මහනුවර යාපනය ඒ - 9 මාර්යේ කටුගස්තොට සිට නාවුල දක්වා වූ කොටස මං තීරු හතරක් ලෙස සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 300 ක් වෙන් කර කරන බව මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි .
එම මාර්ගයේ ප‍්‍රධාන නගර වන අඹතැන්න,අකුරණ,අලවතුගොඩ මාතලේ ඇතුළු නගරවල හා මාර්ගය පෙස කැඩෙන ගොඩනැගිලි සඳහා සුදුසු පරිදි මුදල් ලබා දීමටද කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකුරනින් පාර වෙන පැත්තකට හරවලා හදන්න වෙයිද දන්නේ නැහැ. කුරුණෑගල නුවර පාරේ තෙලියගොන්නට කරන්න හැදුවා වගේ. රිසවේෂන් ඉඩම් තමා ඔය දෙපැත්තේ කට්ටිය අල්ලාගෙන ඉන්නේ. ඒවා අපේ නිලදරින්ට පෙනෙන්නේ නැහැ. මේක ලංකාව නේ...මොනවා කරන්නද? (නි)
පාරවල්වල තදබදය අඩුකළ හැකි එකම විදිහ පාරවල් පළල් කිරීම විතරක් නොවන බවත් දැනගන්න.හැම දුම්රිය මාර්ගයක්ම නිසි ලෙස භාවිතා කරමින් සහ රාත්‍රී කාලයට කිසිම දුම්රියක් නොයන නිසා හාල්,පොල්,එළවලු,කන්ටේනර් කොළඹට සහ කොළඹින් පිටට දුම්රියෙන් යන එන ක්‍රමයක් හැදුවොත් බර වාහනවලින් මහමගට වෙන හානිය අවම කරගතහැකි සේම මාර්ග තදබදය සහ අනතුරු අවමකළ හැක.දුම්රිය මාර්ග පැය 24 පුරා භාවිත කිරීමටත් එවිට දුම්රිය ගේට්ටු නිතර වැසීමට සිදුවන නිසා දුම්රිය හරස් මාර්ග ගේට්ටු නොමැතිව උඩින් හෝ යටින් වාහන යන්නට සකස්කළ යුතුය. (නි)
හොද වැඩක් වගේ. ගණන තමයි වැඩි වගේ (නි)
ඔතනින් වැඩිම මුදලක් දෙන්න වෙන්නේ මුස්ලිම් අයට තමා (නි)
මීට කලින් හදන්න ඕනෑ කොළඔ නුවර පාර . කොච්චර අමාරුද ඒ පාරේ යන්න (නි)
මමත් හිතන්නේ මං තීරු 4ක් සහිත පාරවල් කාලෝචිත නැහැ, අඩුම තරමින් මං තීරු 8ක් විය යුතුයි (නි)
අකුරණ මුස්ලිම් අයගේ ටැක්ස් බලලා වත්කම් අනුව ගෙවන්න. අනික ඔය ඉඩම් රිෂවේෂන්ඒවා නේද? (නි)
මේක ගොඩක් හොද වැඩක්. හදනකොට කනුටික හරියට හදන්න. ඩෙංගු මදුරුවෝ බෝවෙන එක නවත්තන්න. අනික ඒවා වහන ස්ලැබ් ටිකත් හරියට හදන්න. මාතර ගාලු පාරේ දාපු ස්ලැබ් අවුරුද්දක් යන්නත් කලින් කැඩුනා. ඕනෑ නම් ගිහින් බලන්න. දැන් ඒවා මාරු කපොලු වෙලා. (නි)
විදානගේ, මගේ හිතේ ගාන වැඩි නැහැ හොඳට කලොත්.අනෙත් එක අකුරණ සිට මාතලේ දක්වා පාර පළල කිරීමේදී පාර දෙපැත්තට අඩි 10බැගින් ඇති ගොඩනැගිලි සියල්ල අයින් කරන්න. හදිසි අනතුරකදී නැත්නම් ඇතුලේ තමා ඉන්න වෙන්නේ. පදිකයින්ට සහ, පාපැදි කරුවන් වෙනුවෙන් පාර දෙපැත්තේ යකඩ වැටකින් වෙනකල කොටසක් ඉඩ තබන්න. හොඳ වැඩක්, මුදල් ගියාට කමක් නැහැ. මංතීරු ගණන වැඩි කරන්න. වාහන ඉතා වේගෙන් යාවි. (නි)
බල බල ඉන්නේ නැතුව හදනවා නම් හොඳයි .තිසල් කිව්වා වගේ හාල්,පොල්,එළවලු,කන්ටේනර් කොළඹට සහ කොළඹින් පිටට දුම්රියෙන් යන එන ක්‍රමයක් හැදුවොත් බර වාහනවලින් මහමගට වෙන හානිය අවම කරගතහැකි සේම මාර්ග තදබදය සහ අනතුරු අවමකළ හැක.ලංකාවේ දුම්රිය සේවය තවම ඉස්සර වගේ ප්‍රයෝජනයට ගන්නේ නැහැ.අපි පොඩිකාලේ දුම්රිය කොච්චර සුන්දරද? (නි)
කාටද හොඳ
මේ පාරවල් හදන වැඩේ ඉතා හොඳ වැඩක්. අපේ ඡන්දය රජයට. ඒත් අපිට යන්න වෙන්නේ බඑස් එකේ. අපිට පර්මිට් ලැබෙන්නේ නැහැ පිට රට වැඩ කරලා මෙහාට සල්ලි එවුවට. ඒ නිසා ගරු මහත්වරුනේ, වාහන ආනයන බද්ද අඩු කරන්න. අපිටත් ඔබතුමන්ලා වගේම වාහනයක් අරන් යන්න ආසයි. (නි)
කරුණාකර එකපාරම වියදම්කර මං තීරු 8ක් කරන්න. ටිකයි මුදල් වැඩි වෙන්නේ. (නි)
පාරවල් කොහොම වුනත් අනෙක් හරිය නම් සුභවාදී වේවි. ස්වල්ප සල්ලියක්ද මේ? යුද්දේ දිනුවනේ. කමක් නැහැ (නි)