වසර 160 ට පෙර කඳුකරයෙන් සොයාගත් මහනුවර හූනා හෙවත් හෙමිඩැක්ටිලස් පීරෙසි 2012 වර්ෂයේදී නව හූනන් විශේෂයක් බව සුදේශ් බටුවිට හා රොහාන් පෙතියගොඩ යන සත්ත්ව විද්‍යා පර්යේෂකයන් දෙදෙනා විසින් තහවුරු කැර තිබේ.
එඩ්වට් කොලාට් විසින් 1852 දී මේ හූනා ප්‍රථම වරට සොයාගෙන විද්‍යාත්මකව නම් කළ ද 1935 දී එම හූනා ඊට පෙර වාර්තා වී තිබූ හෙමිඩැක්ටිලස් ඩිප්රෙසස් නමැති හූනාම බවට තීරණය විය. නැවත මේ පිළිබඳ පර්යේෂණ කළ බටුවිට හා පෙතියගොඩ දෙදෙනා මහනුවර හූනා ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂයක් බව තහවුරු කැර තිබේ. මහනුවර හූනා තෙත් කලාපයේ කඳු සහ තැනිතලා ආශ්‍රිත වනාන්තර වල ජීවත් වේ. මෙම සොයාගැනීමෙන් ශ්‍රී ලංකාවේ හූනන් සංඛ්‍යාව 43 ක් වන අතර ආවේණික විශේෂ සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූන නිකන් පතෝල වගේ .ගුණයකුත් නෑ....අගුනෙකුත් නෑ...
අපේ අය ඉතිං හොයා ගත්තොත් හොයා ගන්නේ අපේම කියලා හූනෙක් තමයි
ඔහොම කැළේට වෙලා හැංගිලා ඉන්දෙද්දි මටත් හිතුණා ඕකා අපේම එකෙක් කියලා
අනුග්‍රහය කියන්නේ වැටුප් විශමතාවටද ?
ලංකාව කියන්නේ ලෝකයේ ජෛව විවිධත්වය උණුසුම් ස්ථාන විසි පහෙන් එකක්. අපේ ජෛව විවිධත්වය ගැන කරල තියෙන අධ්‍යයන කිසි සේත්ම ප්‍රමාණවත් නෑ. දැනට කරලා තිබෙන බොහෝ පර්යේෂණ කරල තියෙන්නේ විදේශිකයන්. ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටෙන් සූරගෙන කාපු දේවල් අතර අපේ ඒක දේශීය සතුන් සහ ගස්වැල් අනන්තයි. අපේ ජෛව විවිධත්වය ගැන පර්යේෂණ කරන බටුවිට සහ පෙතියගොඩ විද්වතුන්ට ජාතියේ ප්‍රණාමය.
චන්ද්‍රසිරි දන්නෑ පතෝලවල ගුණ.........
ගෙවල්වල ඉන්න හූනෝ ටිකත් කැලේට යවාගන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද...
එහෙනම් මේ හූනත් මුත්තෙක්
ලොකු වැඩක්. නොනැවතී ඉදිරියට යන්න ......
අපෝ, ගෙවල් වල ඉන්න හූනෝ මහ කරදරයක්
පහල ඉන්නේ හුනගේ මුත්තෝ දෙන්නා!!!
ඉතින් දැන් මොකක්ද අපට කරන්න කියන්නේ. ඔක්ව විකුණලා කීයක් හරි හොයා ගන්න පුළුවන් ද ?
අපේ සුබ පැතුම්. රජයෙන් සහ පුද්ගලික සංවිධාන වලින් අවශ්‍ය ආධාර සපයන්න.
අර මහනුවර දලදමලිගව ගිලින පිබුරත් අපේ එකෙක්ද කියල හොයල බලන්නකෝ ටිකක්
සුදේශ්, ඔබට සුභ පැතුම් .....
හුරේ................. අපිට තවත් හූනෙක් ඉන්නවා. කාටද ආඩම්බර. මේ අපේම එකෙක්
අලුත් දෙයක් කියල ඉතින් ලංකාවේ මේවගේ දේවල් තමයි තියෙන්නේ .
අපගේ අමිල වූ ජෛව සම්පතට තවත් ආවේණික සතෙක් එක්වෙලා. මෙවැනි පර්යේෂකයන්ට ලැබෙන අනුග්රමහය ප්ර්මාණවත් නැහැ. ජෛව විවිධත්ව පර්යේෂකයන් සිදුකරන්නේ පහසු කටයුත්තක් නොවේ. හිතවත් සුදේශ් බටුවිට සොයුර, රොහාන් පෙතියාගොඩ මහතාණෙනි, ඔබට සුභපැතුම්.
ඔය හූනා නොකන්නේ රෑට විතරද?