( ඇන්ටන් විජේරත්න මහනුවර උසස් බාලිකා විදුහල  )- මහනුවර සිට මඩවල හරහා දිගන හා තෙල්දෙණිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් ගමනාන්තය දක්වා ධාවනය කිරීමට නියමිතය.

ධාවන කාලය ඉක්මවා වැඩි කාලයක් ගන්නා බැවින් මගී ජනතාව දැඩි අපහසුතාවයකට ලක්වී සිටි.

ඇතැම් රියදුරෝ ජංගම දුරකථන භාවිතා කරමින් ඊට පෙර හා පසුපසින් එන බස් රථ හා සංවාදයේ යෙදිමින් මෙලෙස වැඩි කාලයක් ගමන සඳහා වැය කරති.

විනාඩි 45 කින් අවසන් කළ යුතු නුවර මැණික්හින්න ගමනට පැය එකහමාර ගන්නා බව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය  දන්නා නමුත් ඒ සඳහා පියවර නොගැනීම කනගාටුවට කරුණකි.