හිටපු කී‍්‍රඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ නීතී විරෝධී ලෙසින් සහ අයථා ලෙසින් මහජන මුදල් සහ දේපල වංචාකර වත්කම් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ, බිරියගේ සහ පුත‍්‍රයාගේ බැංකු ගිණුම් හයකට අදාළ බැංකු වාර්තා රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එම්. මිහාල් මහතා ඊයේ (20) අදාළ බැංකු කළමණාකරුවන් වෙත නියෝග කළේය.
ඔවුන් තිදෙනා නමින් ඇති බැංකු ගිණුම් හයකට අදාළව වර්ෂ 2010 සිට 2015 දක්වා වූ වසර පහක ගිණුම් සම්බන්ධයෙන් වූ තොරතුරු රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙසට අධිකරණ නියෝගයේ සදහන් කර ඇත.
එසේම, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ රාජගිරියේ මිලදී ගෙන ඇති බව කියන ඉඩමක් සම්බන්ධයෙන්ද පරීක්ෂන ආරම්භ කර ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියල්, මෙයා වත්කම් සොයාගත් ආකාරය පෙන්නලා නිදහස් වුණාම ඉවරයිනේ. ඔයා මොකද මේ කලබලවෙලා? (නි)
පියල් වගේ අය නිසා තමා ලංකාව විනාශවෙලා තියෙන්නේ (නි)
ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් එළිවේවි (නි)
පරණ අයගේ ගනුදෙනු හොයනවට වඩා යහපාලනය යටතේ ඉදිරියට ඒ වගේ දේවල් සිදුනොවෙන්න අලුත් නීති ගෙනෙනවා නම් නේද හොඳ? (නි)
පියල්, සී.අයි.ඩී එකේ තිබෙන වාර්තා ඔයාට පෙන්නන්න ඕනෑද? උසාවි දැම්මහම ඔයාට ඒවා බලාගන්න පුළුවන්. (නි)
පියල්, හොඳට කියවන්න. බැංකුවේ විස්තර වලින් කියන්න පුළුවන් ජපානෙන්ද අාවේ කොහෙන්ද අාවේ කියලා. කලබල වෙන්න එපා වැරදි කර නැත්නම් (නි)
කොයි ආයතනයෙන්ද හොරකම් කළේ කියලා හොයලා බලන්න තමයි මේ අධිකරණ නියෝගය දීලා තියෙන්නේ. පරීක්ෂණ ඉවරවෙනකොට බලාගත හැකියි කොහොමද මේතරම් ධනයක් ඉපැයුවේ කියලා. කම්බ හොරු, මහජන මුදල් හොරා කෑ අයට නම් රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)
ඔන්න හොයනවට ජනතාව කැමති කෙනෙක්. (නි)
මෙයාලා ගැන හොයන ගමන්ම මෙයාලා හිටපු අමාත්‍යංශ/කාර්යාංශ වල හිටි මෙයාලට පන්දම් අල්ලා පෝසත් වූ වන්දිබට්ටයො ගැනත් ඒ වන්දිබට්ටයන්ගෙ පවුල් වල අය ගැනත් හොයන්න. හිටපු ඇමතිලා ටික දෙනෙකුට ඇමතිකම් නැති වුණාට පන්දම්කාරයො දැන් මේ පැත්තට හැරිලා ඒ හිටිය විදියටම ඉන්නවා හොර වහගෙන. (නි)
අපිට නම් පෙනෙන විදිහට මේ රජය කරන්නේත් පසුගිය රජය කළ දේවල්මයි. ජනතාව වන අපියි මෝඩයෝ. (නි)
පියල්, සහෝදරයෙක් ජපානයේ හිටියට ලංකාවේ ඉන්න අනෙක් සහෝදරයන්ට හතර මහා නිධානය පහළ වෙන්න විදියක් නැහැ. ජපානයෙත් සල්ලි ගස් වලින් කඩන්නේ නැහැ. බොහොම මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්න ඕනෑ. (නි)
පියල්, ඒත් මෙහෙම සල්ලි හොයන්නේ කොහොමද? මෙහෙම අය හිතාගෙන ඉන්නෙ ජපානයේ සල්ලි පාරේ යනකොට කතාකරලා බෙදනවා කියලයි. ජපානයේ මිනිස්සු සල්ලි හොයන්නේ අවංකව දුක් මහන්සියෙන්. ඒ වගේම බදු ගෙවනවා. මිල ගණන් ඉතාම අධිකයි. (නි)
නියමයි. ඔහොම යමු! (නි)
අනවශ්‍ය වියදම් කළ හිටපු ඇමතිලා සහ ඔවුන්ගේ පන්දම්කාරයො ගැනත් හොයන්න. (නි)
පියල් මොකද මේ ගැන මෙච්චර වදවෙන්නේ? (නි)
පියල්, ජපානේ ඉන්න කෙනා ගැන ඒ පැත්තේ ඉන්න කෙනෙකුගෙන්ම අහගන්නකෝ. (නි)
ජපානයේ ඉන්නවා කියන සහෝදරයට වඩා ලංකාවේ ඇමතිකම් කළ අයගෙ ධනය වැඩි ඇති. මේවට කොතනින්ද අපි හිනාවෙන්නේ?
