවුරුවත් නැහැ.

:       2       14

Anura Monday, 28 April 2025 03:07 PM

අවධානයෙන් හොඳින් තේරුම් ගන්න පුළුවන්, හොඳ වැස්සකට පසු, පොල්ගොල්ල ඩෑම් එක ලගට ගියානම්

:       3       1

Neel Monday, 28 April 2025 04:34 PM

හතර වටේ දුවන්න එපා. නුවරට ගිහිල්ලා බලන්න. වැරදි හොයන්න හැමෝම උනන්දුයි, කරපු දේ අගයන්න පුරුදුවෙන්න.

:       0       0

randil dunuwille Monday, 28 April 2025 05:21 PM

අනුර ඩෑම් එක ළඟට ගිහින් එතකොට බිමට පනින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 312 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site