IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහනුවර - දිගන බස් ජනතා කාලය කා දමයි

( ඇන්ටන් විජේරත්න මහනුවර උසස් බාලිකා විදුහල  )- මහනුවර සිට මඩවල හරහා දිගන හා තෙල්දෙණිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් ගමනාන්තය දක්වා ධාවනය කිරීමට නියමිතය.

ධාවන කාලය ඉක්මවා වැඩි කාලයක් ගන්නා බැවින් මගී ජනතාව දැඩි අපහසුතාවයකට ලක්වී සිටි.

ඇතැම් රියදුරෝ ජංගම දුරකථන භාවිතා කරමින් ඊට පෙර හා පසුපසින් එන බස් රථ හා සංවාදයේ යෙදිමින් මෙලෙස වැඩි කාලයක් ගමන සඳහා වැය කරති.

විනාඩි 45 කින් අවසන් කළ යුතු නුවර මැණික්හින්න ගමනට පැය එකහමාර ගන්නා බව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය  දන්නා නමුත් ඒ සඳහා පියවර නොගැනීම කනගාටුවට කරුණකි.

 

 



අදහස් (0)

මහනුවර - දිගන බස් ජනතා කාලය කා දමයි

බන්දුල Thursday, 10 April 2014 07:28 PM

දොළුව හරහා මහනුවර ගම්පොල (මාර්ග අංක 635) බස් ගැනත් කියන්න තියෙන්නේ ඔය කතන්දරේම තමයි. බලධාරින්ගේ ඇස ඇරේවා! (නි)

:       1       0

නදීශිකා Monday, 31 March 2014 05:15 PM

කියල වැඩක් නැහැ. හැමදාම එහෙමයි. කටුගස්තොට , මඩවල ගොඩක් වෙලා නතර කරගෙන ඉන්නේ ,අපේ කලේ කනවා.(නදී)

:       0       0

මහින්ද Saturday, 05 April 2014 07:55 PM

හදිසිටය නුවර යන්න ගොඩක් මගින් බලන් එන්නේ මහියංගන උඩුදුම්බර බස් වල යන්න (දී)

:       0       0

විනුජි Monday, 24 March 2014 09:18 AM

ගාට ගාට ඇවිත් කටුගස්තොටත් විනාඩි 10 ට වඩා නවත්තල තියෙනවා. පොලිසියෙන් හිටියත් වැඩක් නැහැ. මිනිසුන්ගේ කාලේ පාරටම ඉවරයි.(නදී)

:       1       0

නිමල් පීරිස් Tuesday, 01 April 2014 03:03 PM

අයියෝ මොනවහරි විසඳුමක් කවුරු හරි දෙන්න. පුදුම කාල නාස්තියක් මිනිසුන්ගේ. කවුරු හරි ඒ ගැන කතා කළොත් හොඳට කතා කරන්නත් ඒ කොන්දොස්තරලා දන්නවා. කවුරු හරි ඉක්මන් විසඳුමක් දෙන්න. කරුණාකරලා. (ස)

:       0       0

ශෂී Friday, 28 March 2014 09:46 AM

රට කනවා. අපරාදේ අපේ කාලේ.(නදී)

:       0       0

ශිරන්ති Thursday, 03 April 2014 10:45 AM

ලංකාව කවදාවත් හදන්නවත් බැරි රටක් . මහින්ද රාජපක්ඹ ජනපති තුමා ඇරුනකොට ඔක්කොම හොරු.(නදී)

:       0       0

ජයනි Thursday, 24 April 2014 09:21 AM

මේ ගැන නම් කියල වඩක් නැ. සී.ටී.බී. එකක් අවොත් පන එපා කියල යයි. නැත්නම් ටෙලිෆෝන් කනේ ගහගෙන ගාටනවා. කටුගස්තොට විනාඩි 10. මඩවල විනාඩි 15. අපි කොහොමද වැඩට යන්නේ එන්නේ. මිනිස්සුන්ගේ කාලේ කා දමන යක්කු. මිනිස්සුන්ගේ සාප කෙරිලි මේ බස් වලට හොඳට වදිනවා. මේකවත් තේරුම් අරගෙන ඉක්මනට ගියොත් හොඳය.පොලිසියෙන් නම් මහා ලොකුවට ඉන්නවා. පගාව දෙනවා ඇති .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site