දළදා මාලිගාව ඉදිරිපස මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් හා ඊට එරෙහිව පැවැති විරෝධතා දෙකක පිරිසක් අතර ගැටුමකින් පසු ජාතික හෙළ උරුමයේ නියෝජිතයකු බව කියන හෙට්ටිපොල දීරානන්ද හිමි පේරාදෙනිය රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි කියයි.
විරෝධතාවයේ දී තෙරපීම නිසා ඒ හිමියන් රෝහල් ගත වී ඇතැයි එම ආරංචි සඳහන් කරයි.
පාර විවෘත කරන ලෙස ඉල්ලා විරෝධතා දැක්වූ මහනුවර පුරවැසි හවුලේ සාමාජික ආනන්ද ස්ටීවන් ද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතන පාර අරින්න ඕනෑම නම් ඔහොම උද්ඝෝෂණ කරන්න ඕනෑ නැහැ. අපි බෞද්ධ ජනතාව. අපිට තියෙන්නේ දළදා හාමුදුරුවෝ විතරයි. ඒක රැකගන්න සමහර අවස්ථාවල අපි කැපකිරීම් කරන්න ඕනෑ. දැන් මිනිස්සු සෑහෙන පිරිහිලා ඉන්නේ. හැම දෙයකටම දේශපාලනය ගෙනල්ලා. හැමකෙනාම කලබල කරනවා. සමහර වෙලාවට ඔතන උද්ඝෝෂණය කරන අය ඔය පාර භාවිතා කරන්නේ නැති අය වෙන්නත් පුළුවන්. (නි)
මගේ ජීවිතේට දැකපු නැති දේවල් මේවා. අබුද්දස්ස කාලේ.......! දළදා සමිඳු පිහිටයි රටට (නි)
වත්සලා,මේක ආගමික ප්‍රශ්නයක් නොවේ. භයානක පරිසර ප්‍රශ්නයක්.පාසල් දරුවන් දහස් ගණනකගේ ජීවිත අනතුරක.අපි අවුරුදු ගානක් තිස්සේ මේක පෙන්නලා දෙනවා.අපි නුවර උපන් බෞද්ධයෝ (බ)
දැන් ඉතින් ප්‍රශ්නය විසඳුනාද? (නි)
දළදා මාලිගාව වටා තමයි නුවර ගොඩනැඟුනේ. මේක හරියට ගෙදර අම්මා තාත්තට ඉපදුනු දරුවන් පස්සේ කාලෙක අම්මා තාත්තව ගෙදරින් එළවනවා වගේ වැඩක්. කොහොම වුණත් මේ උද්ඝෝෂකයෝ කවදාවත් දළදා සමිඳු වන්දනා කරපු අය නෙමෙයි. (නි)
අනේ අන්තිමට වෙච්ච දෙයක්.(හේ)
මේ පාර විතරක් නොව පොල්ගොල්ල වේල්ල මතින් යන පාරත් විවර කළයුතු පාරක්. මේකත් ජනතාව අපහසුවට පත්කරනවා (නි)
අප්පුහාමි කියපු දේ සහතික ඇත්ත (නි)
ඔය එක් කෙනෙක් කට ඇරියද කාර් රේස් වලදී? (නි)
රතුඉර ගහන්න කලින් කාර්යාලයට ගිහින් තේ එකක් එහෙම බීලා දේශපාලනේ කතා කරකර ඉන්න මෙයාලට තිබෙන හදිස්සියක්. අනේ අටට එන එක අත්සන් කරන්නේ 7.30 කියලා බවත් අපි දන්නවා. (නි)
වත්සලා ඔයා ගත්ත උදාහරණයම ගනිමු. උපන් හැටියේ මාපියන් තම දරුවන් ශ්‍රී දළදා කුටිය බිහිදොර පේකඩ උඩ තියලා ආරක්ෂාව ඉල්ලනවා. මෙතන තියෙන්නේ අරයා වැසූ පාර අරින්න දෙන්නේනෙති කතාවක්. පාර වසා තැබිය යුතුයි කිසිවෙකුට සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා කියන්න බැහැ. උද්ඝෝෂණය දවසේ ඒ සඳහා පැමිණි විශ්ව විද්‍යාල මහාචාර්යවරුනට මහනුවර රෝහලේ වෛද්‍ය වරුන්ට මිරිස් වතුර ගැහුවේ මල් කඩ කාරයක් සහ දේව වීදියේ අඹ විකුණන කාන්තාවක්. පාර අරින්න බලකළ කෙනෙකුට පහර දුන්නේ හෙළ උරුමේ භික්‍ෂුවක් ඒ ජාතිවාදී දේශපාලකය නිසා. පාර අරින්න එපා කියන සටන බුද්ධ දේශනයට පටහැනියි (අ)
තුෂාර කියන්නේ දේශපාලනය අනාගත් කෙනෙක් බව පෙනෙනවා (නි)
දළදා මාලිගාව අසල පාර නැවත විවුර්ත කරනවට මාගේ බලවත් විරෝධය. දැන් මාලිගාව අවට පූජනීය බවක් තියෙනවා, නිසසල පරිසරයෙන්. ඔය පාර නැවත විවුර්ත කලොත්, පුද්ගලික බස් මාලිගාව ඉදිරිපිට නවත්වාගෙන කෑගහන්න පටන් ගන්නවා, ඒවගේම ත්‍රීවීලර් නවත්වාගෙන ඉන්නවා. නගරයේ දුම වැඩි, එම පාර නිසාමද? නගරයට එන වාහන් ප්‍රමාණය වැඩි නිසාද? එහෙමනම් රට වටේ අධිවේග මාර්ග හදන වෙලේ, 1998 මෙම පාර වහපු වෙලේම විකල්ප පාරක් හදන්න තිබුන නේද? (ර)
දහස් ගණන් අපේ දු දරුවන් ධර්මය නොදැන අතරමං වෙද්දි අපේ සඟරුවන මොනවද මේ කරන්නේ? (නි)
අනවශ්‍ය ප්‍රශ්නනේ මේවා (නි)
මේ පාර ඉලන්නේ ඔය පාරේ කවදාවත් යන අය නෙවෙයි. (ර)
බුදුන්වහන්සේ අද වැඩසිටියා නම් බෞද්ධයා පිරිහී ඇති විදිය ගැන කණගාටු වේවි. (නි)