විජය කුමාරතුංග 28 වැනි ගුණානුස්මරණය අද (16) කටුනායක, සීදුව 18 කණුව විජය කුමාරතුංග සමාධිය අසල දී පැවැත්විණි.
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ජීවන් කුමාරතුංග හා කාලෝ ෆොන්සේකා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානයෙන් සමාධියට පුෂ්පෝපාහාර දැක්වීමක් සිදුකැරිණි.
මහින්ද රාජපක්ෂ මහතාද සිය පාක්ෂිකයන් සමග කොළඹ දී විජය කුමාරතුංග ගුණ සැමරුමක් සංවිධානය කිරීම පිළිබඳව එහිදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී විජය වැනි මානව හිතවාදියකු සමරන මහින්ද රාජපක්ෂ මානව හිතවාදී කියන වචනයවත් නොදන්නා බවයි. ඒ කාලයේ මහින්ද විජය සමග පුළුවන් තරම් රණ්ඩුවූ බවත් ඇය කීවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමා සමරුවේ විජයගේ ප්‍රතිපත්ති. එහෙම වෙන්න බැරිද.? (ර)
ඔහුට බැරිවුනාට අනුර කුමාරට පුළුවන් නේද.? (ර)
කියලා තියෙන කතාවනම් සම්පූර්ණ ඇත්ත. (ර)
එදා විජය ඝාතනය වනවිට රට පාලනය කළේ එ. ජා. ප. ය. චෝදනාව එල්ලවුණේ ජ.වි.පෙ. ට. දැන් චන්ද්‍රිකා මැතිනියට පුලුවන් එ.ජා.ප. ය සහ ජ.වි.පෙ. සමඟ එකතුවෙලාම විජය සමරන්න. (නි)
වෛරය තේරුමක් නැති දෙයක් (නි)
එතුමාගේ මානවහිතවාදී බවත්, මෙතුමියගේ මානවහිතවාදී බවත් අපි බොහොම හොඳට හඳුනනවා (නි)
මේවට ඉතින් හිනාවෙලා නිකන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
ඇයි හැම එකටම මහින්දයටම බනින්නේ... (ර)
මේවා දැකලා මටම හිනා. (ර)
අනේ මන්දා මේ කතා! (නි)
පුදුම වෛරයක්නේ තියෙන්නේ (නි)
ඒ කාලේ සැමරුවේ නැතිවුණාට දැන් මහින්ද ඕනෑ සැමරුමකට යනවා (නි)
සනත් ගුණතිලක, විජය කුමාරතුංග හොඳ නළුවෝ. (නි)
තමන්ගේ පරපුර ඉදිරියට යාම වැළකූ එකේ තරහ නොවේද මෙසේ පිටවෙන්නේ? (නි)
මේ මොන මානව හිතවාදයක්ද? අලුත් නිර්වචනයක්ද? විජයටයි මහින්දටයි කලින් මෙයා මානව හිතවාදී වුනානම් නම් නේද හොඳ. (බ)
මහින්ද මහතාට මේ දවස් වල ඔක්කොම බනිනවා. ඒක වැරදි වැඩක්. මුල අමතක කරලා ඔක්කොම. (නි)
තාත්තා හොද වැඩ කළානම් දරුවෝ හිරේ විලංගුවේ වැටේද ?බැනුම් අහල ඉන්නවා ඇති මහින්ද හිරේ නොගිහින් (බ)
එතකොට කාටද සමරන්න පුලුවන්? (නි)
විජය මානව දයාව සිත තුළ උපරිමයෙන් තිබුණ කෙනෙක්. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)
මම බලාපොරොත්තු වුණ කෙනෙක් මෙතන නැහැනේ (නි)
කෝ විජයගේ පුතා අපේ ආදරණිය විජය ඔබේ ආදරණිය තාත්තා දැන් හරි කාලය ඉදිරියට ඇවිත් විජයගේ නම ගෙනියන්න නිවන්සුව සදාදරණිය විජය කුමරතුන්ගයාණනි ඔබට (බ)
විජය ව මරවපු අය සමග එකතුවෙලා එතනත් මහින්දට බනින එකම තමයි නහී වේරේන වේරානී...(බ)
වර්ගවාදීන්ට විජය සමරන්න කොහෙත්ම අයිතියක් නැහැ. (ර)
විජය අහවල් දේ කළාටද සමරන්නේ? මට තේරෙන්නේ නැහැ. චන්දන අපට විජය සමරන්න ඕනෙකමකුත් නැහැ. (බ)
අපෝ එහෙම බැලුවොත් ඔය කාටවත් විජේ සමරන්න බැහැ කරන වැඩ වලට. (ර)
විජය හිටියානම් වෝර්ටර්ස් එජ් හොරකම කරන්නෙත් නැහැ. (බ)