මහනුවර නගාරාධිපති මහේන් රත්වත්තේ මහතා අද (19) නගාරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලේකම් හා නගර සභාවේ කොමසාරිස්වරයා වෙත නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය රත්වත්තේ මහතා විසින් විසින් භාර දි තිබේ.
දෙසැම්බර් මස 1 වැනිදා පැවැත්විමට නියමිත මහනුවර ශ්‍රි විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ තරගයට ඉදිරිපත් විම සඳහා රත්වත්තේ මහතා නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස් විමට තිරණය කර ඇත.
එම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ මොහාන් පානබොක්කේ මහතාගේ අභාවයෙන් පසු හිස් වු බස්නායක ධුරය සඳහා තරග කිරීමට තම පවුලේ සාමාජිකයන්ගේ බලවත් ඉල්ලිම මත මෙම තිරණය ගත් බව මහේන් රත්වත්තේ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම මිනිස්සු. තමන්ගේ දේශපාලන බලය හැමදේටම යොදාගන්න සමාජයක මෙවැනි අය විරලයි. කොහොමත් මෙතුමා සැදැහැති බෞද්ධයෙක්. ඔබේ අදහස සඵල වේවා! බුදු සරණයි! (නි)
ඉතා යහපත් ආදර්ශවත් තරුණයෙක්. පියා වගේම රටට සේවය කරන්න. තෙරුවන් සරණයි! (නි)
ඔබට සුබ පැතුම්.....................!(හේ)
අපේ රටේ සමහර බලවතුන් දේශපාලනයට එන්නේ තමන්ගේ මඩිය පුරවාගන්නා අදහසින් විනා රටට ජාතියට සේවය කිරීමට නොවන බව දැන් මහජනයාට හොඳින් වැටහී ඇත. (නි)
ඔබට ජය වේවා! (නි)
ඔබගේ ප්‍රාර්ථනාව සඵල වේවා! (නි)
ඔබට සුබ පැතුම්! (නි)