පාසලේ දී සිදුවීයැයි කියන අපයෝජනයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන ජනමාධ්‍යට අදහස් පළ කළැයි වැඩ තහනමට ලක් වූ කොළඹ මහානාම විද්‍යාලයයේ ගුරුවරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගුරුවරියට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියෙන් සහ 14.1 වගන්තියෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එම වගන්ති දෙක මෙසේය.
12. (1) නීතිය පසිඳලීම සහ කියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.
14. (1) සෑම පුරවැසියකුට ම -
(අ) භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් වූ කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට සහ එහි ගුරුවරයකු වූ මාලේගොඩට රුපියල් ලක්ෂය බැගින් මෙම ගුරුවරියට වන්දි ගෙවන ලෙස නියෝග කැරිණි.
අගවිනිසුරු කේ ශ්‍රීපවන්, අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නඩු තීන්දුව ලබා දුන්හ.
මෙම ගුරුවරියගේ සිද්ධිය ඒ දිනවල ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරතියි ගුරු සංගම් චෝදනා කළේය.
සබැඳි පුවත්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් පාසල් වල සිදුවන බොහෝ අකටයුතුකම් සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. විදුහල්පතිවරුන්ගේ අකටයුතුකම් වලට සහයෝගය නොදෙන අයට සමහරු කැපිල්ල දානවා කියලත් අපි දන්නවා. ඒ ගැන අමාත්‍යාංශයට දැනුම්දුන්නහම ඒගොල්ලෝ මුනිවත රකිනවා. අන්තිමටම පිහිට උසාවිය තමයි. (නි)
ඔය තරමටම තමන්ගේ භාෂාව දන්නේ නැති එක පිළිගන්න අමාරුයි. (ර)
මෙය ඉතා හොඳ තීන්දුවක් මෙන්ම පුර්වාදර්ශයක් මේ රටේ ඉන්න දෙශපාලකයන්ට සහ නිලධාරින්ට දැන්වත් වැරදි නිවැරදි කරනවා වෙනුවට පලි ගැනීමේ ක්‍රියාවන් වලින් ඉවත් වීමට පාඩමක්. (ර)
විදුහල්පති සහ අනිතෙක්කෙනා කල අපයෝජන මොනවාද කියල පැහැදිලිමදී. විස්තරකරනවද පොඩ්ඩක්? (ර)
මට නං කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ගුරුවරිය කලදේ නිවැරදිද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ ? (ර)
වැරදි පෙන්නලා දෙනකොටත් ඒකත් නීතිවිරෝධී කියනවා (නි)
කරුණාකර අපයෝජනය වචනයේ හා අවභාවිතය යන වචනවල තේරුම පිටරට බොහෝ කලක් පදිංචිව සිටින අපට මෙම තීරුවෙන් කියා දෙන්න. ඉංග්‍රීසි වලින් දුන්නොත් වඩා හොඳයි දෙකම එකම තේරුමද කියාත් හිතෙනවා. (බ)