මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු ජනපතිවරු වෙනුවෙන් උදාගම් ඉදිකරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද පැවසීය.
උදාගම් නිර්මාතෘවරයා වූයේ ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාය. ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමග ගම් උදා සංකල්පය යටපත් විය.
රට දැය වෙනුවෙන් ඉතිහාසය පුරා පරදේශක්කාර අධිරාජවාදී අභීයෝග ජයගැනීමට රටේ ස්වාධිපත්‍යය ස්වාධීනත්වය වෙනුවෙන් කැප කිරීම් කළ ජාතික නායකයන්ගේ නාමයන් තව දුරටත් ශක්තිමත් කිරීමට උදාගම්මාන ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ අපිට මතකයි. උදාගමට ගෙවල් 6යි 7යි. විවෘත කරන්න තියන උත්සවයට තව ගෙවල් 100ක් හදන්න පුළුවන් (බ)
රාජපක්ෂ මහත්තයාගේ නමට ගමක් හදල මදි, එයා එහි පදිංචි කරන්න, කාටවත් කරදරයක් කරන්නේ නැතුව පාඩුවේ, බන බවනාවක් කරගෙන නිසංසලේ ඉන්න කියල (බ)
හොද අදහසක් පාට පක්ෂ ඕනෙම නෑහෑ වෑඩක් කරන්න. (ර)
දේශපාලන කුහක කම් අතහැර ඔබ යන ගමනට අප ප්‍රණාමය. (ර)
ඔය උදාගමට "මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර උදාගම" කියලා නම තියමු (නි)
දින සියයේ රජය තුලදී නිවාස 50,000ක් සාදන බව කල ප්‍රකාශයක් මාධ්‍ය මගින් ඇසුවත් දුටුවත් එය කෙරුනේ නැහැනේ. 'ව්‍යාපෘතියේ නිවාස සංඛ්‍යාව' නාම පුවරුවට පමණක් සිමා නොකොට එය යථාර්තයක් කර ගැන්මට, ඔබවත් අදිටන් කර ගන්න. (ර)
අනේ හොදයි මොකද එයාගේ නම කොහෙවත් නැනේ මතක හිටින්නත් එක්ක උදා ගමක් නම් කරන එක හොදයි .... (හේ)
වයිරයෙන් තොර දේශපාලන ගමනක් යන ඔබට සුබ පැතුම් ! (ර)
උදා ගම එපා ඒවා හැමෝගෙම සල්ලි. දීර්ඝ කාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කරල මිනිස්සුන්ට රැකියා අවස්ථා උදා කරලා ජන ජීවිතය සුරක්ෂිත කරන්න\(හේ)
නිවාස යෝජනා ක්‍රමයට නමක් යෝජනා කරන්න. (හේ)
යෝජනාව නම් හොඳයි.(හේ)
කවුරුවත් එතුමා නමින් උදාගම් නැහැදුවට කමක් නෑ. ජන හදවත්තුල එතුමාගේ උදාගම් ජනතාව හදාගෙන ඉවරයි. (අ)
පරණ දේම,පසුගිය වැරදීම කියා කියා ඉන්නේ නැතිව, වැඩක් කරලා පෙන්නනවද (හේ)
දැන් මේ දේවල් විතරයි අඩු.(හේ)
බොරු වැඩක්.(හේ)
දින 100ක් තුල නිවාස 50,000ක් හදා ජනතාවට ලබාදුන් මෙතුමාට අවුරුදු 5ක් තුල මොනවා කරන්න බැරිද නේද? (හේ)
මිනිස්සුන්ට නිකන් දෙන්න එපා දියුණු වෙන්න , ඉලක්ක වලට යන්න ඉඩ ප්‍රස්ථාව හදලා දෙන්න (හේ)
ගමකට ලස්සන ගමක නමක් දාන්න. කාගෙවත් නම් ඕනෑ නැහැ. දේශපාලන ගුණ්ඩු වලට තාමත් අපි ප්‍රතිචර දදා ඉන්නවා. ඕවත් අපේ සල්ලි වලින් හදන්නේ. අපේ නමක් දාන්නකෝ. (නි)
එතුමාගේ නමට දැන් තියෙන දේවල් මදිද? ඒ හොඳටම ඇති අපිට නම් (නි)
පළවෙනි උදා ගම්මානය හැදූ කාලය ගැනත් මට තවම මතකයි (නි)
එන්ගන්තෙ එන්ගන්තෙ... ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
ලංකාවේ හැමතැනම බණ්ඩාරනායක, රාජපක්ෂ පාරවල්, ගොඩනැගිලි තමයි තියෙන්නේ. මහජන මුදලින් හදලා මේගොල්ලන්ගේ නම් දාගන්නවා. නිදහසිස්න් පසු අවුරුදු හැට ගණනක් පාලනය කරලා එකම තැනක්වත් ලස්සනට පිළිවෙලට හදාගන්න බැරිවුණා. තාම පිළිවෙලට තියෙන්නේ රජ කාලේ හෝ සුද්දගේ කාලේ කරපුවා (නි)
අපේ පැත්තෙත් තියනවා එ කාලේ හදපු උදාගමක්. නමුත් එය කිසිදු සැළැස්මක් නැතුව හැදුවේ. ඉතා ලස්සනට තිබුණු කොළ පාට පරිසරය විනාශ වුණා. ඒ ළඟින් ගැලුව පිරිසිදු වතුර තිබු, මගේ ළමා කාලයේ සතුටින් දියබුං ගැසූ ඇල දිහා දැන් බලන්න දුකයි. පාක්ෂිකයන්ට පමණක් ඉඩම් දුන් නිසා තරහ වැපුරුනා. කසිප්පු තිප්පොල කිහිපයක් බිහිවුණා. තාම හවසට හෝරි ඇහෙනවා හැමතැනම. උදේට හවසට මා අසන්න ආදරය කළ, ආදරය කරන කුරුල්ලන්ගේ හඬ ඇහෙන්නේ නැහැ. මිනිසුන් එක තැනක පදිංචි කිරීමේදී ආර්ථික පමණක් නොව සමාජ, සංස්කෘතික සහ පරිසර සාධක බැලීම අත්‍යවශ්‍යයි. (නි)
ඔබතුමා අනෙක් දේශපාලකයන්ටත් ආදර්ශයක් (නි)