මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ ලබාදුන් දීමනා නොලැබෙන බවත් ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම් කරන බවත් ජනමාධ්‍යවේදීන්ට බලපෑම් කරන බවත් කියමින් ඒවාට විරුද්ධව අද (8) යෙදෙන ලෝක කාන්තා දිනයේදී නවගමුව පත්තිනි දේවාල භූමියේදී විශේෂ පූජාවක් පැව්ත්විණි.
කොළොන්නාව හිටපු මන්ත්‍රීනි අශෝකා ලංකාතිලක ඇතුළු ශ්‍රීලනිපයේ කාන්තා පිරිසක් එය සංවිධානය කළ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිය ශිරන්ති රාජපක්ෂ ද එම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්තිනි දෙවාලය කියන්නේ හාස්කම් තියෙන තෑනක් ඔතෑනට අසුද්ද අය ගියාට වෑඩක් නෑහෑ බොරු කියාගෙන (අ)
පත්තිනි මෑණියන්ටත් තරහ එනවා මේවා දැක්කම. (අ)
බුදුන්ගේ සරණ දේවියගේ පිහිට පතමි, රට බෙරාදුන් ඔබතුමාට ජය වේවා. (ර)
සියලු දේවිගේ පිහිට මුළු රටේම පැතුම එකයි. (ර)
දෙයියෝ එදා නිවාඩු දාල ගිහින් විවේකයක් ගන්න ඇති.(කෞ)
කවුරු කවුරුත් දුන්න දේවල් තමා තමයි ලැබෙන්නේ, ඔය දේවාල වඳින්න ඕන නෑ, සියලුම දෙනාටම ඉතාමත්ම අවංකව, යමක් ලබාගන්න අදහසක් නැතුව මයිත්රී කරන්න සියලු දිසාවටම, පුලුවන්නම් බලන්න ප්‍රතිපල ෂුවර්. (ර)
යුද්ධේ තිබුනානම් හැමෝටම හැමදාම දෙවියන් සිහිවේවි. (ර)
දෙවියෝ දැනටම තීන්දුවට අත්සන් කරලා ඉවරයි. අවුරුදු 20 කට බරපතල වැඩ සහිතව කුඩුවේ.(ම)
මේ අයට පිස්සුද කොහෙද?(හේ)
රුපියල් දහය ඉල්ලන කෙනත් ඇවිත් වගේ බාරයකට (හේ)
මහින්ද මහත්තයට ජය වේවා.! (ර)
ඔබ තුමාට කලගුණ නොදත් අය නොසිටියට කලගුනදත් බහුතරයක් ඔබ සමගය දේව පිහිට ලැබේවා.! (ර)
දෙන්නගෙම මුණ දැක්කම පේනවා දෙවියන්ට කියන්නේ මොනාද කියලා. (ර)
සියළු පැතුම් සඵල වේවා! (නි)
අනේ මන්දා! තවමත් දේවාල ගානේ යන එක නතර කරන්නේ නැහැනෙ. (නි)
දේව පිහිට ඔබට ලැබෙනවාමයි (නි)
දෙවියෝ ළඟ මේ හැමෝගේම ෆයිල් තිබෙනවා (නි)
මෙතුමන්ලා නොගිය දේවාලයක්, නොගිය සාත්තරකාරයෙක් මේ රටේ ඉතුරුවෙලා නැතුව ඇති (නි)
අර ජනාධිපතිවරණයට පෙර වගේ තිරුපති ගියා නම් හරිනේ (නි)
මහින්ද රාජපක්ෂ මැතිදුනි, ඔබට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා! (නි)
එතුමා කරලා තියෙන්නේ ඉතාම හොඳ ප්‍රාර්ථනා වගයක්. ෆොන්සේකාට කළා වගේ රණවිරු දඩයම් නොකෙරේවා! ලසන්ත වැනි මාධ්‍යවේදීන් මරා නොදැමේවා! මහා සංඝරත්නය දඩයම් නොකෙරේවා! (නි)
ආයෙත් දේවාලයට ආවේ දෙවියන්ගෙන් මොනවා ඉල්ලන්නද? (නි)
මෙයාලගේ වැඩේ දේවාල ගානේ යන එක. දැන් තිරුපති යන්නේ නැද්ද? (නි)
බලාගෙන, දෙවියෝ "අල්ලස්" ගන්නේ නැහැ.එෆ් සි අයි ඩී එකට දැන් දෙවියොත් බයයි.අපි වැරදි කරලා නැතිනම් දෙවියන් සොයායන්න අවශ්‍ය නැහැ.දෙවියන්ට සියලුම දේවල් පෙනෙනවා කියනවානේ.කර්මය අපි කාටවත් මග හරින්න බැහැ. (කෞ)
තමන් පිරිසිදු නම් ළුලවිපාක ඉක්මනට ලැබෙයි (ම)
බයෙන් තැතිගත් අය ගස් ගල් වලටත් වදීයි (ම) .
දේවාලේට ගියාට වැඩක් වෙන්නේ නැතිවෙයි.(හේ)
කර කියා ගන්න දෙයක් නැති උනහම හැමෝම යන තැනක් තමයි. දෙවියන් කියන යම් කොටසනක් ඇත්නම් ඔවුන් ඉටුකරන්නේ සාධාරණය මිස ගැත්තන් ඉල්ලන දෙය නොවන බවත් මතකයට ගතයුතුයි. (හේ)
තමන් හදපු වඩපු දෙමව්පියන්ට බැන බැන නොසළකා දෙවියෝ ගාවට ගිහින් වදින පුදන, දෙවියන්ද රැවටීමට ල්කකිරීමට උත්සාහ කරන අයද සිටින රටක් මේක. දෙයියොම බලාගන්න ඕනේ එහෙම අවනඩුත්.(හේ)
සිද්ද පත්තිනි සත් පත්තිනි මෑණියෝ එක්කනම් සෙල්ලම් නැහැ ගොයියෝ ! දකුණේ කියලා වෙනසක් නැහැ දඬුවම් ඒකාන්තයි හරිය ! (හේ)
අනේ දෙවියනේ මගේ අර ඉන්න තිබුන අවුරුදු දෙකවත් නැවත සෙට් කර දෙනු මැනේ. (කෞ)
වැඩ වරදුනහම දෙයියෝ මතක් වෙනවා .....බලයේ ඉන්නකොට වැරදි වැඩ කරනවා ......තණ්හාය ජායති සෝකෝ (අ)