ඉන්දියාවේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගම පසුගියදා සිය ස්ක්‍රෝපියෝ පික් අප් රථය කටාර් වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. ඒ වෙනුවෙන් වූ උත්සවය ස්ක්‍රෝපියන් පික් අප් රථයේ දේශීය බෙදාහරින්නා වන ඉබින් අජ්යාන් සමාගමේ ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වුණි.
ස්ක්‍රෝපියෝ ඩබල් කැබ් පික් අප් රථය මේ වන විටත් අසල්වැසි ගල්ෆ් වෙළෙඳපොළ තුළ මෙන්ම මැද පෙරදිග කලාපයේ වෙනත් රටවලද සුවිශේෂී ජනප්‍රියත්වයක් අත්පත් කරගනිමින් සිටින බව මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා සමාගමේ සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර අපනයන මෙහෙයුම්) දිනේශ් චෞද්රි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd