IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මහනුවරට පැය 36ක් ජලය නෑ

( ෂේන් සෙනෙවිරත්න)

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී මහනුවර නගරයට ජලය බෙදා හරින අභ්‍යන්තර ජලනල පද්ධතියට සිදුවූ හානියක් හේතුවෙන් අද (30) අලුයම 2.00 දක්වා මහනුවර නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

මහනුවර නගරයේ පේරාදෙණිය පාර, විලියම් ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසල සිට නගර සභා හන්දිය දක්වා, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බුවැලිකඩ, තැන්නේකුඹුර, ගුරුදෙනිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලූම වීදි ආශ්‍රිත ප්‍රදේශවලට එසේ ජල සැපයුමට බාධා පැමිණ ඇති බව නිවේදනය කරයි.

බිඳවැටුණ ජල නල පද්ධතිය මේ වන විට ප්‍රතිසංස්කරණය කරමින් පවතින බවත් ජල සැපයුම අත්හිටුවන කාලය තුළ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමටත් විකල්ප ජල ප්‍රවාහයන් භාවිතා කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටි.



අදහස් (0)

මහනුවරට පැය 36ක් ජලය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site