මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් ගත් ඇතුන් ගෙන් මිල්ලන්ගොඩ පොඩි රාජා මදකිපී ඇති බැවින් මෙවර මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් කිරිමට නොහැකි බවත් මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට සිටිනුයේ පරිනත දළ ඇතුන් තිදෙනෙක් බවත් ඔවුන්ගෙන් පසු පෙරහර කරඬුව වැඩමවීමට ගැටලුවක් මතුවන බවත් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවැසිය.
කරඬුව වැඩමවීම සඳහා පරිනත අඩි 9 ක් පමණ උස අවුරුදු 35-40 ක් වයසේ පසුවන සද්දන්ත දළ ඇතකු අවශ්‍ය බවත් දැලේ ගමන් කිරීම සඳහා එම ප්‍රමාණයේම පරිනත දළ ඇතුන් අවශ්‍ය බවත් මෙම අඩුව පිරවීම සදහා ඉතාම ඉක්මනින් ඉන්දියාවෙන් එවැනි ඇතුන් ගෙන්වා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
මහනුවර දළදා පෙරහෙර පැවැත්වෙන සමයේ දිවයිනේ වෙනත් පෙරෙරවල් නොමැති නිසා මෙවර දළඳා පෙරහර සඳහා අලි ඇතුන් 75 ක් පමණ සහභාගි කරවා ගත හැකි බවද ඔහු කීය.
පෙරහරට යොදා ගත හැක්කේ බෙර හඬ, පන්දම් එළියට, වාහන ශබ්දයට හුරු වු අලින් බවත් පින්නවල සිටිනා අලි පෙරහර සඳහා කිසිසේත් යොදා ගත නොහැකි බවත් හේ අවධාරණය කළේය.
COMMENTS
සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සංකේතය දළඳා පෙරහැරයි. එය සදා කල් සුරැකිය යුතුය.(හේ)
සිංහල බෞද්ධ සංස්කෘතිය මේ පෙර රජ දවස පටන් පැවැත එන .ඒකට කාටවත් ඉහත ආකාරයට විකල්ප ඉදිරිපත් කරන්න බැහැ.ඔය සෆ්රාස් වගේ අයගේ වුවමනාව අපි හොදට දන්නවා. (බ)
පෙරහැර සංස්කෘතිය අනාදිමත් කාලයක සිටන් අපේ රට පැවතුන දෙයක්.. අලි ගැන මහා අනුකම්පාවෙන් ලියන මේ අයියල ඔක්කොම දඩමස් නම් එපා නොකිය කනවා ඇති... අපේ රටේ ඉතුරු වෙලා තියෙන මේ සංස්කෘතික අංග අපි රැක ගත යුතුයි . ඉන්දියාවෙන් බැරිනම් බුරුමෙන් අලි ගෙන ආ යුතුයි (බ)
ඉන්දියාවේ අැත්තුන්ට බෙර , නලා, ගිනි, හොඳට පුරුදුද. අර ගිවිසුම අස්සන් කරන කන් පෙරහැර කල් දමමු.(අ)
ඇතෙක් වෙනුවට අනාගතය ගැනත් හිතලා, විශේෂිත වාහනයක් පාවිච්චි කරන්න කාටවත් තාම හිතෙන්නේ නැද්ද? දැන්ම මෙහෙම නම් තව අවුරුදු 20-30 කින් කොහොමත් ඇත්තු නෑ.(හේ)
ලංකාවේ ඉන්න එක එක ජාතියේ අලි හොරුන්ගෙන් ඇහුවානම් හොඳ ඇතෙක් සොයාගන්න තිබුනා. (බ)
පින්නවල සිටිනා අලි කිසි සේත් පෙරහරට සුදුසු නැති නම් හොර බලපත්‍ර වලින් හොරෙන් තියාගෙන ඉන්න හොර අලිද සුදුසු ? (බ)
පෙරහරේ අලියා පිටේ ගෙනියන්නේ දළදා වහන්සේ ඉන්නා කරඬුව නෙමෙයි. ඇයි මේ නිලමේ බොරු කියන්නේ. ධාතු කරඬුවක් විතරයි ගෙනියන්නේ.(ම)
ඇත්තටම මේක අපේ සංස්කෘතියට ලොකු ප්‍රශ්නයක්ද ඉදිරියේදී (හේ)