චමිල් රූපසිංහ
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුක්තව සිට මධ්‍යම පළාතට පැමිණි සෙබළුන් 123 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් අතරින් පස් දෙනෙකුට වයිරසය ආසාදනයවී තිබන බවත් හඳුනාගත් අතර සියලු දෙනා අයි.ඩී.එච් රෝහලට යොමු කළ බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පේරාදෙණිය රෝහලේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ජාවකදී මේ බව පැවැසිය.
නාවික සෙබළුන් මහනුවරට 77 දෙනෙකුත් මාතලේට 34 දෙනෙකුත් මාතලේට 12 දෙනෙකුත් පැමිණ සිටි බවත් ඒ අතරින් මහනුවරින් ආසාදිතයින් පස් දෙනෙකුත් මාතලෙන් එක් ආසාදිතයෙකුත් හඳුනා ගත් බවත් ඔවුන් සියලු දෙනාම නාවික හමුදා බාරයට ගැනිමට සියලු කටයුතු කර ඇති බවද ඒ මහතා කීය.
නාවික හමුදා සෙබලුන් නිවාඩු ලබා පැමින සිටින පෙදෙස්වල ජනතාව ඒ සම්බන්දව කිසිදු බියක් ඇති නොකල යුතු බවත් ඔවුන් සියල්ලම ආරක්ෂක හා සෞඛ්‍ය අංශ මගින් සියලුම ආරක්ෂාකාරි පියවරවල් ගෙන ඇති බවත් ඔවුන් ඇසුරු කල සමිපතයන් වලලු ආකාරයට සොයා බැලිම් කර ස්වයං නිරෝධායනයකට ලක් කරනු ලබන බවද ඒ මහතා පැවසුවේය.
මෙම හමුදා සෙබලුන් මේ තත්වයට පත්වි ඇතිතේ කොරෝනා රෝගින් ස්වයං නිරෝධායනයකට ලක් කිරිමට ගොස් ඇති අවස්ථාවේදි වෛරසය ආසාදනය විම බවත් එමනිසා ජනතාවට සේවය කිරිම සදහා ගොස් සිටි හා සිටින හමුදා සෙබලුන් දෙස කාරුනිකව හා ඔවුන්ට අපෙගේ කෘතවේදි බව පිළිගන්වන අතරම ඔවුන්ට උදවු කල යුතු බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා පවසයි.
වෛරස් ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බවත් මේ සඳහා මධ්‍යම පළාතේ මහජන පරීක්ෂකවරුන් 178 දෛනකු රාජකාරියේ නියුක්තව සිටින බව මහනුවර දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සගමයේ සභාපති අසංක රාජපක්ෂ මහතා කීය.
පී.සී.ආර් පරීක්ෂණ සඳහා ආදළ පුද්ගලයින්ගෙන් සෙම පටල ලබා ගැනීම ඔවුන් පදිංචි ස්ථානවලදීම සිදුකරන බවද ඒ මහතා පැවසුවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහනුවර ආසාදිත සෙබළු 5ක් අයි ඩී එච් රෝහලට යවයි
lahiru Monday, 27 April 2020 09:10 AM
කොහොමත් ලංකාවෙ ඉන්න කුහක මිනිසුනේ... කොච්චර හොද කළත් කිසිම අගයක්, වටිනාකමක් නැහැ. නේවි, ආමි, පොලිස් වෙවා... මෙ සියලුදෙනා වැඩකරන්නේ අපේ ආරක්ෂාව සදහා...
tv Monday, 27 April 2020 10:37 AM
නාවික සෙබළුන් මහනුවරට 77 දෙනෙකුත් මාතලේට 34 දෙනෙකුත් මාතලේට 12 දෙනෙකුත් පැමිණ සිටි බවත්....