ඔන්න හොයනවානම් ලෝක හොරෙක් තමයි.ක්‍රීඩා ඇමති ලෙස ගහපුවා .මෙයා තව ජොන්ස්ටන් (බ)
මොකද මෙයාගේ විතරක් හොයන්නේ? මන්ත්‍රීලා ඔක්කොමගේ ගිණුම් හොයන්න ඕනේ? (බ)
කුලියාපිටියේ රක්ෂණයක වැඩ කරල මේ තරම් මුදලක් මොහු කොහොමද සෙව්වේ ඉතාමත් කපටි දෙශපාලුවෙකි (බ)
සාධාරණව හම්බ කළා නම් හම්බ කළ විධිය හෙලිකළ හැකි විය යුතුයි. සහෝදරයෙක් ජපානෙ හිටියට මෙහෙම වත්කම් මෙයාට ගන්න පුළුවන් නම් ජපානය කියන්නේ සල්ලි අච්චු ගහන රටක් වෙනන් ඕනේ. ජපානේ ආදායමෙන් 50% ක්ම බදු වශයෙන් ගෙවන්න වෙනවා. ජපානේ සහෝදරයො ඉන්න කි දෙනෙක් ලංකාවේ ඉන්නවද? අනේ ඒ අයට නම් මහින්දානන්දට වගේ සම්පත් පහල වෙලා නැහැ.(බ)
ජපානේ සල්ලි හොයන්නේ උගත්කමින් සහ දහඩිය මහන්සියෙන්. ඒ වගේම බඩුවල මිල ඉතා අධිකයි. අය කරන ආදායම් හා වෙනත් බදුත් ඉතාම අධිකයි. අපේ අය හිතන් ඉන්න විධියෙ සල්ලි ආකාරයක් නෙමෙයි ජපානේ කියන්නේ. (බ)
ජපන් අගමැතිගෙ වත්කමත් අපේ හිටපු ඇමතිගෙ වත්කමට වඩා අනිවාර්යයෙන්ම අඩුයි. (බ)
මේකත් එක්කම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දහදුක් විඳපු සල්ලි හොරාකාපු හිටපු ඇමතිලා සහ ඒ අයගේ වටේ හිටිය නිලධාරින්ගේ පවුල් වල වත්කමුත් හොයන්න. ලොකු පිනක්. අපේ රටට කනන් දෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයෝ. ඒ අයගෙ සල්ලි පිල්ලි ගැහැව අයට හොදක් නම් සිද්ධ වෙන්න එපා. (බ)
මහින්දානන්ද මහත්තය අවංක කෙනෙක්... ඔහු නාවලපිටිය දියුණු කළා. ගොඩාක් කටයුතු කළා. ඔහුගේ සහෝදරයෙක් ජපානයේ ඉන්නේ. ඔහු ගොඩාක් ධනවත් කෙනෙක්.. මහින්දානන්ද අහවල් ආයතනයෙන් හොරකම් කළා කියන්න පෙන්නන්න ආයතනයක් තියෙනවද ? (බ)
මහින්දානන්දට කතාකරන්න ගිහින් පියල් නාගත්තා නාගැනිල්ල... (බ)
පියල්, ඔබ මහා මෝඩයෙක් වගේ. ජපානයේ ඉන්න හුඟක් බොහොම අමාරුවෙන් කීයක්හරි හොයාගන්නේ (නි)
සල්ලි වැඩි වුනාම උන් හිටි තැනුත් අමතක වෙලා නේද අර රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රිකට් තරු වලටත් කෙනහිලිකම් කළේ. බහුතරයක් දේශපාලුවන්ගේ නෝනලාට සා පෙළ වෘත්තීය සුදුසු කමක් නැහැ. බඳින්න කලින් හිටියේ අගු පිල් වල. හැබැයි දැන් කොළඹ හතේ ලමාතැනිලා වගේ. ජනතාවගේ මුදල් පිල්ලි නොගහා සාධාරණ විදියට තමන්ගේ උගත් කමකින් වෘත්තීය රැකියාවකින් පොහොසත් වුනා නම් කමක් නැහැ. (බ)
අපි ඉවසලා බලාගෙන ඉමුකෝ (නි)
කලබල වෙන්න දෙයක් නැහැ හොරකම් කළානම් පමණි බය මෙයා නම් රටට බොහෝ වැඩ කළ කෙනෙක් තව නැත්නම් පොල් ගහන අයට මෙන්න තව වැඩක් (බ)
කවුද කියන්නේ අපේ රටේ දේශපාලකයෝ අවංකයි කියලා (නි)
පියල් මහත්තයෝ, ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලයි අපි අහලා තියෙන්නේ. (නි)
මෙයාගේ බිරිද ගෙන උසාවියට ඉදිරිපත් කළානම් අදාල වත්කම් ලැබුන විදිය සොයාගන්න පහසු වෙනවා ඔය මන්ත්‍රී වරයාගේ (බ)
