ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් හා වෙනත් රජයේ ලියකියවිලි මුද්‍රණය කළ ස්ථාන දෙකක් වටලා පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගලගෙදර පොලිසිය කියයි.
ලොතරැයි, විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න, විවාහ හා මරණ සහතික, අධ්‍යාපන සහතික, ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන මුද්‍රණය කර ඇති මෙම මුද්‍රණාලය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.
ඒවාහි තිබී ව්‍යාජ රුපියල් දෙදහසේ නෝට්ටු 06 ක් හා දහසේ නෝට්ටු 19 ක් සමඟ දිනුම් ලද ලොතරැයි පත්වල ව්‍යාජ පිටපත් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ලොතරැයි දිනුම් ඇදීම රූපවාහිනියෙන් නරඹා පසුදින එම අංක වලට ගැලපෙන ලෙස රුපියල් 10,000 ට අඩු දිනුම් සහිත ව්‍යාජ ලොතරැයි පත් මුද්‍රණය කැර තිබෙන බවත් මෙසේ මුද්‍රණය කැර මොවුන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් එම දිනුම් වලට අදාළ මුදල් වංචනික ලෙස ලබාගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණයවී ඇත.මෙම ලිපි ද්‍රව්‍ය මුද්‍රනය කල මුද්‍රණ යන්ත්‍ර ,සීඩී තැටි ඇතුළු උපකරණ රැසක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.
ගලගෙදර ප්‍රදේශයේ ස්ථානය වැටලීමෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ලද තොරතුරු මත මහනුවර ස්ථානය වටලා තිබෙන අතර මොවුන් සම්බන්ධතා පවත්වා ගනිමින් මෙම ජාවාරම සිදුකැර තිබෙන බව පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට විශාල ඉතුරුවක්. (නි)
වැඩේ ජයටම කරගෙන ගිහින් වගෙයි (නි)
මාලනී, දළදා සමිඳුගේ අඩවියේ දළදා මාලිගාව ඉඩම ඇරෙන්න අනිත් හැම ඉඩමක්ම අපවිත්‍ර වෙලා අවසානයි. එකට කියන්නේ හා - ලාල් කියල (බ)
මෙගොල්ලොත් උදේ 7.30 ට විදේශ ගමන් ගමන් බලපත්‍ර දෙනවාද දන්නේ නැහැ (බ)
මෙයාලා කොහොම සල්ලි හම්බකරන්න ඇද්ද? (නි)
මෙම ස්ථානය සහ පුද්ගලයන්ගේ නම් ගැන මහජනතාව දැනුවත් කිරීම හොඳයි. මන්ද එවිට මහජනතාව වංචනිකයින්ගෙන් ආරක්ෂා වනු ඇත. (නි)
අනේ අපරාධෙනේ මේ වගේ තැනක් වැටලුවේ හොඳට ගේම දීගෙන ගිය තැනක්. (රේ)
හොරට ගහපු ලොතරැයිපත් වලට ලොතරැයි මණ්ඩලෙන් දිනුමට අදාළ මුදල් ගෙවලා කියන එක නේද මේ කියන්නේ? ඒගොල්ලොත් රැවටෙනවා නම් සාමාන්‍ය ජනතාව විදියට අපි රැවටෙන එක අහන්නත් දෙයක්ද? කොහොමද අපි හොර නැති ලොතරැයි මිලදී ගන්නේ? මොකද ඕවා විකුණන්නෙත් අනෙත් පැත්තේ නියෝජිතයාගේ මුද්‍රාව ගහලා නේද? එතකොට කවුද හරි? කවුද හොරු? ලොතරැයි ගන්න අපි මෝඩද? මේ ගැන නම් හිතන්න වෙනවා. (නි)
අනේ අහන්නත් වෙන දේවල්? දළදා සමිඳුන්ගේ නගරය අපවිත්‍ර කරන්න එපා (නි)
මහානුවර කොයි හරියේද දන්නෙ නැහැ මේක පවත්වාගෙන ගොස් ඇත්තේ ..... ? (නි)