පාසල් සිසුන් අවදියේ සිට සමාජ සේවයට ලැදි මිතුරෝ පස් දෙනෙකි. වෙන්නප්පු නගරයේ ඈති නොයෙක් සමාජ සේවා ආයතන රැසක ඔවුහු ක්‍රියාකාරි සමාජිකයින් වුහ.
පාසල් අධ්‍යාපනයට සමු දී තම තමන්ගේ ජිවිත සොයා යැමේදී මොවුන් එකිනෙකාගෙන් දුරස් විය. වසර 20කට පසු මෙම අපුරු මිතුරන් පස්දෙනා නැවත මුණ ගැසෙනුයේ ඉතාලියේ වෙරොනා නුවරදීය.
නැවතත් සමාජ සේවයට පිවිසීමට විමට ඔවුහු එහිදි කතිකාකර ගත්හ. වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමය බිහි වනුයේ එහි ප්‍රතිපලයක් ලෙසිණි. මෙයට වසර තුනකට පෙර මිතුරන් පස් දෙනාගෙන් ඈරබි පෙන්නප්පු සුභසාධක සමිතියේ මේවනවිට සාමාජිකයෝ ගණන සියය ඉක්මවා සිටිති.
සාමාජිකයින් වැඩ් දෙනා කතොලික වුවත් ඔවුනට ජාති ආගම් බේද නොමෑත. පාසල් දෙවස්ථාන පාසල් රෝහල් අනාථ නිවාස රැසකට ඔවුන් මෙවන විට උදව්කර තිබේ. තවත් වටිනා සමාජ සත්කාරයකට අත ගෑසු වෙන්නප්පු සුභසාධක සංගමය ඒ වෙනුවෙන් පවත්වන සංගිත ප්‍රසංගයක් 13වෙනි සෙනසුරාදා සවස 6ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතය.
මහනුවර මහා රෝහලේ ඉදිවන පිළිකා වාට්ටු සංකිර්ණයට මුදලින් උපකාර කිරිම මෙවර ඔවුන්ගේ අරමුණය. රොහල් බලධාරින්ගේ ලිඛිත අවසරය තම සංගමයට ලැබුණු බවත් ලැබෙන සෑම යුරෝවක් වැය වනුයේ ඒම පිලිකා වාට්ටු සංකිර්ණය ගොඩ නෑගිමට බවත් ඒ වෙනුවෙන් පවත්වන මෙම සංගිත ප්‍රසංගය රසවත් කිරිමට ක්‍රිස්ටෝපර් පෝල් පොඩි ජෝති වෑනි ජනප්‍රිය ගායකයින් සිකුරාදා වෙරෝනා නුවරට පැමිණෙන බවත් එම සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි. පොලිස් ආරක්ෂාවද මෙම ප්‍රසංගය වෙනුවෙන් ලබාදී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිනිසුන් අතර මිනිසුන් ටිකක් කරන මේ උතුම් ක්‍රියාව හදවතින්ම අගයනවා (නි)
මොකද මේ,වෙනදාට වෙන්නප්පුවෙ උදවියට මඩ අයගෙ ශබ්දයක් නෑත්තෙ. (අ)
මෙම වෙන්නප්පු මිත්‍රයන්ගේ උත්සාහය හැමෝම අගය කළ යුතුය. මිලානෝ ඉන්න නුවර පුරවැසියනි, අඩුම තරමින් මෙම සංදර්ශනය නරඹන්නවත් යන්න. පිටිගල අයියා කියනවා වගේ බොන්න පමණක් සීමා වූ ආදී ශිෂ්‍ය සංගම් වලින් සමාජයට වැඩක් නැත. (නි)
සුදිරගේ අදහස කියවන්න. මම ලියන්න ගියෙත් ඒකයි. (නි)
හොද වැඩක් ජයෙන් ජයම" වේවා " චේතනාව හොද නිසා වැඩේ ජය වේවි සුබ ගමන් ඔයාල පස් දෙනාටම ජය නියතයි (අ)
ඉතාමත් විශිෂ්ටයි සහෝදරයිනි. මම දන්නා පරිදි මිලානෝ නගරයේ නුවර පුද්ගලයන් රාශියක් ජීවත් වෙනවා. එක්තරා පාසලක නමින් ආදී ශිෂ්‍ය සංගමයක් පටන් ගෙන හැම රස්වීමකදීම බීලා ඉතිරිවන සොච්චමෙන් රගර් සපත්තු කුට්ටමක් හෝ ක්‍රිකට් බැට් එකක් පාසලට යවනවා හැරෙන්නට මෙවන් සත්කාරයක් ඔවුන් නුවරට කර නැත. වෙන්නප්පු සහෝදරයිනි ඔබලාට බොහෝ පින්! (අ)
මේවට ආදාර දෙන්න එපා. මොකෝ ආදාර දුන්න කියල බජට් එකෙන් වෙන් කරන මුදල් අඩුවෙන්නේ නැහැ.අනික තමා ආදාර දීම හරහා වෙන්නේ කුසිත හොර තක්කඩි දෙපාලකයෝ සහ ඔවුන්ට කඩේ යන නිල දාරින්ට ගසාකෑමට උඩගෙඩි දීමක්.එමෙන්ම දුෂිත පාලකයන්ට කතිරේ ගහන අයට මෝඩ තීරණ විදවීම පහසු කිරීමක්.
සුදීර, නන්දන,ඔය දෙන්නම ඉස්කෝලේ ගිහින් නැහැ වගෙයි පෙනෙන්නේ (නි)
පින් සිද්ද වෙන වැඩක්
කොතරම් ලොකු පිනක් ද? ඔයාලට ජාති ජාතිත් මේ පින් අනුමෝදන් වෙන්න ඕනෑ (නි)
වෙන්නප්පුවේ ඉන්නේ හිත හොද මිනිස්සු. (දී)
ආදර්ශමත් උපකාරයක්.මිතුරන් පස්දෙනා හා එකතුවූ සැමට නිදුක් නිරෝගී සුව හා දීර්ගායුස පතමි. (නි)
සුදිර,ඔයා වගේ අය ඉන්න තාක්කල්,මගේ රටට හරි යන්නේ නැහැ. හැමදේටම ආණ්ඩුවට කියවන්නේ නැතුව ඔය හම්බ කරන එකෙන් පිනක් දහමක් කරන්න බැරිනම් නිකන් කියවන්නේ නැතුව ඉන්න. මොකද ඔය යන අපායට අනෙක් අයවත් ගෙනියන්නද හදන්නේ...? (දී)