මහනුවර නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙස මහනුවර නගර සභාව මගින් ක්‍රියාත්මක කළ පස්වරු 3.30 න් පසු පේරාදෙණිය කොළඹ මාර්ගයේ වාහන එක් දිශාවකට ගමන් කිරිම සඳහා වන නීතිය අද (21) සිට තාවකාලිකව අත් හිටවන බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති සේන දිසානායක මහතා කීවේය.
නාගරික මන්ත්‍රිවරුන් විසින් රථවාහන සැලැස්ම අත්හිටුවන ලෙස ඉල්ලා තමන්ට ලිපියක් භාර දුන් බවත් එය සැලකිල්ලට ගෙන රථ වාහන සැලැස්ම තාවකාලිකව අත්හිටවු බව දිසානායක මහතා කියයි. මාර්තු 28 වැනි දා පැවැත්වෙන මහ සභා රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ස්ථිර තීරණයක් ගන්නා බවද නගරාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාගරික මන්ත්‍රීවරු මහජන නියෝජිතයන් මිස ප්‍රතිපත්ති සම්පාදකයෝ නොවේ. (නි)
නුවර මාතලේ රේල් පාරෙන් වැඩක් ගත හැකියි .කටුගස්තොට තදබදය අඩු කරන්න. රේල් බස් එකක් දාන්න පුළුවන්නේ. මහයියාව පාර හදන්නෙත් කළුතර පාලම හැදුව වගේ හරිම හෙමින්. (ර)
නුවර සිට විනාඩි 15 ට අවා. අද සිට පැය 2ක්. (ර)
එක රථවාහන සැලැස්මක් හරියට ක්‍රියාත්මක කරගන්න පුලුවන්ද ? ඔක්කොම අසාර්ථකයි , සුද්දා හදපු හද්ද පරණ නිතිය අදට ගැලපෙන විදිහට වෙනස් කරන්නේ කොහෙද. (ර)
මට නම් ඔය රටේ උගත්තු කියන කොටස හරි අප්‍රසන්නයි. තොප්පියදාලා, අතේ පැපොල් බෑයකුත් තියාගෙන, කළු කෝට් එකකින් උජාරුවෙන් සැරසිලා ෆොටෝ එකක් අරගෙන ගෙට ඇතුළුවන තැන කාටත් පෙනෙන්නට සලස්වලා තිබ්බහම හොඳටෝම ඇති. ඌට වැඩකුත් නැහැ... රටට ඇති පොරෝජනෙකුත් නැහැ .ලංකාව සැලසුම් කරන්ට පිටරටින්ම ගෙනෙන්ට වෙනවා. (ර)
මොන රජයක් ආවත් වැඩක් උනේ නැති එකම නගරය නුවර තමයි. ඉන්නේ ඡදෙට විතරක් එන අය දිනුවම පළාතේ නැ. නගරය ඇතුලට රථ වාහන එන එක නතර කරලා වටෙන් යන පාරවල් සංවදනය කරා නම් හරි. (ර)
කල්ප, ඔයාට වැරදිලා. කළුතර පාලම නෙමෙයි අලුත්ගම පාලම තමයි හිමින් කළේ (නි)