නිම්මි, ඔබ හරි. නමුත් ජයතු කියන තත්ත්වයේ සිට අන් අයට වඩා කැපීපෙනෙන ලෙස වෙනසකට පත්වේගන යන මන්ත්‍රීලා ගැන ඔබටත් සැක හිතෙන්නේ නැත්නම් පුදුමයි. එමෙන්ම, පියල් කියන විදිහට කලිනුත් එහෙම මුදල් එවා තිබුනාද? මොන මොන ආයතන වලින් හෝ අයථා ලෙසින් හෝ කොපමණ මුදල් ගිණුම් වලට ආවාද කියා ගිණුම් පරික්ෂාවේදී පෙනෙනු ඇති නේද ? (නි)
මෙතුමාගේ වත්කම් ගැන අපිටත් යම් සැකයක් තියෙනවා. කොහොමද ඔය සල්ලි හොයාගත්තේ? (නි)
පියල්, ඔබතුමා සුරංගනා කතා ලියන කෙනෙක්ද? බය නැතුව ඉන්න. ජපානෙන් සල්ලි ආවා නම් බැංකු පොත්වල ඒවා සටහන්වෙලා ඇති. (නි)
අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම බිංදුවයි, නැත්නම් මේ වගේ අය අායෙමත් පාර්ලිමේන්තුවට (ලංකාවේ ලොකුම හොර ගුහාවට ) යන්නේ නැහැ, වැරැද්ද කාගේද ? (බ)
පියල් දන්නා දේවල් ...? ඔය කවුරු කවුරුත් කරපු වැඩ නුවර අපි දන්නවා. (නි)
පියල්ට මහින්දානන්ද මහතාටවත් නැති කලබලයක්නේ තියෙන්නේ (නි)
රටේ බහුතරයන් ඌන පෝෂණයෙන් පෙළෙන රටක කන්න බොන්න තිබෙනදේට බදු ගහලා මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගැනීමත් මුළු රටේ ජනතාවගේම මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. (නි)
සමහරු ඕනෑවටත් වඩා කලබලවෙලා (නි)
රටේ සංවර්ධනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙළීම අනිවාර්රයයෙන් කළයුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙළීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවට පැමිණෙන දුරකථන ඇමතුම් වලින් අයකෙරෙන අසාමාන්‍ය බද්ද වෙනත් කිසිදු රටක අය නොකෙරේ. ඒ වගේම රට තුළ ඇමතුම් වලින් බදු අය කිරීමද නොකළ යුත්තකි. මෙය සුළු පරිමාණ ව්‍යාපාරිකයාට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයටද ඍජුව බලපායි. මේ නිසා දුරකථන වලින් බදු අය කිරීම සම්පුර්ණයෙන්ම නවත්වන ලෙසද ඒ වෙනුවට කිසියම් සහනයක් ලබා දෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටිමි. (නි)
ඔව් පරාද උනත් අපි ඡන්දෙ නොදුන්නත් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යනවානේ .ඔන්න ඔය ක්‍රම නතර කරන්න ඕනි .මනාප ක්‍රමය. ඔය මනාප නැත්නම් ගොඩක් කට්ටිය ගෙදර. (ර)
වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදලා බලන්න. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාධාරනීකරනය කරන්න බැහැ. (නි)
අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මැති ඇමති විපක්ෂ, මෙකි නොකී සියලු දෙනාගේ වියදම් සඳහා වැයවෙනවා. නමුත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට විශාල කාර්යභාරයක් නැහැ. ඉතින් මේ සියලුදෙනා එක්ව රජයේ මුඩුඉඩම් යොදාගෙන දැවැන්ත ප්‍රමාණයේ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මෙවැනි ව්‍යාපෘතියකින් ජනතාවටත් දේශපාලකයින්ටත් වාසි රැසක් අත්වෙනවා. වාහන පර්මිට් ටික නැති කළා නම් එතනත් කෝටි ගණනක්. අපේ රටට වෙන ණය ගන්න ඕනෑ නැහැ. මේ සල්ලි ටිකයි මේ අස්වැන්නයි ඇති මිනිස්සුන්ට හොඳට කාලා ඇඳලා ඉන්න. (නි)