මහනුවර ප්‍රදේශයේ විශාලතම වෙසක් තොරණ අලවතුගොඩ නගරයේ ඉදිකර තිබේ.
අඩි 55 උස හා අඩි 45 ක් පළල මෙම තොරණ අලවතුගොඩ පොලීසිය, වෙළඳ හා ව්‍යාපාරික ප්‍රජාව, සර්ව ආගමික සංවිධානය, බෞද්ධ සමිතිය, වෑන් ලොරි හා බස්රථ සංගම් සහ රාජ්‍ය ආයතන එක්ව ඉදිකර ඇත.
තේරපත්ත ජාතකය තොරණින් නිරූපනය කෙරේ.
අද (24) සවස සිට දින පහක් තොරණ ප්‍රදර්ශනය කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්සි ලංකා ,ඔයා නම් බෞද්ධ වෙන්න බැහැ. කන බනේම තමයි. කෑමයි විදුලි බිලයි හැර වෙන කිසිම දෙයක් නැද්ද ඔයාලට ආ .... මේ වෙසක් පෝය දවසේ තොරන් සහ දන්සැල්,සීල් සමාදන්වීම්,.බලන්න කොච්චර ලස්සනද කියලා. ලංකාදීප පත්තරේ නිසා අපිත් ඒවා බලාගත්තා. හැකිනම් තොරණේ වීඩියෝ දර්ශනයක් දාන්න. ලංකාදීප පුවත් පතට ගොඩක් පින් (නි)
මෙර්සි ලංකා, ඔය විදියට අපේ රජ දරුවන් හිතුවා නම් අද අපිට සමාධි පිළිමය, අහස් කුස සිපගන්න විශාල දාගැබ්, පුරාණ වෙහෙර විහාර නොලද අභිමානවත් ජාතියක් නොවන්නට තිබුනා. මෙයා නම් බෞද්ධයෙක් වෙන්න නම් වෙන්න බෑ.(නදී)
මේවට නිරපරාදේ වියදම් කරන මුදල් දුප්පත් ජනයා අතරේ බෙදා දුන්නම මොකෝ . නැතිනම් විදුලි බිල ගෙවා ගන්න බැරී පවුල් වලට දුන්නනම් . අද කලේ හැටියට මේවා නිෂ්පල දේවල් . මේ වෙසක් මාසේ කන්න නැතුව විදුලි බිල ගෙවා ගන්න බැරි කීයක් ඉන්නවද (අ)
ඇයි බොරු කියන්නෙ? දෙවනගල කුරගල වෙන දේවල් වහන්නද? තොරන ලොකු වෙන තරමට වැහෙන දේවල් ගොඩක් තියෙනවා. නුවර අපි ඒවා හොදට දන්නවා (නි)