ඔය තදබදය තියන වෙලාවට උඩගුවනේ ඉඳලා බැලුවා නම් ඉක්මනින් විසඳුමක් හොයාගන්න පුළුවන්වෙයි. ඔයතරම් පොඩි නගරයක වාහන තදබදයකින් තොරව ගමන් කිරිමට හැකි ක්‍රමයක් සැකසීමට බලධාරීන් අපොහොසත්වීම ගැන කණගාටු වෙනවා. කොළඹ, මාවනැල්ල, කෑගල්ල, කඩුගන්නාව වාහන සියල්ල පේරාදෙණිය නගරය පසුනොකර ගන්නෝරුව අලුත් පාලම භාවිතා කළයුතුය. නුවර දෙසට කොළඹ සිට එන වාහනද එම මාර්ගය භාවිතා කළයුතුය. ගම්පොල නාවලපිටිය නුවර දෙසට යන සීඝ්‍රගාමී බස් ගන්නොරුව මාර්ගය භාවිතා කළයුතුය. (නි)
මොකද්ද මේ නුවර ඇත්තන්ට වෙලා තියෙන්නේ? නගර සභාවටයි, පළාත් සභාවටයි කිය කියා ඉන්නේ. කවදාවත් කිසිම සැළැස්මක් නැහැ. උගත් ඉංජිනේරුවෝ කොච්චර නුවර ඉන්නවද? මේකට නියම සැළැස්මක් හදලා තාවකාලිකව ක්‍රියාත්මක කරන අතරේ, ගුවන් පාලම් 2ක්වත් හදන්න බැරිද? (නි)
මෙච්චර උගතුන් ඉන්න රටේ, මහනුවර වාහන තදබදයට තවම නිසියාකාර ස්ථිර විසඳුමක් හොයාගන්න බැරිවුණා නේද. හැම විසඳුමක්ම හිසරදේට කොට්ට මාරු කරන්න වගේ තාවකාලික ඒවා. කෝ අපේ උගත්තු? (නි)
සියල්ලටම පෙර මාළිගාව ඉදිරිපිට පාර අරින්න. (නි)
පොලිසියේ ඉන්න අයයි, නගර සභා වල ඉන්න අයයි කරන වැඩ හැබෑටම? කරන්න බැරි නම් ගෙදර යන්න ඕනෑ (නි)
ඉන්දියාවේ නවදිල්ලි නගරයේ තිබෙන දුම්රිය ගුවන් පාලම් වගේම ලංකාවේ නගර තුළ දුම්රිය මාර්ග, ස්ථාන එලෙස නිර්මාණය කළා නම් පවතින තදබදය අවම කර ගත හැක. අනෙකුත් මාර්ග සඳහා ලංකාවේ ඇත්තේ සීමිත ඉඩ ප්‍රමාණයකි. හැකිතාක් ගුවන් පාලම් මඟින් තදබදය අවම කරගත යුතුය (නි)
රටේ හුඟක් තැන් වල රෑට ආලෝක සංඥා වල කහ පාට “බ්ලින්ක්“ වෙනවා වාහන අඩු නිසා. ඒත් මීගමුවේ තියනවා 24 පැයේම වැඩ කරන ආලෝක සංඥා තුනක්. නිරපරාදේ ඒක නිසා ඒ3 (පෑලියගොඩ පුත්තලම) මාර්ගයේ වාහන නතර කරගෙන ඉන්න ඕනෑ අනෙක් අතුරු මාර්ග වල වාහන නැතත්. (නි)
දේශපාලනය මධ්‍යම පළාත කා දමා හමාරයි (නි)
වාහන තද බදය නතර කරන්න නම් මහනුවරට ගුවන් පාලම් 10 විතර ඉදිකරන්න. (ර)
නුවර පේරාදෙණිය රේල් පාර ද්විත්ව මාර්ග කරන්න පටන් ගත්තා පසුගිය රජයෙන්. දැන් එකත් නැවතිලා. නුවර කඩුගන්නාව දුම්රිය දැම්මොත් බස් ධාවනය අඩු කරන්න පුළුවන්. ඔක්කොම බස් ගන්නොරුව පාරෙන් අවොත් ඒ පාර බ්ලොක් වෙනවා. ඊට පස්සේ ගැටඹේ හන්දියේදී ඔක්කොම හිර වෙනවා.(ම)
මේ ක්‍රමය වාහන රියදුරන්ට මහත් පහසුවක්. මේ නාගරික මන්ත්‍රීවරු මේක නැතිකර දැම්මා. ඔවුන්ට තේරෙන්නෙ නැහැ සාමාන්‍ය ජනතාව විඳින දුක (නි)